ජනශක්ති සමූහ ව්‍යාපාරයේ (JXG) සමාරම්භකයා වන ප්‍රවීණ ව්‍යවසායක චන්ද්‍රා ෂාෆ්ටර්, එදා රක්ෂණ ක්ෂේත්‍රයට පදනම දැමුවේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුත්, පොදු ජනතාවට සමීප රක්ෂණ සේවාවක් ලබාදීමේ උදාර අරමුණෙනි. දශක ගණනාවක් පුරා විවිධ ආර්ථික හා සමාජීය අභියෝග හමුවේ නොසැලී සිටි ජනශක්ති සමූහය, අද වන විට රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන ක්ෂේත්‍ර පුරා සිය අණසක පතුරුවමින් දේශීය ව්‍යවසායක බලය ලොවටම ප්‍රදර්ශනය කරමින් සිටියි.
Janashakthi Life ප්‍රධාන තනතුරු දෙකක් සඳහා නව පත්වීම්
නාමලී ඒ. සිල්වා ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න ප්‍රධාන ඩිජිටල් නිලධාරී ලෙසත් පත් කෙරේ.
මෙම අභිමානවත් ගමන් මඟෙහි තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජනශක්ති ලයිෆ් (Janashakthi Life) සමාගම සිය විධායක නායකත්ව කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීයවේදීන් දෙපළක් සිය මඩුල්ලට එක් කරගෙන තිබේ. ඒ අනුව, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 36ක අත්දැකීම් බහුල නාමලී ඒ. සිල්වා ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය (CBO) ලෙසත්, ඩිජිටල් බැංකුකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන ශංකර් ධර්මරත්න ප්‍රධාන ඩිජිටල් නිලධාරී (CDO) ලෙසත් පත් කර ඇත.
නාමලී ඒ. සිල්වා මීට පෙර කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැනි ප්‍රමුඛ පෙළේ ආයතන රැසක ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති අතර, ඇය සතු ක්‍රමෝපායික අලෙවිකරණ දැනුම ජනශක්ති සමාගමේ වෙළඳපොළ ආවරණය පුළුල් කිරීමට මහඟු පිටුවහලක් වනු ඇති බවත්, එමෙන්ම, හැටන් නැෂනල් බැංකුවේ සහ ඩයලොග් සමාගමේ ඉහළ තනතුරු දරමින් ජාතික මට්ටමේ ඩිජිටල් ප්‍රතිපත්ති සැකසීමට දායක වූ ශංකර් ධර්මරත්න ගේ පැමිණීම, ජනශක්ති සේවාවන් පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කරමින් පාරිභෝගිකයාට නවීනතම අත්දැකීමක් ලබාදීමට මහෝපකාරී වනු ඇති බවත් ජනශක්ති ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ පවසයි.
මෙම නව පත්වීම් හරහා සමාගමේ වර්ධනය වේගවත් කිරීම සහ රක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ඇති කිරීම සිය අරමුණ බව ඔහු කියා සිටියි.
චන්ද්‍රා ෂාෆ්ටර් විසින් ගොඩනැඟූ ඒ ශක්තිමත් පදනම මත හිඳිමින්, නවීන තාක්ෂණය සහ වෘත්තීය ප්‍රවීණත්වය මුසු කරමින් ජනශක්ති නාමය රක්ෂණ ක්ෂේත්‍රයේ අසමසම උසකට ඔසවා තැබීමට මෙම නව නායකත්වය සූදානම්ව සිටිති.




