The Leader News
BREAKING
කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●එමිරේට්ස් යන ඔබ දැනගත යුතු ඇඳුම් පැළඳුම් සීමාවන්●
Top Ad
Biz

තෙල් මිල පහත වැටී ඇති නමුත් සැබෑ තත්වය මෙම සති අන්තයේ !

T

The Leader Desk

April 18, 2026 • 11:06 AM

තෙල් මිල පහත වැටී ඇති නමුත් සැබෑ තත්වය මෙම සති අන්තයේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන් අප රටට අවශ්‍යය ඉන්ධන මිලදී ගැනීමේදී හෝ ටෙන්ඩර් ප්‍රධානය කිරීමේදී මිල ගනන් මහජනතාව හෝ අවම වශයෙන් පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකරන වාතාවරණයක් යටතේ පරිබාහිර ලෝක වෙලදපලේ මිල ගනන් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම අපගේ අරමුනයි.
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ බලාපොරොත්තු මත මිල පහත හෙලීම නිසා වෙළඳපල මිල පහත වැටුනත් අවසානය එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා මත රැඳී පවතී- නමුත් සාකච්ඡාවල අසාර්ථකත්වය හිඟයක් සහ නව මිල වැඩිවීමක් ඇති කළ හැකිය.
  • තෙල් වෙලඳපොලවල් මෙම සති අන්තයේ එක්සත් ජනපද-ඉරාන සාකච්ඡාවල දෙවන වටය කෙරෙහි ඇති විශ්වාසය මත ස්ථාවර වී ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ දින 45 ක අවහිරය සාකච්ඡාමය වශයෙන් අවසන් කිරීම සඳහා බලාපොරොත්තු ඉහළ යයි.
  • ට්‍රම්ප් විසින් සෙලවෙන ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාමයක් මුද්‍රා තැබීමට සමත් වීමෙන් පසුව, ICE බ්‍රෙන්ට් නැවතත් බැරලයකට ඩොලර් 90 ට වඩා අඩුවෙන් තීරනයවීමෙන් පසුව හෝර්මුස් හරහා සංචරනය විවෘත බව ඉරානයේ නිවේදන තහවුරු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන් අප රටට අවශ්‍යය ඉන්ධන මිලදී ගැනීමේදී හෝ ටෙන්ඩර් ප්‍රධානය කිරීමේදී මිල ගනන් මහජනතාව හෝ අවම වශයෙන් පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකරන වාතාවරණයක් යටතේ පරිබාහිර ලෝක වෙලදපලේ මිල ගනන් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම අපගේ අරමුනයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ බලාපොරොත්තු මත මිල පහත හෙලීම නිසා වෙළඳපල මිල පහත වැටුනත් අවසානය එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා මත රැඳී පවතී- නමුත් සාකච්ඡාවල අසාර්ථකත්වය හිඟයක් සහ නව මිල වැඩිවීමක් ඇති කළ හැකිය.

2026 අප්‍රේල් 17 වන සිකුරාදා.

තෙල් වෙලඳපොලවල් මෙම සති අන්තයේ එක්සත් ජනපද-ඉරාන සාකච්ඡාවල දෙවන වටය කෙරෙහි ඇති විශ්වාසය මත ස්ථාවර වී ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ දින 45 ක අවහිරය සාකච්ඡාමය වශයෙන් අවසන් කිරීම සඳහා බලාපොරොත්තු ඉහළ යයි.

Lebonon 260417

ට්‍රම්ප් විසින් සෙලවෙන ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාමයක් මුද්‍රා තැබීමට සමත් වීමෙන් පසුව, ICE බ්‍රෙන්ට් නැවතත් බැරලයකට ඩොලර් 90 ට වඩා අඩුවෙන් තීරනයවීමෙන් පසුව හෝර්මුස් හරහා සංචරනය විවෘත බව ඉරානයේ නිවේදන තහවුරු කරයි.


ඉස්ලාමාබාද්හි සාකච්ඡා තෙල් සඳහා 'එය කරන්න හෝ බිඳ දමන්න' යන මොහොත වනු ඇත. මන්ද ඕනෑම අසාර්ථකත්වයක් ඉදිරියේදී සිදුවිය හැකි ඉන්ධන හිඟය සහ ඉල්ලුම බිඳවැටීමට හේතුවනවා ඇත.

8496cd60 79ba 41f0 9e96 3c24569d5636
ඇමරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන සටන් විරාම කාලය අවසන් වීමට පෙර ස්ථිර එකඟතාවයකට නොපැමිණියහොත්, ඉරානයට එරෙහිව යළිත් බෝම්බ ප්‍රහාර ආරම්භ කරන බවයි.

අමෙරිකාව හා ඉරානය අතර දැනට පවතින සටන් විරාමය ලබන සතියේ අවසන් වීමට නියමිතය.

එය දීර්ඝ නොකළහොත් යළිත් යුධමය තත්ත්වයක් ඇති විය හැකි බවට ට්‍රම්ප් අනතුරු අඟවා ඇති අතර සාර්ථක ගිවිසුමකට එළඹිය හැකි වනු ඇති බවට ට්‍රම්ප් බලාපොරොත්තු වන බව සඳහන් වෙයි.

ඉරානය යළිත් හෝමූස් වසා දමයි

ඉරානය විසින් අද (18) යළිත් වරක් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබේ.

homuz 260323

ඉරානයේ රාජ්‍ය විකාශන ආයතනයක් වන 'IRIB' නිවේදනය කර ඇත්තේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවය.

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නැව්වලින් ගාස්තු අය කිරීමට ඉරානය දරන උත්සාහයට ට්‍රම්ප් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.


sena suriyapperuma
( සටහන | සේන සූරියප්පෙරුම)
ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...