The Leader News
BREAKING
Top Ad
Biz

ඇගලුම් කර්මාන්තයත් විශාල අවදානමක !

T

The Leader Desk

March 24, 2026 • 3:58 AM

ඇගලුම් කර්මාන්තයත් විශාල අවදානමක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑතකාලීන ගෝලීය තත්ත්වයන් හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ වෙළෙඳපොළවල් මත යැපීම විශාල අවදානමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු පවසයි.
  • එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කයක් වෙත ළඟා වීමට නම්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව මුහුණුවරක් ගත යුතු බවය.
  • කෙසේ වෙතත් මෙම අරමුණ හුදෙක් පුවත්පත් ශීර්ෂයකට පමණක් සීමා නොවී වඩාත් ප්‍රායෝගික ලෙස ජාතික න්‍යාය පත්‍රයක කොටසක් බවට පත් විය යුතුව ඇත.
  • ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ප්‍රකාශිත අපනයන දත්ත අනුව, 2025 වසර සඳහා රෙදිපිලි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කට මඳක් ඉක්මවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව දැනට සිටින ස්ථානය සහ ඉලක්ක කරන ස්ථානය අතර තවමත් සැලකියයුතු පරතරයක් පවතින බවත්, එම පරතරය පියවීම සඳහා සුලු සහ තාවකාලික විසඳුම්වලට වඩා සැලසුම් සහගත ප්‍රතිපත්තිමය වෙනස්කම් අවශ්‍ය වන බවත් ඔහු පෙන්වාදෙයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කයක් වෙත ළඟා වීමට නම්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නව මුහුණුවරක් ගත යුතු බවය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගුණාත්මකභාවය සහ අනුකූලත්වය යන අංශවල ප්‍රමුඛ වෙළෙඳ නාමයන්ට වටිනා සේවාවක් සැපයිය හැකි බව පෙන්වා දී ඇති බවත්, මෙම කර්මාන්තයේ අනාගතය මෙම කීර්තිනාමය මත පමණක් පිහිටා ගොඩනැගිය නොහැකි බවත් එම නිවේදනයේ දැක්වේ.‍

“ඩොලර් බිලියන 08ක ඉලක්කය වෙත යාම ඉතා වැදගත් වන්නේ එය ඇඟලුම් කර්මාන්තයට පොදු දිශානතියක් ලබා දෙන බැවිනි. කෙසේ වෙතත් මෙම අරමුණ හුදෙක් පුවත්පත් ශීර්ෂයකට පමණක් සීමා නොවී වඩාත් ප්‍රායෝගික ලෙස ජාතික න්‍යාය පත්‍රයක කොටසක් බවට පත් විය යුතුව ඇත. ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ප්‍රකාශිත අපනයන දත්ත අනුව, 2025 වසර සඳහා රෙදිපිලි සහ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කට මඳක් ඉක්මවා තිබේ. ගෝලීය වශයෙන් අභියෝගාත්මක පරිසරයක් තුළ මෙය සාර්ථක ප්‍රතිඵලයක් වුවද, අප දැනට සිටින ස්ථානය සහ අප ඉලක්ක කරන ස්ථානය අතර තවමත් සැලකිය යුතු පරතරයක් පවතින බව ද පෙන්වා දිය හැක.’’ යැයිද නිවේදනයේ සඳහන්ය.

ඇඟලුම් කර්මාන්තය සාම්ප්‍රදායිකව ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මත විශාල ලෙස රඳා පවතින බවත්, මෙම වෙළෙඳපොළ තුන එක්ව ගත් විට ලංකාවේ ඇඟලුම් අපනයන ආදායමෙන් සියයට 85 ක් පමණ කොටසක් නියෝජනය කරන බවත්, එම වෙළෙඳපොළවල්වල පාරිභෝගික ඉල්ලුම දුර්වල වූ විට, තීරුබදු ප්‍රතිපත්ති වෙනස් වූ විට, නීතිමය සහ අනුකූලතා නියාමනයන් දැඩි වූ විට හෝ වෙළඳ නාමයන් තම සැපයුම් රටාවන් වෙනස් කළ විට, එම බලපෑම් අපගේ මුළු කර්මාන්තයම පුරා පැතිර යන බවත් එම නිවේදනයේ දැක්වේ.

ඩොලර් බිලියන 8ක ඇඟලුම් අපනයන ඉලක්කය සපුරා ගැනීමට නම් පවතින වෙළෙඳපොළ තත්ත්වය මත යැපීම ප්‍රමාණවත් නොවන බව අප වටහා ගත යුතු බවත්, මෙතෙක් ලංකාව විසින් ප්‍රවේශ නොවූ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා ශක්තිමත් අපනයන පදනමක් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය විසින් ගොඩනැංවිය යුතුව ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ආසියානු කලාපය, මැදපෙරදිග, අප්‍රිකාව, ආසියාවේ නැගෙනහිර වෙළෙඳපොළ සහ BRICS කලාපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙමින් ඇඟලුම් අපනයන ආදායම පුළුල් කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව දැනී තිබෙන බවද නිවේදනයේ දැක්වේ.


| aruna

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...