The Leader News
BREAKING
Top Ad
පුවත්

ලක්ෂ 650ක වංචාවක් : ඇමති ගොඩහේවාගේ උපදේශිකාවක් අත්අඩංගුවට

T

The Leader Desk

August 12, 2021 • 6:10 AM

ලක්ෂ 650ක වංචාවක් : ඇමති ගොඩහේවාගේ උපදේශිකාවක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස පෙනී සිටිමින්
  •   ප්‍රධාන සැකකරු ප්‍රංශයේ ජීවත්වන වත්තල මාබෝලේ පිහිටි ප්‍රධාන පෙලේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකුගේ ධම්මික නැමැති මස්සිනා බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
  •   මේ පුද්ගලයාගේ නම හා රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ නම එක හා සමාන බැවින් මෙම වංචාව ඔහු විසින් ඉතා සූක්ෂම ලෙස කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
  •   අමාත්‍යාංශයේ ලිපි ලේඛන පවා මේ සදහා ව්‍යාජ ලෙස සකස්කර යොදා ගෙන ඇති බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
නාගරික සංවර්ධන අධිකාරියට අයත් බංගලා සහ විකල්ප තානායම් මෙන්ම පෑලියගොඩ මැනිං වෙළද පොලේ පිහිටි කඩ කාමර බදු පදනම මත ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින් රටවමින් මුදල් රැස්කරමින් සිටි පුද්ගලයකු සහ ඔහුට ඒ සදහා ආධාර හා අනුබලදුන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් වාණීජ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලට අනුව දැනට රුපියල් මිලියන 65කට වැඩි මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
 
මෙවැනි ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුන වහාම රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇති අතර පොලිස් විමර්ශනය ආරම්භ වී ඇත්තේ ඒ අනුවය. 
 
රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ඊට අදාල පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර විසිනි.
 
N mm
 
අත්අඩංගුවට ගත් කාන්තාව ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ චලනි නැමැත්තියක් වන අතර ඇය සමාජ සේවිකාවක් ලෙස එම ප්‍රදේශය තුළ ප්‍රකට අයෙකි. 
 
ඇය පසුගිය මැතිවරණවලදී 'පොහොට්ටු' පක්ෂය වෙනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවාට සහය දක්වමින් ගණේමුල්ල ප්‍රදේශය තුළ දේශපාලන සංවිධාන කටයුතු සිදුකර තිබේ.
 
ඒ අනුව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ වහාම ඇයව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (urban resettlement authority) උපදේශිකාවක් ලෙස පත්කර තිබී ඇත. 
 
කෙසේවුවද, ඇය මෙම වංචාවට සම්බන්ධ බව දැනගත් වහාම ඇයව එම තනතුරින් ඉවත්කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා විසින් වහාම පියවර ගෙන තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
 
 
ප්‍රධාන සැකකරු ධම්මික !
 
 
අනෙත් සැකකරු ඇන්ටන් නැමැති රතිඤ්ඤා කම්හලක අයිතිකරුවෙකි.
 
ප්‍රධාන සැකකරු ප්‍රංශයේ ජීවත්වන වත්තල මාබෝලේ පිහිටි ප්‍රධාන පෙලේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකුගේ ධම්මික නැමැති මස්සිනා බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
 
මේ පුද්ගලයාගේ නම හා රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ නම එක හා සමාන බැවින් මෙම වංචාව ඔහු විසින් ඉතා සූක්ෂම ලෙස කරගෙන ගොස් ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
 
අමාත්‍යාංශයේ ලිපි ලේඛන පවා මේ සදහා ව්‍යාජ ලෙස සකස්කර යොදා ගෙන ඇති බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
 
මැනිං පොදු වෙළද පොලේ කඩකාමර සදහා ඔවුන් විසින් ව්‍යාජ ලෙස ඔප්පු පවා සකස්කර තිබී පොලීසියට හමුවී තිබේ.
 
 
 
 
WhatsApp Image 2021 08 12 at 10.42.24 AMWhatsApp Image 2021 08 12 at 10.42.24 AM 1WhatsApp Image 2021 08 12 at 10.42.25 AMWhatsApp Image 2021 08 12 at 10.42.25 AM 1WhatsApp Image 2021 08 12 at 10.42.25 AM 2WhatsApp Image 2021 08 12 at 10.42.26 AM 2 
 
පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක
 
විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com


 
THE LEADER TV 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්? 
 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...