The Leader News
BREAKING
Top Ad
Biz

බංකොලොත් ව්‍යාපාර ගොඩගන්න 7% පොලියට ණය මේ සතියේ සිට : අසාධු ලේඛනගතවූවන්ටත් ණය

T

The Leader Desk

June 1, 2024 • 9:26 AM

 බංකොලොත් ව්‍යාපාර ගොඩගන්න 7% පොලියට ණය මේ සතියේ සිට : අසාධු ලේඛනගතවූවන්ටත් ණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ
  • මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය එක්ව සිදු කරනු ලබන මේ ණය යෝජනා ක්‍රමය ‘රී එනජයිස්‘ (RE ENERGISE) යනුවෙන් නම් කර ඇති බව ඔහු පැවසිය.
  • වසර 5කින් ගෙවා නිම කළ හැකි වන පරිදි රුපියල් ලක්ෂ 50ක් දක්වා රී එනජයිසින් යෝජනා ක්‍රමය හරහා ණය ලබා ගත හැකිවේ.
  • ඒ සඳහා වසර 5ක ගෙවීම් කාලයක් ලබා දෙන අතර මාස 6ක සහන කාලයක්ද ලබා දෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කොවිඩ් වසංගතය ඇතුළු විවිධ හේතූන් මත කර්මාන්ත හා ව්‍යාපාර පවත්වා ගැනීමට නොහැකි වූ හා ව්‍යාපාර හා කර්මාන්ත බංකොලොත් වූ අයට 7% සහන පොලියට ණය ලබාදීම මේ සතියේ සිට ආරම්භ කරන බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.

මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය එක්ව සිදු කරනු ලබන මේ ණය යෝජනා ක්‍රමය ‘රී එනජයිස්‘ (RE ENERGISE) යනුවෙන් නම් කර ඇති බව ඔහු පැවසිය.

මේ ණය යෝජනා ක්‍රමය නිසා බිඳ වැටුණු හෝ අඩපණ වී ඇති හෝ පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයේ ඇති සුළු හා මධ්‍යම පරිමාණයේ ඕනෑම කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වෙනුවෙන් එම ණය ලබාගෙන තම ව්‍යාපාරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඔවුන්ට දිරිය ලබා දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 මෙහි විශේෂත්වය වන්නේ අසාදු ලේඛන ගත වුවන්ට (crib) මෙම ණය යෝජනා ක්‍රමය පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබීමයි. වසර 5කින් ගෙවා නිම කළ හැකි වන පරිදි රුපියල් ලක්ෂ 50ක් දක්වා රී එනජයිසින් යෝජනා ක්‍රමය හරහා ණය ලබා ගත හැකිවේ. ඒ සඳහා වසර 5ක ගෙවීම් කාලයක් ලබා දෙන අතර මාස 6ක සහන කාලයක්ද ලබා දෙනු ඇත.


ණය ලබා දීමේදී රුපියල් ලක්ෂ 2ක් දක්වා පුද්ගල ඇප මත ණය නිදහස් කෙරෙන අතර ඊට වැඩි ණය මුදල් සඳහා දේපල ඇප ඉදිරිපත් කළ යුතු වේ.

රී එනජවිසින් ණය යෝජනා ක්‍රමය පිළිබඳව අවසන් කටයුතු පසුගිය බදදා නිම කෙරුණු අතර ඒ අනුව රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු 10ක් හරහා මේ ණය ලබා දීම සිදු කෙරෙනු ඇත.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, කොමර්ෂල් බැංකුව, කාගිල්ස් බැංකුව, සණස සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා මේ ණය මුදල් ඉල්ලුම් කළ හැකිය.

මෙම ණය යෝජනා ක්‍රමයේම තවත් අංශයක් ලෙස ආයෝජන කටයුතු සඳහාද රුපියල් ලක්ෂ 150ක් දක්වා ණය ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහාද පොලිය 7%ක් වන අතර ගෙවීම් කාලය වසර 10කි. එමෙන්ම වසරක සහන කාලයක්ද හිමිවනු ඇත.

(silumina.lk -තාරක වික්‍රමසේකර)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...