The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකන් එයාර් අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යෑමට සැරසේ !

T

The Leader Desk

March 18, 2026 • 10:27 AM

ශ්‍රී ලංකන් එයාර් අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යෑමට සැරසේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන සරත් ගනේගොඩ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මස 30 වැනි දින සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
  • මෙම තත්ත්වය මත නිර්මාණය වන ලැදියාවන් අතර ගැටුම (Conflict of interest) හේතු කොටගෙන අදාළ ඉල්ලා අස්වීම සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග පවසා සිටී.
  • (lankalokaya) සබැඳි පුවතක් : බ්‍රිතාන්‍ය ගුවන් සමාගම යළි ලංකාවට: දේශීය නියෝජිත හේලීස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම තීරණයට හේතු වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේ සිට බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) ප්‍රවේශවීමයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ දේශීය නියෝජිතයා ලෙස හේලීස් ඒවියේෂන් (Hayleys Aviation) සමාගම කටයුතු කරන අතර, සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයි කිහිප දෙනෙක් ද එම ආයතනයට සම්බන්ධ වී සිටිති.

මෙම තත්ත්වය මත නිර්මාණය වන ලැදියාවන් අතර ගැටුම (Conflict of interest) හේතු කොටගෙන අදාළ ඉල්ලා අස්වීම සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග පවසා සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ ගෙන් මේ පිළිබඳව අප විමසා සිටි අතර ඔහුට මේ මොහොතේ ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාදිය නොහැකි බවත්, පසුව සම්බන්ධ කරගන්නා බවත් පවසා සිටියේය.

(lankalokaya)


සබැඳි පුවතක් :

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම යළි ලංකාවට: දේශීය නියෝජිත හේලීස් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද?

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...