The Leader News
BREAKING
Top Ad
Biz

කජු කර්මාන්තය අර්බුදයක!

T

The Leader Desk

January 29, 2026 • 4:03 AM

කජු කර්මාන්තය අර්බුදයක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.
  • නමුත් වර්තමාන ජාතික ජන බලවේග රජය යටතේ ආනයනය සදහා තෙවරක් බලපත්‍ර නිකුත් කළත්  ආනයනය සදහා ලබා දුන් කෙටි කාලය තුළදී කජු නිෂ්පාදකයන්ට කජු ආනයනය කිරීමට නොහැකි වී ඇත.
  • ශ්‍රී ලංකාවට ලෙලි කජු ගෙන්වීම නැවැත්වීමෙන් විශාල පිරිසක් අතරමං වී ඇත.
  • ලෙලි කජු ආනයනය ඇනහිටීම නිසා එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු විශාල පිරිසක් රැකියා අහිමිවීමේ අනතුරකට මුහුණපා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එළඹෙන මැයි ජූනි මාසවල සිට ආරම්භ වන ශ්‍රී ලංකාවේ කජු අස්වනු ලැබීමේ කාලසීමාව එළඹෙන තෙක් රට තුල ලෙලි කජුවල විශාල හිඟයක් පවතින බව ශ්‍රී ලංකා කජු නිෂ්පාදකයින්ගේ සංගමය මාධ්‍ය වෙත පෙන්වා දී ඇත.

පසුගිය රජයන් යටතේ ලෙලිකජු ආනයනය සඳහා බලපත්‍ර ලබා දුන්නේ වර්ෂය ආරම්භයේ ජනවාරි මාසයේදී වන අතර සිංහල අලුත් අවුරුද්දට පෙර ආනයනික ලෙලි කජු දේශීය කර්මාන්තශාලා වලට ලැබුනි.

නමුත් වර්තමාන ජාතික ජන බලවේග රජය යටතේ ආනයනය සදහා තෙවරක් බලපත්‍ර නිකුත් කළත්  ආනයනය සදහා ලබා දුන් කෙටි කාලය තුළදී කජු නිෂ්පාදකයන්ට කජු ආනයනය කිරීමට නොහැකි වී ඇත.

අවසානයේදී පසුගිය සැප්තැම්බර් මාසයේ කජු ආනයනය සඳහා බලපත්‍ර ලබා දුන්නත් ඒ වනවිට ලෝකයේ කිසිදු රටක කජු තොග නොතිබුණු අතර තම සාමාජිකයන් ඉන්දියාව ඇතුලු විවිධ රටවලින් කජු තොග ආනයනය කර සුළු වශයෙන් හෝ වෙළඳපළට කජු සැපයීමට උත්සාහ කල බව සමස්ත ලංකා කජු සංගමයේ සාමාජික මහතකු අප වෙත පවසා සිටියේය.

2025 වර්ෂය සඳහා කජු ආනයනය සඳහා බලපත්‍ර නිකුත්කිරීමට සැප්තැම්බර් මාසය දක්වා කල් මැරීමත් ශ්‍රී ලංකාවේ කජු තොග වෙළඳපළට ලැබෙන්නේ මැයි ජූනි මාස වලදී බැවින් මැයි මාසය දක්වා දේශීය වෙළඳපළේ දැඩි කජු හිගයක් ඇතිවිය හැකි බව වෙළඳපල විශ්ලේෂකයන් වැවිලි කර්මාන්ත ඇමතිවරයාට පෙන්වාදී ඇති බව අප වෙත වාර්තා වෙයි. ශ්‍රී ලංකාවට ලෙලි කජු ගෙන්වීම නැවැත්වීමෙන් විශාල පිරිසක් අතරමං වී ඇත.


කජු කිලෝවක මිලත් ඉහළටම යන ලකුණු ?

ලෙලි කජු ආනයනය ඇනහිටීම නිසා එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු විශාල පිරිසක් රැකියා අහිමිවීමේ අනතුරකට මුහුණපා ඇත. මෙරට කජු නිෂ්පාදනය ප්‍රමාණවත් නොමැති නිසා ටැන්සානියාව, ගානාව ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට කජු ආනයනය කර තිබේ.

ඒවා පියලි කිරීම මෙරටදී සිදු කෙරෙන අතර එය තම ජීවනෝපාය කරගත්ත දහස් සංඛ්‍යාත පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටිති.

කජු සඳහා මෙරට මෙන්ම විදේශික සංචාරකයින් අතර ඉල්ලුමක් පැවතියද එම ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම නිසා මේ වන විට එම ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක් උද්ගතවී තිබේ. මේ රටට පැමිණෙන විදේශිකයන් බහුතරයක් ඔවුන්ගේ ප්‍රියතම ආහාරයක් බවට කජු පත් කරගෙන ඇත. එසේම දේශීය වශයෙන් නිෂ්පාදනය කරන විවිධ ආහාර වර්ග සඳහා සේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත්‍රවල කජු ජනප්‍රිය ආහාරයක් බවට පත්ව තිබේ.

සංචාරකයන් බහුලව මෙරටට පැමිණෙන කාල වලදී මෙන්ම උත්සව සමයේදීද කජු සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස ඉහළ යන බව කජු වෙළඳාම ජීවන වෘත්තිය කරගත් පිරිස් පවසති. නමුත් අවාසනාවකට මෙන් පහුගිය වසර  තුළ කජු ආනයනය ප්‍රමාණවත් පරිදි සිදු නොවූ නිසා අප්‍රේල් උත්සව සමය වන විට කජු හිඟයක් රට තුළ ඇතිවිය හැකි බව එම ක්ෂේත්‍රයේ නියුතු වෙළදුන් පෙන්වා දෙයි.

මෙරට කජු හිඟයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පසුගිය කාලය තුළ කජු ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාගත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමාණවත් පරිදි කජු ආනයනය නොකිරීම නිසා බව ද හෙළි වී තිබේ.

කජු ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය දෙසැම්බර් 31 වන විට අවසන් වී තිබිණි.

අවසන් මොහොතේ හෝ ලෙලි කජු ආනයනය කිරීමට අමාත්‍යාංශය කටයුතු කිරීම ඉතා යහපත් පියවරක් වූ අතර එසේ කිරීම නිසා රටේ පවතින කජු හිඟය යම්තාක් දුරට සමනය කර ගැනීමට හැකිවී තිබේ.

මේ සම්බන්ධයෙන් කජු ආනයනය කරන බලපත්‍ර ලාභීන් ප්‍රකාශ කරන්නේ පසුගිය කාලය තුළ රට මුහුණ පෑ විවිධ විපත් හේතුවෙන් ආනයන කටයුතු නිසි ලෙස කිරීමට නොහැකි වූ බවයි.

" කජු ආනයනය කිරීම සඳහා අපට බලපත්‍ර ලබා දී තිබුණත් ස්වාභාවික විපත් සහ වෙනත් ගැටලු කිහිපයක් හේතුවෙන් ආනයන කටයුතු නිසි ලෙස ඉටුකර දීමට අපට නොහැකි වුණා. අපට ලබාදී ඇති බලපත්‍ර දෙසැම්බර් මාසේ 31 වැනි දිනෙන් අවසන් වුනා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අඩුම වශයෙන් අපේ බලපත්‍රවල කාලය ලබන පෙබරවාරි, මාර්තු මාස දෙක තුනක් හෝ දීර්ඝ කරදෙන ලෙසයි. අමාත්‍යාංශයට පුලුවන් එක අමාත්‍යාංශ පත්ත්‍රිකාවකින් මෙම කාලසීමාව මාර්තු මාසය දක්වා දීර්ග කරන්න . එහෙම වුනොත් අප්‍රෙල් උත්සව සමය වන විට කජු ප්‍රමාණවත් පරිදි ආනයනය කිරීමට හැකි වෙනවා සේම හා කජු මිල පහත වැටීම සිදුවෙනවා." යැයි අප කළ විමසුමකදී ආනයනකරුවෝ කිහිප දෙනෙක් පැවසූහ.

ආනයනය කිරීම සඳහා කජු පියළි කිරීම ජීවනෝපාය කරගත් පිරිස් ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, ඉරාවූර් හලාවත වැනි ප්‍රදේශවල බහුල වශයෙන් ජීවත් වන අතර ඔවුන් පවසන්නේ මෑතක සිට තම ජීවන වෘත්තිය දැඩි අනතුරකට පත්ව ඇති බවයි.

" අපි වසර ගණනාවක් තිස්සේ කජු පියළි කිරීම රැකියාව මෙන්ම අපේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කරගෙන ජීවත් වුණා. එහෙත් පසුගිය කාලය තුළ කජු නොලැබීම නිසා අපේ රැකියා අහිමිවී දැඩි ආර්ථික අර්බුදවලට මුහුණපා සිටිනවා. කජු පියලි කිරීම සඳහා බැංකු වලින් නය ලබාගෙන මැෂින් මිලදී ගත්තා. අද ඒ මැෂින් පාවිච්චි නොකර පැත්තකට දමා තිබෙනවා. ගෙවීමේ පදනම යටතේ එම මැෂින් ලබා ගත්තත් අද ඒවට ගෙවන්න විදිහක් නැහැ. අපි පත්ව සිටින තත්ත්වය ගැන බලන්න කවුරුත් ඇත්තේ නැහැ. මේ නිසා ගරු ජනාධිපතිතුමාගෙන් මෙන්ම ආණ්ඩුවෙන් සහ මෙරටට කජු ගෙන්වන මහත්වරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපේ ජීවන වෘත්තිය ආරක්‍ෂා කර දෙන ලෙසයි.

වසර ගණනාවක් තිස්සේ කරගෙන එන මේ රැකියාව අහිමි වුනොත් අපේ දූ දරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමටවත් දරු පවුල් නඩත්තු කිරීමටවත් වෙනත් මාර්ගයක් නැහැ.  ඒ නිසා අප මුහුණපා ඇති මේ ගැටලු විසඳා දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු සියලු පාර්ෂවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පිරිස පවසා සිටිනවා.

(සටහන | විශේෂ ලියුම්කරුවකු විසිනි)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කජු කර්මාන්තය අර්බුදයක! | The Leader