The Leader News
BREAKING
Top Ad
Biz

හේලීස් මොබිලිටි වෙතින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට සුඛෝපභෝගී විප්ලවයක්: ඔමෝඩා සහ ජේකූ රථ වාහන මෙරට මාවත්වලට

T

The Leader Desk

January 29, 2026 • 5:00 AM

හේලීස් මොබිලිටි වෙතින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට සුඛෝපභෝගී විප්ලවයක්: ඔමෝඩා සහ ජේකූ රථ වාහන මෙරට මාවත්වලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ තුළ වසර කිහිපයක සිට පැවති නිහඬ බව බිඳ දමමින්, අනාගතවාදී ප්‍රවාහන විසඳුම් සඳහා වන නව යුගයක් පසුගියදා උදා විය.
  • වර්තමානයේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයා පරිසර හිතකාමී මෙන්ම අධි-තාක්ෂණික විද්‍යුත් වාහන (EV) කෙරෙහි දක්වන උනන්දුව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇත.
  • මෙම අවශ්‍යතාවය මැනවින් හඳුනාගත් හේලීස් මොබිලිටි, චීනයේ අංක එකේ මෝටර් රථ අපනයනකරු වන 'Chery' සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් JAECOO සන්නාමයේ J7 PHEV, J6 සහ OMODA සන්නාමයේ E5 වැනි අතිනවීන මාදිලි රැසක් මෙරටට හඳුන්වා දී ඇත.
  • වර්තමාන මෝටර් රථ වෙළඳපොළ තුළ විද්‍යුත් වාහන සන්නාම රැසක් අතර දැඩි තරඟකාරීත්වයක් පැවතියද, හේලීස් සතුව ඇති සුවිශේෂී වාසිය වන්නේ ඔවුන් සතු දැවැන්ත ව්‍යාපාරික ශක්තිය සහ විශ්වාසනීයත්වයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, වසර 148ක අභිමානවත් උරුමයක් ඇති හේලීස් සමූහයේ (Hayleys PLC) අනුබද්ධිත හේලීස් මොබිලිටි ආයතනය, ලොව ප්‍රමුඛතම ඔමෝඩා සහ ජේකූ (OMODA & JAECOO) සුඛෝපභෝගී රථ වාහන පෙළ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් එළිදැක්වීමත් සමඟය.

වර්තමානයේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයා පරිසර හිතකාමී මෙන්ම අධි-තාක්ෂණික විද්‍යුත් වාහන (EV) කෙරෙහි දක්වන උනන්දුව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇත. ඉන්ධන මත පවතින යැපීම අවම කරමින්, ඉහළ කාර්යසාධනයක් සහ නවීන විලාසිතා ඇසිරි කළ රථයක් හිමිකර ගැනීම නාගරික වෘත්තීයවේදීන්ගේ මෙන්ම ව්‍යාපාරිකයින්ගේද සිහිනයක් වී තිබේ. මෙම අවශ්‍යතාවය මැනවින් හඳුනාගත් හේලීස් මොබිලිටි, චීනයේ අංක එකේ මෝටර් රථ අපනයනකරු වන 'Chery' සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් JAECOO සන්නාමයේ J7 PHEV, J6 සහ OMODA සන්නාමයේ E5 වැනි අතිනවීන මාදිලි රැසක් මෙරටට හඳුන්වා දී ඇත.

වර්තමාන මෝටර් රථ වෙළඳපොළ තුළ විද්‍යුත් වාහන සන්නාම රැසක් අතර දැඩි තරඟකාරීත්වයක් පැවතියද, හේලීස් සතුව ඇති සුවිශේෂී වාසිය වන්නේ ඔවුන් සතු දැවැන්ත ව්‍යාපාරික ශක්තිය සහ විශ්වාසනීයත්වයයි. හුදෙක් වාහනයක් අලෙවි කිරීමෙන් ඔබ්බට ගොස්, StarCharge වැනි ගෝලීය සමාගම් සමඟ එක්ව දිවයින පුරා ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් ගොඩනැගීමටත්, නිෂ්පාදකයාගේ සෘජු සහාය සහිතව අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සැපයීමටත් හේලීස් සමූහය සතු හැකියාව අනෙකුත් තරඟකරුවන්ට වඩා ඔවුන්ව ඉදිරියෙන් තබයි.

හේලීස් ෆෙන්ටන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක පවසන්නේ ලෝකයේ දියුණුම රටවල් පිළිගත් මෙම OJ රථ වාහන, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණය කරා යොමු කරවන බවයි.

පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කරමින්, නිෂ්පාදිත රටෙන්ම ගෙන්වූ අමතර කොටස් සහ පැය 24 පුරා ක්‍රියාත්මක සහායක සේවාවන් සමඟින් හේලීස් මොබිලිටි සැබවින්ම ශ්‍රී ලංකාවේ රිය ධාවන අත්දැකීම නව මානයකට ඔසවා තබා ඇතැයි ඔහු පවසයි.

වැඩිදුර තොරතුරු සඳහා 0112 222 222 යන අංකයෙන් හේලීස් මොබිලිටි විශේෂඥ කණ්ඩායම අමතන්න. නැතිනම් Hayleys Mobility හෝ Omoda Jaecoo යන වෙබ් අඩවි වෙත පිවිසෙන්න.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...