The Leader News
BREAKING
Top Ad
Biz

2035 රක්ෂණ ඉලක්කය සමඟ ආසියාවේ අවධානය කොළඹට!

T

The Leader Desk

June 4, 2026 • 7:59 AM

2035 රක්ෂණ ඉලක්කය සමඟ ආසියාවේ අවධානය කොළඹට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොලර් බිලියන ගණනක ‘ආරක්ෂිත දැලක්’ හැදීමට OECD-ADBI ජාත්‍යන්තර සමුළුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි.
  • නව උපායමාර්ගය මඟින් ඩිජිටල් තාක්ෂණය සහ විනිවිදභාවය ඔස්සේ මෙම බාධක බිඳදමා, සාමාන්‍ය වැසියන්ව ද මූල්‍ය ආරක්ෂණ පද්ධතියට ඇතුළත් කරගැනීමට (Consumer inclusion) අපේක්ෂිතය.
  • ධනාත්මක පිම්මකට ජනතා විශ්වාසය ඕනෑ!
  • ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාව කෙරෙහි විශ්වාසය තබා මෙවැනි සමුළුවක් කොළඹදී පැවැත්වීම රටක් ලෙස අප ලැබූ විශාල ජයග්‍රහණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


කඩදාසි සැලසුම්වලින් එහා ගිය ‘පාරිභෝගික විශ්වාසය’ ගොඩනැඟීමේ ඓතිහාසික රෝඩ් මැප් එක IRCSL එළිදක්වයි.


ආර්ථික කඩාවැටීමෙන් පසු ශ්‍රී ලංකාව ලබාගනිමින් සිටින සාර්ව ආර්ථික ස්ථාවරත්වය (Macroeconomic stability) ලෝකයටම පෙන්වමින්, ආසියානු කලාපයේ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මධ්‍යම බැංකුකරුවන් 70කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන "OECD-ADBI" ජාත්‍යන්තර වටමේස සාකච්ඡාව ප්‍රථම වතාවට කොළඹදී ආරම්භ වී තිබේ.

මෙය හුදු සම්මන්ත්‍රණයක් පමණක් නොව, මෙරට රක්ෂණ සහ විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නවීකරණය කිරීම සඳහා ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි.

මෙහිදී ශ්‍රී ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) 25 වැනි සංවත්සරයට සමගාමීව, එහි සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් විසින් 2035 වන විට මෙරට රක්ෂණ දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 3ක් දක්වා ඉහළ නැංවීමේ අභිලාෂකාමී මාර්ග සිතියම (Roadmap) ප්‍රකාශයට පත් කරන ලදී.

ආර්ථික කම්පනවලට ඔරොත්තු දෙන ‘ආරක්ෂිත දැල’

පිලිපීනය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල නියාමකයන් ද එක්වූ මෙම සමුළුවේ ප්‍රධාන අවධානය යොමු වූයේ "ආරක්ෂණ පරතරය" (Protection gap) අවම කිරීම කෙරෙහිය. එනම්, රටක සිදුවන ස්වභාවික ව්‍යසන හෝ ආර්ථික අර්බුදවලදී සමස්ත බර රජය පිට පැටවීම වෙනුවට, ශක්තිමත් රක්ෂණ ක්‍රමවේද හරහා ජනතාව සහ ව්‍යාපාර ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

ලංකාවේ දැනට පවතින අඩු රක්ෂණ දායකත්වයට හේතුව මහජනතාව තුළ පවතින සීමිත දැනුවත්භාවය සහ දැරිය හැකි මිල ගණන් (Affordability) පිළිබඳ ගැටලුවයි. නව උපායමාර්ගය මඟින් ඩිජිටල් තාක්ෂණය සහ විනිවිදභාවය ඔස්සේ මෙම බාධක බිඳදමා, සාමාන්‍ය වැසියන්ව ද මූල්‍ය ආරක්ෂණ පද්ධතියට ඇතුළත් කරගැනීමට (Consumer inclusion) අපේක්ෂිතය.

ධනාත්මක පිම්මකට ජනතා විශ්වාසය ඕනෑ!

ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාව කෙරෙහි විශ්වාසය තබා මෙවැනි සමුළුවක් කොළඹදී පැවැත්වීම රටක් ලෙස අප ලැබූ විශාල ජයග්‍රහණයකි. 2035 ඉලක්කය යනු රටේ අනාගත ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව (External resilience) සහතික කරන ධනාත්මක පියවරකි.

නමුත් ආණ්ඩුව සහ නියාමකයන් තේරුම් ගත යුත්තේ, මෙම සැලසුම් සාර්ථක කරගැනීමට නම් හුදු නීති පැනවීමෙන් ඔබ්බට ගොස්, රක්ෂණ සමාගම් සහ පාරිභෝගිකයා අතර පවතින ‘විශ්වාසයේ අර්බුදය’ වහාම විසඳිය යුතු බවයි. ජනතාවට සාධාරණ, කඩිනම් සහ විනිවිදභාවයෙන් යුත් වන්දි හිමිකම් ලැබෙන පරිදි නියාමනය දැඩි කරන්නේ නම්, රක්ෂණ ක්ෂේත්‍රයේ මෙම පරිවර්තනය ලංකාවේ නව ආර්ථික පුනරුදයට ප්‍රබලම ශක්තියක් වනු නොඅනුමානය.

(සටහන | සම්පත් ධීරසේකර )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...