The Leader News
BREAKING
Top Ad
Biz

මැද පෙරදිග අර්බුදයෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

T

The Leader Desk

March 9, 2026 • 11:02 AM

මැද පෙරදිග අර්බුදයෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග නිර්මාණය වී ඇති ගැටුම් හේතුවෙන් ආසියානු කලාපයේ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම එම කඩා වැටීමට හේතු වී ඇත.
  • 1987 න් පසු එහි නරකම දෛනික පහත වැටීම වන අතර මෙම බිඳවැටීමට හේතු වූයේ මැදපෙරදිග ගැටුමෙන් තෙල් මිල ඉහළ යාම සහ බැඳුම්කරවල අනපේක්ෂිත වැඩිවීමකි.
  • Nikkei 225 සහ Topix 2026 මාර්තු 9 වන දින පිළිවෙලින් 6.8% සහ 5% කින් පහත වැටුණු අතර, SoftBank Group සහ Tokyo Electron වැනි ප්‍රධාන තාක්ෂණික සහ නිෂ්පාදන ආයතනවල කොටස්වල සැලකිය යුතු පහත වැටිණි.
  • ජපාන රජයේ බැඳුම්කර (JGB) වල හදිසි වැඩිවීමක් සිදු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජපානය

2026 මාර්තු මස ආරම්භය වන විට ජපාන කොටස් වෙළඳපොළ එක් දිනක් තුළ 12.4% කින් පහත වැටී ඇත. 1987 න් පසු එහි නරකම දෛනික පහත වැටීම වන අතර මෙම බිඳවැටීමට හේතු වූයේ මැදපෙරදිග ගැටුමෙන් තෙල් මිල ඉහළ යාම සහ බැඳුම්කරවල අනපේක්ෂිත වැඩිවීමකි.

Nikkei 225 සහ Topix 2026 මාර්තු 9 වන දින පිළිවෙලින් 6.8% සහ 5% කින් පහත වැටුණු අතර, SoftBank Group සහ Tokyo Electron වැනි ප්‍රධාන තාක්ෂණික සහ නිෂ්පාදන ආයතනවල කොටස්වල සැලකිය යුතු පහත වැටිණි.

ජපාන රජයේ බැඳුම්කර (JGB) වල හදිසි වැඩිවීමක් සිදු වී ඇත. ප්‍රධාන විදේශ ණය හිමිකරුවෙකු ලෙස, ජපානයේ වෙළඳපොළ අස්ථාවරත්වය එක්සත් ජනපද පොලී අනුපාත ඉහළ නැංවීමට සහ ගෝලීය ආයෝජනවලට බලපෑම් ඇති කිරීමට සමත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සිංගප්පූරුව

මැදපෙරදිග පුළුල් වන අර්බුදය හේතුවෙන් ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 කට ආසන්න වීමත් සමඟ මාර්තු 9 වන දින සිංගප්පූරු කොටස් මිල සහ රන් මිල පහත වැටුණි. ගෝලීය ගුවන් ගමන් තවමත් අඩාල ව පවතින අතර SATS සහ සිංගප්පූරු ගුවන් සේවයට ද විශාල බලපෑමක් එල්ල වී තිබේ. ගුවන් භාණ්ඩ හැසිරවීම, භූමි සේවා සහ ගුවන් ගමන් ආහාර සැපයීම සිදු කරන SATS හි කටයුතු සියයට 6.3 කින් පහත වැටුණු අතර සිංගප්පූරු ගුවන් සේවයේ මෙහෙයුම් සියයට 3.9 කින් පහත වැටී ඇත.

දකුණු කොරියාව

ඇමරිකා-ඉරාන යුද්ධය මධ්‍යයේ දකුණු කොරියාවේ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ විශාලතම පහත වැටීමකට ලක් ව ඇත. 2001 සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයෙන් ඇති වූ 12.02% ක එක් දින පහත වැටීම ඉක්මවා යමින් KOSPI දර්ශකය 12.06% කින් පහත වැටී තිබේ.

චීනය

චීනයේ කොටස් වෙළෙඳපොළ ද පහත වැටීමට ලක්ව තිබේ. ෂැංහයි සංයුක්ත දර්ශකය 1.6% කින් පහත වැටුණු අතර ෂෙන්සෙන් සංරචක දර්ශකය 2.6% කින් පහත වැටී තිබිණි. උත්සන්න වන මැද පෙරදිග ගැටුම මධ්‍යයේ තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාමත් සමඟ නිර්මාණය වූ උද්ධමනකාරී තත්ත්වය මෙයට බලපා තිබේ.

ඉන්දියාව

2026 මාර්තු 9 වන දින ඉන්දියානු කොටස් වෙලඳපොල ද විශාල කඩාවැටීමකට ලක් ව තිබේ. සෙන්සෙක්ස් ඒකක 2,400 කට ආසන්න ප්‍රමාණයකින් සහ නිෆ්ටි ඒකක 700 කට වඩා පහත වැටුණු අතර, ආයෝජකයින්ට ලක්ෂ ගණනක අලාබයක් සිදුවී ඇත. මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම, බොරතෙල් මිල ඉහළ යාම සහ රුපියල දුර්වල වීම මෙම බිඳවැටීමට හේතු වී ඇත.

ශ්‍රී ලංකාව

අද (9) දින ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ තියුණු ලෙස පහත වැටී ඇතැයි වාර්තා වේ. බටහිර ආසියාවේ යුද්ධය මධ්‍යයේ ගෝලීය තෙල් මිල බැරලයක මිල සියයට 20 කින් ඉහළ යාම එයට බලපා ඇත.

ASPI සියයට 3.28 කින් හෙවත් ඒකක 744.08 කින් පහළ වැටුණු අතර S&P SL20 සියයට 3.38 කින් හෙවත් ඒකක 215.08 කින් පහළ වැටිනි. වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.97 ක් විය.නැව්ගත කිරීම් සඳහා තීරණාත්මක ස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බැවින්, බොරතෙල් බැරලයක් ඩොලර් 110 ඉක්මවා යාමෙන් පසු මෙම තියුණු පහත වැටීම සිදුවී ඇත.

(lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැද පෙරදිග අර්බුදයෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ කඩා වැටේ | The Leader