The Leader News
BREAKING
Top Ad
පුවත්

තෙල් සංස්ථාව ඩොලර් මංකොල්ලයක ! - රු.මිලියන 25,000 කට අධික පාඩුවක්!!

T

The Leader Desk

November 7, 2022 • 6:05 PM

 තෙල් සංස්ථාව ඩොලර් මංකොල්ලයක ! - රු.මිලියන 25,000 කට අධික පාඩුවක්!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලාන්තරයක් පුරා ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ (CPC) සිදුවෙමින් පවතින මහාපරිමාණ දූෂණ මාලාවේ දිගුවක් පිළිබඳව මේවනවිට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
  • ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දූෂිත නිලධාරීන් තම ප්‍රියතම සමාගම් වලින් රුපියල් මිලියන 25,000කට අධික මුදලක් ලබාගෙන ඇති බවට රාවයක් පවතී.
  • ඒ පසුගිය මාස 06 සඳහා ‘ලබා ගන්නා නෞභාරයන් ( cargo ) ගේ වටිනාකමෙන් 110% ක අත්තිකාරම් ගෙවීමක්’ සිදු කිරීමේ නව ක්‍රමයක් අනුගමනය කරමින්, එම සමාගම් සමගින් අමුතු ආකාරයට ගනුදෙනු කිරීමක් සිදු කරමිනි.
  • මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙකු වන විටෝල් සිංගප්පූ සහ BB Energy මෙම 10% අමතර අත්තිකාරම් ගෙවීම් වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම සූදුව තවමත් ජයටම ක්‍රියාත්මක වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, සංස්ථාව මහජන මුදල් කොල්ලකමින්, ‘10% අමතර අත්තිකාරම් ගෙවීම්’ ඇමෙරිකානු ඩොලර්වලින් සිදුකරමින්, රටේ තිබෙන අතිශය සීමිත විදේශ සංචිත නාස්ති කිරීමේ සුදුවක නිරත වෙමින් සිටියි.


ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දූෂිත නිලධාරීන් තම ප්‍රියතම සමාගම් වලින් රුපියල් මිලියන 25,000කට අධික මුදලක් ලබාගෙන ඇති බවට රාවයක් පවතී. ඒ පසුගිය මාස 06 සඳහා ‘ලබා ගන්නා නෞභාරයන් ( cargo ) ගේ වටිනාකමෙන් 110% ක අත්තිකාරම් ගෙවීමක්’ සිදු කිරීමේ නව ක්‍රමයක් අනුගමනය කරමින්, එම සමාගම් සමගින් අමුතු ආකාරයට ගනුදෙනු කිරීමක් සිදු කරමිනි.



 මෙසේ සැපයුම්කරුවන්ට 10% ක අමතර මුදල් ගෙවීමේ ක්‍රමවේදය නිසා ඇමරිකානු ඩොලර් මිලියන 60 (රුපියල් මිලියන 25,000) කට අධික පාඩුවක් තෙල් සංස්ථාවට, රටේ මහා භාණ්ඩාගාරයට මෙන්ම රටේ විදෙස් විනිමය සංචිත වලට ඇති නමුත්, මෙසේ අමුතු ආකාරයෙන් ගෙවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සන්තර්පණය කළ කිසිදු සැපයුම්කරුවෙකු මේ වන තෙක් ආපසු අප රටට පැමිණ නොමැත. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙකු වන විටෝල් සිංගප්පූ සහ BB Energy මෙම 10% අමතර අත්තිකාරම් ගෙවීම් වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම සූදුව තවමත් ජයටම ක්‍රියාත්මක වේ.




ලංකාවට බඩු එන්නත් කලින් කොමිස් ගෙවන අරුම පුදුම නිලධාරීන් !



රට ආර්ථික වශයෙන් බරපතල අවධානමක ඇති අවස්ථාවක, තෙල් නීතිගත සංස්ථාවේ දූෂිත නිලධාරීන් තමන්ට සිතූ සිතූ ලෙස විවිධ උප්පරවැටිටි සිදු කරමින් රටේ ඉතුරු වී ඇති ඩොලර් සංචිත ප්‍රමාණයත් රටින් පිටතට ගෙනයාමට උදව්කිරිම බරපතල ජාතික අපරාධයකි.

මෙම කාර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ හෙළිදරව් කිරීම් අනුව මෙම 110% අත්තිකාරම් ගෙවීමකින් තොරව සිය සැපයීම් කිරීමට කැමති සැපයුම්කරුවන් ඇස් පනා පිට සිටියද, තෙල් සංස්ථා නිලධාරීන් ඔවුන්ගේ අතීත අක්‍රමිකතා ආවරණය කිරීම සඳහා මෙන්ම මෙම මගඩිය කොලේ වසා දිගටම කරගෙන යෑමට මෙසේ අලුත් ක්‍රමවේදයක් දියත්කර ඇත.

එනම්, අවම වශයෙන් 10% අත්තිකාරම් ගෙවීම් භාර ගැනීම සියලුම සැපයුම්කරුවන්ට අනිවාර්ය කොන්දේසියක් බවට පත් කර තිබේ. ඒ ඉහත සැපයුම්කරුවන් දෙදෙනා සමගින් කළින් කරන ලද 110% අත්තිකාරම් ගෙවීමේ ජාවාරමෙන් රටට අහිමි වූ මෙම පිරිස් කොල්ල කෑ රුපියල් මිලියන 25,000 කට වැඩි විදේශ විනිමය අලාභය වසා ගැනීම සඳහාය.

මෙම අවාසනාවන්ත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවැනි අමතර අත්තිකාරම් ගෙවීමට කැමැත්තක් නොදක්වන සැබෑ විනිවිදභාවයකින් යුත් වෘත්තියමය සැපයුම්කරුවන් විසින් අනේක වාරයක් බොහෝ ඉල්ලීම් / ආයාචනා කර තිබියදීත්, මෙවන්  මගඩි හරහා රටේ විදේශ සංචිත මෙලෙස මංකොල්ලකෑමට ඉඩදීමට හේතුව මහ බැංකු අධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව රටේ පුරවැසියන්ට හෙළිදරව් කළයුතු අතර මෙම ‘අත්තිකාරම් ගෙවීමේ ක්‍රමයට’ පක්ෂ වන්නේ මන්දැයි පුළුල් ලෙස ප්‍රශ්න කර මෙම වංචාවේ අල ගිය මුල ගිය වැල ගිය තැන් සොයා ගත යුතුය.



පුරවැසියන් දිගින් දිගටම ඇස් කන් පියා සිටියහොත් මෙම ප්‍රවණතාවය දිගටම ක්‍රියාත්මක කරන්නට මෙම තෙල් සංස්ථාවේ සිටින මංකොල්ලකරුවන්, ශ්‍රී ලංකාවට සෑම වසරකම රුපියල් මිලියන 50,000 කට අධික මුදලක් අහිමි කරනු ඇත. අනවශ්‍ය 10% අමතර අත්තිකාරම් ගෙවීමක් ලෙස රටෙන් ඉවතට යන මේ රටේ ධනය යළිත් කිසි විටෙකත් ආපසු මේ රට තුළට නොඑනු ඇත, මක්නිසාද මෙම  සැපයුම්කරුවන් විසින් ඔවුන්ගේ අතීත ප්‍රමද ගාස්තු හිමිකම්, හානි ප්‍රතිපූරණය කිරීම් ආදියට එරෙහිව ඔවුන් මෙම මුදල් රඳවා තබා ගනු ඇත. කොටසක් තෙල් සංස්ථා නිලධාරී පිරිසකගේ සාක්කු පුරවනු ඇත.


සබැඳි පුවත් :

Stern action against CPC top brass over 10% advance payments for fuel suppliers


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තෙල් සංස්ථාව ඩොලර් මංකොල්ලයක ! - රු.මිලියන 25,000 කට අධික පාඩුවක්!! | The Leader