The Leader News
BREAKING
Top Ad
Biz

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම යළි ලංකාවට: දේශීය නියෝජිත හේලීස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද?

T

The Leader Desk

March 18, 2026 • 4:48 AM

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම යළි ලංකාවට: දේශීය නියෝජිත හේලීස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළැඹෙන ශීත සෘතුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) ශ්‍රී ලංකාව බලා යළි ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
  • මෙම ගුවන් ගමන් සඳහා වන ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ විය.
  • හේලීස් සමාගම සහ ධම්මික පෙරේරාගේ භූමිකාව බ්‍රිටිෂ් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා (General Sales Agent - GSA) ලෙස කටයුතු කරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස් (Hayleys Aviation) ආයතනයයි.
  • පසුගිය රජයන් සමයේදී මෙන්ම වත්මන් අනුර කුමාර දිසානායක රජය යටතේ ද ධම්මික පෙරේරා සතු දේශපාලනික හා ව්‍යාපාරික බලපෑම්කාරීත්වය විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව 2026 ඔක්තෝබර් 23 දින සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළේ සිට සතියට තුන් වතාවක් මෙරට බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම ගුවන් ගමන් සඳහා වන ටිකට්පත් අලෙවිය ඊයේ (17) සිට ආරම්භ විය.

දැනට මෙරට සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමයි.

හේලීස් සමාගම සහ ධම්මික පෙරේරාගේ භූමිකාව

බ්‍රිටිෂ් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා (General Sales Agent - GSA) ලෙස කටයුතු කරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලීස් (Hayleys Aviation) ආයතනයයි. හේලීස් සමූහය යනු ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කළ සමාගමක් වන අතර එහි බහුතර කොටස් හිමිකාරිත්වය දරන්නේ බහු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ඔහුට අනුබද්ධ සමාගම් විසිනි.

පසුගිය රජයන් සමයේදී මෙන්ම වත්මන් අනුර කුමාර දිසානායක රජය යටතේ ද ධම්මික පෙරේරා සතු දේශපාලනික හා ව්‍යාපාරික බලපෑම්කාරීත්වය විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අර්බුදය

බ්‍රිටිෂ් ගුවන් සේවයේ දේශීය නියෝජිත ආයතනය වන හේලීස් පී.එල්.සී. හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන සරත් ගනේගොඩ, මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති ධුරය ද හොබවයි. ඔහු 2007 වසරේ සිට හේලීස් කළමනාකාරීත්වයේ ප්‍රධාන භූමිකාවන් නියෝජනය කළ අයෙකි.

කෙසේ වෙතත්, සරත් ගනේගොඩ ගේ සභාපතිත්වය යටතේ ද ශ්‍රීලන්කන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබමින් පවතියි. පසුගිය වසරේදී ජාතික ගුවන් සේවය නගාසිටුවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 25ක මුදලක් ලබා දුන් අතර, ඉදිරි මාස කිහිපය තුළද එවැනිම මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට රජයට සිදුවනු ඇතැයි වාර්තා වේ.

 

 

whatsapp 202507155

fuel 1
fuel 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...