The Leader News
BREAKING
Top Ad
Biz

යූනියන් බැංකුවේ හොරණ ශාඛාව නවීන පහසුකම් සමඟින් අලුත් වෙයි: පාරිභෝගිකයන්ට ‘ප්‍රිමියම්’ අත්දැකීමක්

T

The Leader Desk

January 28, 2026 • 6:44 AM

යූනියන් බැංකුවේ හොරණ ශාඛාව නවීන පහසුකම් සමඟින් අලුත් වෙයි: පාරිභෝගිකයන්ට ‘ප්‍රිමියම්’ අත්දැකීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ සිය තරගකාරී ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, යූනියන් බැංකුව (Union Bank of Colombo) සිය හොරණ ශාඛාව අංක 99A1/A, සෝමානන්ද මාවත යන ස්ථානයේ පිහිටි වඩාත් ඉඩකඩ සහිත නවීන පරිශ්‍රයක විවෘත කිරීමට පියවර ගෙන ඇත.
  • සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ප්‍රධාන විධායක නිලධාරී රොද්‍රිගෝ ගේ උපායමාර්ගික නායකත්වය යටතේ යූනියන් බැංකුව මේ වන විට සිය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරමින් සහ නව්‍ය බැංකු නිෂ්පාදන හඳුන්වා දෙමින් වේගවත් වර්ධන මාවතක ගමන් කරමින් සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
උසස් පාරිභෝගික සේවාවක් සැපයීමට සහ සිය සේවා ජාලය පුළුල් කිරීමට බැංකුව දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් ස්ථාපනය කර ඇති මෙම නව ශාඛාව, බස්නාහිර පළාතේ ප්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානයක් වන හොරණ ප්‍රදේශයේ බැංකු පාරිභෝගිකයින්ගේ නවීන අවශ්‍යතාවලට සරිලන පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

එහි ‘Elite Circle’ සාමාජිකයින් සඳහා වෙන් වූ පෞද්ගලික බැංකුකරණ පහසුකම් (Private Banking), වෘත්තීය මට්ටමේ රැස්වීම් සහ සම්මන්ත්‍රණ ශාලා මෙන්ම පුළුල් රථගාල් පහසුකම් ද ඇතුළත් කරමින් පාරිභෝගිකයාට ඉහළ අත්දැකීමක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇත.

ප්‍රවීණ බැංකු වෘත්තිකයෙකු වන අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දිල්ෂාන් රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගිකයින්, කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර මෙය බැංකුව අනුගමනය කරන පාරිභෝගික අභිලාෂයන්ට ප්‍රමුඛතාව දීමේ ප්‍රතිපත්තිය නිදහ දක්වන්නක් ලෙස හැඳින්විය හැකිය. සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ප්‍රධාන විධායක නිලධාරී රොද්‍රිගෝ ගේ උපායමාර්ගික නායකත්වය යටතේ යූනියන් බැංකුව මේ වන විට සිය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරමින් සහ නව්‍ය බැංකු නිෂ්පාදන හඳුන්වා දෙමින් වේගවත් වර්ධන මාවතක ගමන් කරමින් සිටියි.

වර්තමාන තරගකාරී බැංකු ක්ෂේත්‍රය තුළ විවිධ පාරිභෝගික කාණ්ඩ සඳහා සකස් කරන ලද සුවිශේෂී සේවාවන් ඔස්සේ වෙළඳපල ජයගැනීමට මෙම නායකත්ව හවුල්කාරිත්වය බැංකුව මෙහෙයවන අතර, හොරණ ශාඛාව මෙලෙස නවීකරණය කිරීම හරහා සාම්ප්‍රදායික බැංකු සේවාවන්ගෙන් ඔබ්බට ගොස් පෞද්ගලික සබඳතා කළමනාකරණය සහ නවීන යටිතල පහසුකම් මුසු වූ ‘ප්‍රිමියම්’ සේවා අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ. 
 
වාණිජ බැංකු අතර වෙළඳපල කොටස සඳහා පවතින තරගකාරීත්වය තීව්‍ර වෙමින් පවතින පසුබිමක, යූනියන් බැංකුව සිය භෞතික සේවා ජාලය සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් සිදුකරන මෙම ආයෝජනයන්, ‘සබඳතා මත පදනම් වූ බැංකුකරණය’ (Relationship Banking) කෙරෙහි කළමනාකාරීත්වය තබා ඇති විශ්වාසය මනාව තහවුරු කරයි.
UB 1
UB 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...