The Leader News
BREAKING
කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●එමිරේට්ස් යන ඔබ දැනගත යුතු ඇඳුම් පැළඳුම් සීමාවන්●
Top Ad
Biz

වියට්නාම් ජයග්‍රහණ ලංකාවට සරලව පිටපත් කරන්න බෑ : ඒකාබද්ධ ඇඟලුම් සංසදය

T

The Leader Desk

May 15, 2026 • 10:59 AM

වියට්නාම් ජයග්‍රහණ ලංකාවට සරලව පිටපත් කරන්න බෑ : ඒකාබද්ධ ඇඟලුම් සංසදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට නිදහස් වෙලද ගිවිසුම් සඳහා සුදුසු වෙළඳපොළ හඳුනා ගැනීම ඒවායේ ආර්ථික ප්‍රතිලාභ විශ්ලේෂණය කිරීම සහ සාකච්ඡා ක්‍රියාවලිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා එවැනි බලගැන්වූ කණ්ඩායමක් අවශ්‍ය යැයි එම සංසදය අවධාරණය කරයි.
  • තවද එවැනි ගිවිසුම් ඇති කරගත යුත්තේ උපායමාර්ගික ආයෝජන සහ අපනයන අවස්ථා ඇති වෙළඳපොළ සමග යැයිද එම සංසදය කියයි.
  • ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මෙම අදහස් අවධාරණය කර ඇත්තේ 'ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම්: ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්' මැයෙන් ලංකාදීප FT අතිරේකයට යොමුකළ ලිපියකය.
  • ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට වියට්නාමයේ සාර්ථකත්වය සරලව පිටපත් කළ නොහැකි වුවද එයින් ලබාගත හැකි වැදගත් පාඩම් රැසක් ඇතැයි එම සංසදය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවට නිදහස් වෙලද ගිවිසුම් සඳහා සුදුසු වෙළඳපොළ හඳුනා ගැනීම ඒවායේ ආර්ථික ප්‍රතිලාභ විශ්ලේෂණය කිරීම සහ සාකච්ඡා ක්‍රියාවලිය නිරන්තරයෙන් ඉදිරියට ගෙන යාම සඳහා එවැනි බලගැන්වූ කණ්ඩායමක් අවශ්‍ය යැයි එම සංසදය අවධාරණය කරයි.

තවද එවැනි ගිවිසුම් ඇති කරගත යුත්තේ උපායමාර්ගික ආයෝජන සහ අපනයන අවස්ථා ඇති වෙළඳපොළ සමග යැයිද එම සංසදය කියයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මෙම අදහස් අවධාරණය කර ඇත්තේ 'ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම්: ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්' මැයෙන් ලංකාදීප FT අතිරේකයට යොමුකළ ලිපියකය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට වියට්නාමයේ සාර්ථකත්වය සරලව පිටපත් කළ නොහැකි වුවද එයින් ලබාගත හැකි වැදගත් පාඩම් රැසක් ඇතැයි එම සංසදය පවසයි.

නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා වෙළඳපොළ ප්‍රවේශය ලබා ගැනීම පමණවත් ප්‍රමාණවත් නොවන බවත් එය අර්ථවත් වන්නේ ස්ථාවර ප්‍රතිපත්ති, ආයෝජන සඳහා සූදානම් පරිසරයක් සහ වෙළඳපොළ අවශ්‍යතාවට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් තිබෙන විට බවත් ඔවුහු පවසති.

වර්තමානයේ ශ්‍රී ලංකාව ඇගලුම් අපනයන හරහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන පහක පමණ ආදායමක් උපයන අතර මෙම ක්ෂේත්‍රයේ සෘජුවම පුද්ගලයෝ තුන් ලක්ෂ පනස්දාහක් පමණ රැකියාවල නිරතවෙති.

(සටහන | ගිම්හාන් ද සිල්වා)  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...