The Leader News
BREAKING
Top Ad
Biz

මැද පෙරදිග ව්‍යාපාර කොළඹ වරාය නගරයට?

T

The Leader Desk

March 13, 2026 • 5:15 PM

මැද පෙරදිග ව්‍යාපාර කොළඹ වරාය නගරයට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2469/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ
  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතීත්වයෙන් 2026.03.10 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අනුමතිය ලබා දීම සිදුවිය.
  • 2023 ජුනි මස 2 වැනි දින අංංක 2334/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2023 අංක 1 දරන කොළඹ වරාය නගරය (සංවර්ධන පාලන) නියෝග සංශෝධනය කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළ කර ඇත.
  • ඒ අනුව  විදුලි මෙහෙයුම් කටයුතු සඳහා මුල් සැලැස්මේ වෙන්කර තිබූ භූමි ප්‍රමාණයට අමතර කොටසක් එක් කිරීම, වරාය නගරය තුළ ගොඩනැගිලිවල උපරිම උස තීරණය කිරීම ඇතුළු තාක්ෂණික කරුණු මෙහි ඇතුළත් බව නිලධාරීහු සඳහන් කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):

පළ කරන ලද නිවේදන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතීත්වයෙන් 2026.03.10 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අනුමතිය ලබා දීම සිදුවිය.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් වන  නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ චතුරංග අබේසිංහ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, විජේසිරි බස්නායක හා නිමල් පලිහේන ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

2023 ජුනි මස 2 වැනි දින අංංක 2334/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2023 අංක 1 දරන කොළඹ වරාය නගරය (සංවර්ධන පාලන) නියෝග සංශෝධනය කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය පළ කර ඇත. භූමි පරිහරණ ව්‍යාප්තියට අදාළ සංශෝධනයන් මේ යටතේ සිදුකර තිබේ. ඒ අනුව  විදුලි මෙහෙයුම් කටයුතු සඳහා මුල් සැලැස්මේ වෙන්කර තිබූ භූමි ප්‍රමාණයට අමතර කොටසක් එක් කිරීම, වරාය නගරය තුළ ගොඩනැගිලිවල උපරිම උස තීරණය කිරීම ඇතුළු තාක්ෂණික කරුණු මෙහි ඇතුළත් බව නිලධාරීහු සඳහන් කළහ.

ආයෝජකයන්ගෙන් ලැබුණු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් වරාය නගරය තුළ ගොඩනැගිලි සම්බන්ධයෙන් වන රෙගුලාසි ලිහිල් කොට සංශෝධනය කළ බව කොමිෂන් සභා නිලධාරීහු මෙහිදී සඳහන් කළහ. වෙරළ තීරයේ සිට ක්‍රමයෙන් ගොඩනැගිලි උස වැඩි වන ලෙස පවතින සැලසුම ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක වේ.


ආයෝජකයින්ගේ සියලු අනුමැතීන් ලබා ගැනීම ආදී කටයුතු එක් ස්ථානයකින් සිදු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. සිවිල් ගුවන් සේවා අධිකාරය, විදුලි බල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය වැනි අනෙකුත් ආයතන වෙන වෙනම සම්බන්ධීකරණය කිරීම වෙනුවට එක් ස්ථානයකින් (“single window” or “one-stop shop” ) සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරන ලදී.


ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය අතර මනා සම්බන්ධීකරණයේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.  ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සිදුකර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ආයෝජන මණ්ඩලය (BOI) සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව අතර විධිමත් සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කමිටුව නිර්දේශ කළේය.

එසේම රජය වරාය නගරය සඳහා ජලසම්පාදනය ඇතුළු උපයෝගිතා සඳහා රුපියල් බිලියන 9.9 ක් පමණ වියදම් කර ඇති බවත්, ලබන වසර වන විට වියදම් කිරීමට අපේක්ෂිත මුළු පිරිවැය රුපියල් බිලියන 10.5 ක් බවත් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සඳහන් කළහ. පිරිවැය අයකර ගැනීම සඳහා, රජයට අයිති ඉඩම්වලින් ලැබෙන  බදු කුලියෙන් 100%ක්ද CHEC Port City සමාගමට අයත් ඉඩම්වල බදුකුලියෙන් 1%ක්ද ලෙස අයකරගනු ලැබේ.

එසේම මැදපෙරදිග කලාපයේ දැනට පවතින යුධමය වාතාවරණය මෙරට ආ‍යෝජන අවස්ථා වැඩිකිරීමට යොදාගත හැකිබව ද මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව පවතින අවස්ථාව නිවැරදි ලෙස භාවිතා කිරීමට කටයුතු කරමින් සිටින බව වරාය නගරය කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී කරුණු දැක්වූහ.

දේපල සංවර්ධන කටයුතු සිදුකරන මෙරට ආයතන ශ්‍රී ලාංකිකයින් සඳහා වරාය නගරයේ මහල් නිවාස අලෙවි කරන බව දැන්වීම් මගින් ප්‍රචාරය කිරීම පිළිබඳව කාරක සභාවේ අවධානයට ලක්වූ  අතර මෙය වරාය නගරය අපේක්ෂාවන්ට අනුකූලදැයි ප්‍රශ්න කරන ලදී. බලයලත් තැනැත්තන් ලෙස නම්කර නොමැති ශ්‍රී ලාංකික සමාගම් දෙකක් මෙලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන බවත් එම සමාගම් විසින් මූලික ගෙවීමක් සිදුකර ඇති නමුත් වරාය නගරය කොමිෂන් සභාවේ අනුමතිය මෙතෙක් ලබාදී නොමැති බැවින් එලෙස ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම නතර කරන ලෙස (cease and desist) ඔවුන්ට ලිඛිතව දැනුම්දී ඇති බවත් කොමිෂන් සභා සභාපතිවරයා අවධාරණය කළේය.

ඉඩම් බදු කුලිය ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් භාවිතා කළ හැකි වුවද, මුළු ඉදිකිරීම් පිරිවැය විදේශ විනිමය මූලාශ්‍රයකින් සිදුකළ යුතු බවත් ඔහු පැවසීය. ඒ සඳහා විදේශ ණය හෝ විදේශිකයන් සමග සිදුකරන විකුණුම් ගනුදෙනුවක් භාවිත කළ හැකි බව කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. 

විදේශිකයන්ට ඉඩම් පැවරීම සීමා කිරීම සඳහා වන  ‘ඉඩම් (සන්තකය පැවරීම සීමාකිරීම) පනත’ මගින් සීමා කර නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ට රුපියල්වලින් මහල් නිවාස විකිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


(lankadeepa | සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...