The Leader News
BREAKING
Top Ad
Biz

ප්‍රයිම් ලෑන්ඩ්ස් බිලියන 3.5ක් අතට ගෙන HNB ෆයිනෑන්ස් එකෙන් අවුට්: රෙනෝ සිල්වා මුදල් සමාගම් පිටියටත් බසියි!

T

The Leader Desk

June 3, 2026 • 10:07 AM

ප්‍රයිම් ලෑන්ඩ්ස් බිලියන 3.5ක් අතට ගෙන HNB ෆයිනෑන්ස් එකෙන් අවුට්: රෙනෝ සිල්වා මුදල් සමාගම් පිටියටත් බසියි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘Phantom Investments’ හරහා HNB ෆයිනෑන්ස් හි 5.82%ක කොටස් රෙනෝ අත්පත්කර ගනී !
  • බැංකුවලින් පසු මුදල් සමාගම්වලටත් අත ගසයි මෙම සුවිශේෂී මිලදී ගැනීමත් සමඟ, රෙනෝ සිල්වා මෙරට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත මුදල් සමාගමකට සෘජුවම ඇතුළු වූ පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් වේ.
  • මාධ්‍ය සහ මූල්‍ය බලය එක තැනකට!
  • HNB ෆයිනෑන්ස් සමාගමේ බහුතර කොටස් (51%) හැටන් නැෂනල් බැංකුව (HNB) සතුව පවතින අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් එහි දෙවැනි විශාලතම කොටස්කරුවා ලෙස කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්පත්, සෙලාන්, DFCC බැංකුවලින් පසු රේනර්ගේ මූල්‍ය අධිරාජ්‍යය තවත් පුළුල් වෙයි


කොළඹ කොටස් වෙළඳපොළ (CSE) උණුසුම් කරමින්, මෙරට ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands Ltd) සමාගම, HNB ෆයිනෑන්ස් (HNB Finance PLC) සමාගමේ තමන් සතුව තිබූ සියයට 23.29ක සමස්ත කොටස් හිමිකාරීත්වය රුපියල් බිලියන 3.5ක මුදලකට සම්පූර්ණයෙන්ම විකුණා දමා එම සමාගමෙන් ඉවත් වී තිබේ.  

රුපියල් 8.80 බැගින් වූ කොටස් මිලියන 400ක මෙම දැවැන්ත ගනුදෙනුවේදී, එහි ප්‍රධානතම ගැනුම්කරුවෙකු වෙමින් මෙරට ප්‍රකට මාධ්‍ය ජාලයක හිමිකරුවෙකු වන රෙනෝ ද සිල්වා ට අයත් ‘Phantom Investments’ ආයතනය විසින් HNB ෆයිනෑන්ස් හි සියයට 5.82ක කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. ඉතිරි කොටස් ප්‍රමාණය 'ප්‍රයිම් ලෑන්ඩ්ස්' සමාගම විසින් විවෘත වෙළඳපොළ වෙත මුදා හැර තිබේ.

බැංකුවලින් පසු මුදල් සමාගම්වලටත් අත ගසයි


මෙම සුවිශේෂී මිලදී ගැනීමත් සමඟ, රෙනෝ සිල්වා මෙරට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත මුදල් සමාගමකට සෘජුවම ඇතුළු වූ පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් වේ. ඔහු දැනටමත් ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු රැසක දැවැන්ත කොටස් හිමිකාරීත්වයක් දරන අයෙකි.

පසුගිය මාසයේදී රුපියල් බිලියන 1.2ක ආයෝජනයක් කරමින් සෙලාන් බැංකුවේ (Seylan Bank) කොටස් හිමිකාරීත්වය 10% දක්වා ඉහළ නැංවූ රෙනෝ සිල්වා, මේ වන විට සම්පත් බැංකුවේ (Sampath Bank) 10%ක ද, DFCC බැංකුවේ 10%ක ද, කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) සහ හැටන් නැෂනල් බැංකුවේ (HNB) 2% බැගින් ද ඡන්ද බලය හිමි කොටස් දරමින් සිය මූල්‍ය අධිරාජ්‍යය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටී.

මාධ්‍ය සහ මූල්‍ය බලය එක තැනකට!

HNB ෆයිනෑන්ස් සමාගමේ බහුතර කොටස් (51%) හැටන් නැෂනල් බැංකුව (HNB) සතුව පවතින අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් එහි දෙවැනි විශාලතම කොටස්කරුවා ලෙස කටයුතු කළේය. දැන් ප්‍රයිම් ලෑන්ඩ්ස් ඉවත් වී රෙනෝ සිල්වා වැනි මාධ්‍ය සහ ව්‍යාපාරික ‘ලොක්කෙකු’ ඊට ඇතුළු වීම පිටුපස සුවිශේෂී ආර්ථික උපායමාර්ගයක් පවතින බව පැහැදිලිය.

රට තුළ පවතින උද්ධමන සහ පොලී අනුපාත උච්චාවචනයන් හමුවේ වුවද, මෙරට ප්‍රධානතම මාධ්‍ය ජාලයක හිමිකාරීත්වය සමඟ බැංකු සහ මුදල් සමාගම්වල (Banking & Finance Sector) පාලන බලය හෝ විශාල කොටස් ප්‍රමාණයක් එක් පුද්ගලයෙකු අතට කේන්ද්‍රගත වීම, ඉදිරි ව්‍යාපාරික සහ දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ද වක්‍ර බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.

(සටහන | සම්පත් ධීරසේකර)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...