The Leader News
BREAKING
Top Ad
Biz

ඇඩලිමැබ් එන්නත් 6,000ක කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ අම්බානිගේ සමාගමකට

T

The Leader Desk

May 1, 2026 • 5:44 AM

ඇඩලිමැබ් එන්නත් 6,000ක කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ අම්බානිගේ සමාගමකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
  • එහිදී ඇමෙරිකානු ඩොලර් 225,000ක මුළු පිරිවැය සහ නැව් ගාස්තු මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
  • මෙම මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සමස්ත පිරිවැය සහ නැව් ගාස්තුව ඩොලර් 225,000 ක්

වැඩිහිටියන් සහ ළමුන් තුළ ඇති විවිධ දිගුකාලීන සහ ස්වයං ප්‍රතිශක්ති රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඇඩලිමැබ් එන්නත් සිරින්ජර 6,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවේ Reliance Life Sciences Pvt Ltd. වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

එහිදී ඇමෙරිකානු ඩොලර් 225,000ක මුළු පිරිවැය සහ නැව් ගාස්තු මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

මෙම මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී තිබේ.

ඒ අනුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ Reliance Life Sciences Pvt Ltd සමාගම වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමී තිබේ.

ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමූහයට අයත් සමාගමක් වන එම සමාගම මෙම ඇඩලිමැබ් එන්නත් නිෂ්පාදකයාද වෙයි.

| lankadeepa

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...