The Leader News
BREAKING
Top Ad
Biz

විල්සන් නිල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණේ

T

The Leader Desk

March 25, 2026 • 11:18 AM

විල්සන් නිල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් නාමයක් වන විල්සන්, ආසියාව තුළ සිය අඩිපාර පුළුල් කරමින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් පිවිසින්නේ, දිවයිනේ නව පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත එහි කාර්ය සාධනය, නවෝත්පාදනය සහ ක්‍රීඩා සංස්කෘතිය පිළිබඳ උරුමයද සමඟිනි.
  • 6.00 දක්වා කොළඹ වන් ගෝල්ෆේස් හිදී විශේෂ සැසි දෙකකින් ශ්‍රී ලංකාවේ සිය නිල දියත් කිරීම සැමරීමට නියමිතය.
  • නිල වෙළඳසැල විවෘත කිරීමට පෙර මෙම දියත් කිරීම සිදු කෙරෙන අතර, එහිදී සම්භාවනීය ආරාධිත අමුත්තන්ට විල්සන් නිෂ්පාදන හඳුන්වා දෙනු ඇත.
  • විල්සන් සන්නාමය ශ්‍රී ලංකාවට නිල වශයෙන් පිවිසීම ට්‍රයිඩන්ට් ඩිස්ට්‍රිබියුටර්ස් සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වයක් හරහා සිදු කෙරෙන අතර, සන්නාමයේ දේශීය වෙළඳපල සංවර්ධනයට නායකත්වය ලබාදෙන්නේ යසර් ෆාරුක් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ටෙනිස් ක්‍රීඩාවේ ගැඹුරටම මුල් බැස ගනිමින්, ලොව විශාලතම ක්‍රීඩා වේදිකා කිහිපයකම වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති විල්සන් සන්නාමය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් සනිටුහන් වන්නේ රටේ විකාශනය වන ක්‍රීඩා භූ දර්ශනයට සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාම සඳහා ඇති වර්ධනය වන රුචිකත්වයි.

විල්සන් සන්නාමය මාර්තු 26 වැනි දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා සහ ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ වන් ගෝල්ෆේස් හිදී විශේෂ සැසි දෙකකින් ශ්‍රී ලංකාවේ සිය නිල දියත් කිරීම සැමරීමට නියමිතය. නිල වෙළඳසැල විවෘත කිරීමට පෙර මෙම දියත් කිරීම සිදු කෙරෙන අතර, එහිදී සම්භාවනීය ආරාධිත අමුත්තන්ට විල්සන් නිෂ්පාදන හඳුන්වා දෙනු ඇත.

රැකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛත්වය උසුළන විල්සන් සන්නාමය යටතේ ටෙනිස්, පැඩල්, පිකල්බෝල් සහ පැසිපන්දු යන අංශ ආවරණය කරන නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත අතර, එහිදී ප්‍රුමුඛ කාණ්ඩය ලෙස ටෙනිස් ක්‍රීඩාවට ප්‍රමුඛත්වය ලැබෙන්නේ සන්නාමයේ ගෝලීය උරුමය සහ ක්‍රීඩාවට ඇති දිගුකාලීන සම්බන්ධතාවය පිළිබිඹු කරමිනි.

විල්සන් සන්නාමය ශ්‍රී ලංකාවට නිල වශයෙන් පිවිසීම ට්‍රයිඩන්ට් ඩිස්ට්‍රිබියුටර්ස් සමඟ ඇති කර ගත් හවුල්කාරිත්වයක් හරහා සිදු කෙරෙන අතර, සන්නාමයේ දේශීය වෙළඳපල සංවර්ධනයට නායකත්වය ලබාදෙන්නේ යසර් ෆාරුක් ය.

මෙම දියත් කිරීම හරහා විල්සන් වෙළෙඳ නාමය යටතේ එන ගෝලීය වශයෙන් විශ්වාසදායක ක්‍රීඩා උපකරණ, ඇඟලු‍ම් සහ උපාංග ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, උද්‍යෝගිමත් අයට සහ පුළුල් ක්‍රීඩා ප්‍රජාවට වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලැබෙයි.

“ප්‍රජාවන් දිරිමත් කිරීම, පෙළඹවීම, උසස් කිරීම සහ එක්සත් කිරීමේදී ක්‍රීඩාවට විශාල බලයක් තිබෙනවා. විල්සන් සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන ඒම යනු වෙළඳසැලක් විවෘත කිරීමට වඩා වැඩි දෙයක්. එය සියලු‍ වයස්වල සහ මට්ටම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල සිහින දැකීමට, වඩා වෙහෙස මහන්සි වී ක්‍රීඩා කිරීමට සහ ඔවුන්ගේ සීමාවන් අභිබවා යාමට ආරාධනා කිරීමක්. ශ්‍රී ලංකාවේ වර්ධනය වන ක්‍රීඩා ගමනේ කොටසක් වීමට සහ ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින්ගේ ආශාව පෝෂණය කිරීමට උපකාර කිරීමට හැකියාවක් ලැබීම ගැන අපි සතුටු වෙනවා” යැයි පවසන්නේ ට්‍රයිඩන්ට් ඩිස්ට්‍රිබියුටර්ස් හි යසර් ෆාරුක් ය.

විල්සන් නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ගැන අදහස් දක්වමින් විල්සන් සන්නාමයේ කලාපීය ප්‍රධානී ඩෙසිරී හුවාංග්  පවසන්නේ, “ආසියාව සහ නැගී එන ක්‍රීඩා වෙළඳපොළවල් හරහා විල්සන් නිස්පාදන අත්පත් කරගෙන ඇති අඛණ්ඩ ව්‍යාප්තියේ වැදගත් පියවරක් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. එහිදී අපි පළමු වරට රැකට් ක්‍රීඩා සහ පැසිපන්දු උපකරණ, පාවහන් සහ ඇඟලු‍ම් නිෂ්පාදන දක්වා විහිදුණු සම්පූර්ණ කාණ්ඩයේ, අංශක 360 ක සන්නාම අත්දැකීමක් හඳුන්වා දෙනවා” යනුවෙනි.

“වන් ගෝල්ෆේස් හි අපගේ වෙළෙඳසැළ සැලසුම් කර ඇත්තේ හුදෙක් සිල්ලර අවකාශයක් ලෙස පමණක් නොවෙයි. අප එය සැළසුම් කර ඇත්තේ ස්ථාවර සහ උසස් විල්සන් සන්නාම අත්දැකීමක් ලබා දෙනගමනාන්තයක් ලෙසයි. රැකට් ක්‍රීඩා වෙළඳපොලේ අඛණ්ඩව වේගවත් වන කාලයක, ශ්‍රී ලංකාවේ වර්ධනය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රජාවන් සමඟින් ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු වැඩි දුරටත් පවසයි.

මාධ්‍යවේදීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිර්මාණකරුවන්, හවුල්කරුවන් සහ ක්‍රීඩා ප්‍රජාවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් වන් ගෝල්ෆේස් හිදී පැවැත්වෙන මෙම දියත් කිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකාව තුළ සන්නාමයේ පැවැත්ම පිළිබඳ පළමු දැක්මක් ලැබෙනු ඇත. එහිදී නිෂ්පාදන ප්‍රදර්ශන, සන්නාම අවස්ථා, වෙළඳසැල් හඳුනවා දීම සහ විල්සන්ගේ කාර්ය සාධන ඩීඑන්ඒ සහ සංස්කෘතික අදාළත්වය පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කර ඇති ක්‍රීඩා ප්‍රමුඛ ස්පර්ශක ස්ථාන අමුත්තන්ට අත්විඳිය හැකිය.

ශ්‍රී ලංකාවේ රැකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ, විශේෂයෙන් ටෙනිස්, පැඩල් සහ පිකල්බෝල් කෙරෙහි ඇති උනන්දුව අඛණ්ඩව වර්ධනය වන විට, විල්සන් නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දීම හුදෙක් සිල්ලර දියත් කිරීමකට වඩා වැඩි යමක් සනිටුහන් කරනු ඇත. ඉන් සනිටුහන් කරන්නේ රටේ ක්‍රීඩා ගමනේ කොටසක් වීමේ විශ්වසනීයත්වය, උරුමය සහ අභිලාෂය සහිත ගෝලීය ක්‍රීඩා සන්නාමයක ප්‍රවේශයයි.

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...