The Leader News
BREAKING
Top Ad
Biz

ලෝක රන් මිල ඉහළ යාමත් සමග මෙරට රන් පවුමක් මිල රුපියල් ලක්ෂ හතර පනී

T

The Leader Desk

January 29, 2026 • 9:43 AM

ලෝක රන් මිල ඉහළ යාමත් සමග මෙරට රන් පවුමක් මිල රුපියල් ලක්ෂ හතර පනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක වෙළෙඳ පොළේ රන් මිල අද (29) වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති අතර මෙරට රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගොස් තිබේ.
  • ඒ අනුව රන් අවුන්සයක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 5579ක් දක්වා ඉහළ ගොස් තිබේ.
  • ඇතැම් අවස්ථාවලදී එම මිල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 5600ක් දක්වාද ඉහළ ගොස්  තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
  • ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 5500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව රන් අවුන්සයක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 5579ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇතැම් අවස්ථාවලදී එම මිල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 5600ක් දක්වාද ඉහළ ගොස්  තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙ අද (29) නිකුත් කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 15,000ක් බව සඳහන්ය.

ඒ අනුව "කැරට් 22" රන් පවුමක් මිල රු. 405,000 ක් ලෙස දැක්වුණි.

(සටහන | ජේ.මුණසිංහ)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...