The Leader News
BREAKING
Top Ad
Biz

සිංගප්පූරු ගුවන් සේවය, ගුවන් ගමන් වාර වැඩි කරයි

T

The Leader Desk

January 6, 2026 • 12:21 PM

සිංගප්පූරු ගුවන් සේවය, ගුවන් ගමන් වාර වැඩි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සේවා ආරම්භ කර 2026 වසර වනවිට වසර 52 ක් වේ.
  • මේ වනතෙක් සතියේ දින හතේම දිනපතා සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට රාත්‍රී 11.30 ට නවීනතම බෝයිං - 787 - 10 ඩ්‍රීම් ලයිනර් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
  • එහෙත් මීට අමතරව අද (6) සිට සතියේ සෑම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින 03 තුළ ද උදෑසන 10.45 ට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඒ.- 350 - 900 විශාලතම මගී ගුවන් යානයක් සේවයේ යොදවා තිබේ .
  • ඉන්පසුව එම ගුවන් යානය පස්වරු 12.45 ට ගුවන් මගීන් 276 ක් , ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 14 ක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගියේය .
අකුරු ප්‍රමාණය (Font Size):


මේ හේතුවෙන් සිංගප්පූරු ගුවන් සේවය අද (06) සිට සතියකට දින 03 ක්, දහවල් කාළයේත් තවත් එක් ගුවන් ගමන් වාරයක් ද ආරම්භ කළ බව සිංගප්පූරු ගුවන් සේවයේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ සඳහන් කළේය.

මේ වනතෙක් සතියේ දින හතේම දිනපතා සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට රාත්‍රී 11.30 ට නවීනතම බෝයිං - 787 - 10 ඩ්‍රීම් ලයිනර් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත් මීට අමතරව අද (6) සිට සතියේ සෑම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින 03 තුළ ද උදෑසන 10.45 ට සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඒ.- 350 - 900 විශාලතම මගී ගුවන් යානයක් සේවයේ යොදවා තිබේ .

ඒ අනුව දහවල් කාළයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය ලෙස සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 463 දරන ගුවන් යානය අද දින උදෑසන 10.45 ට ගුවන් මගීන් 210 ක්, ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 12 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඉන්පසුව එම ගුවන් යානය පස්වරු 12.45 ට ගුවන් මගීන් 276 ක් , ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සහ ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 14 ක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගියේය .

මෙම සිංගප්පූරු ගුවන් සේවය එළඹෙන මැයි මාසයේ සිට සතියේ දින හතේම , දිනපතා ගුවන් යානා දෙක බැගින් දහවල් සහ රාත්‍රී කාළයේ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

(nethnews | ටී.කේ.ජී.කපිල)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...