The Leader News
BREAKING
Top Ad
Biz

මැණික් ආනයන බදු ක්‍රමය ලිහිල් කෙරේ !

T

The Leader Desk

January 19, 2026 • 11:12 AM

මැණික් ආනයන බදු ක්‍රමය ලිහිල් කෙරේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය පවසයි.
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස් දක්වමින් එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙය මැණික් ආනයනකරුවන්ට විශාල සහනයක් වනු ඇති බවය.
  • පිටරටින් ගේන අනගි මැණික් ඒ කියන්නේ රූබීස්, ශපායා, එමරල් වගේ කාණ්ඩයේ මැණික් අපි ගේනකොට කිලෝඑකක වටිනාකම අපි ඇසිටිමේට් කරනවා ඩොලර් 900ක් විතර..
  • ඒ ඩොලර් 900ට තමා වැට් එක හැදෙන්නේ..
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ ක්ෂේත්‍රයේ පිරිස් සඳහා සහන ලබා දීමේ අරමුණින් හා මැණික් අපනයන කර්මාන්තයෙන් ඉලක්ක ගත ඩොලර් බිලියන 01ක වාර්ෂික ආදායම සපුරා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එම අධිකාරය සඳහන් කර සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදහස් දක්වමින් එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙය මැණික් ආනයනකරුවන්ට විශාල සහනයක් වනු ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්.පී චමින්ද,
''මැණික් ආනයනය කිරීමේ දී පනවනු ලබන වැට් එක අපි කැල්කියුලේට් කරන ක්‍රමය වෙනස් කරලා ආනයනය කරන පුද්ගලයින්ට එදාට වඩා ලොකු සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.

 අපේ අලුත් ප්‍රපෝසල් එක අනුව ගෙන එන එක පාර්සල් එකකට නිශ්චිත අගයක් අපි ලබා දෙනවා. පිටරටින් ගේන අනගි මැණික් ඒ කියන්නේ රූබීස්, ශපායා, එමරල් වගේ කාණ්ඩයේ මැණික් අපි ගේනකොට කිලෝඑකක වටිනාකම අපි ඇසිටිමේට් කරනවා ඩොලර් 900ක් විතර.. ඒ ඩොලර් 900ට තමා වැට් එක හැදෙන්නේ.. ඩොලර් 200 කියන කස්ටම් චාර්ජ් එකත් අපි මේ ක්‍රමයෙන් ඉවත් කරලා තියෙනවා.''

| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැණික් ආනයන බදු ක්‍රමය ලිහිල් කෙරේ ! | The Leader