The Leader News
BREAKING
Top Ad
Biz

ඇමති සුනිල් හඳුන්නෙත්ති යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර පහකින් රු. මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දෙයි

T

The Leader Desk

October 8, 2025 • 3:53 AM

ඇමති සුනිල් හඳුන්නෙත්ති යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර පහකින් රු. මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ
  •  මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්ක වලට යාමට උත්සාහ කරන බව ඔහු එහිදි  ප්‍රකාශ කළේය.
  • ප්‍රසන්න ඉන්ද්‍රජිත් රුපියල් මිලියන 50ක් තම ආයතනයේ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය.
  •  එලෙසින් ම මෙම ආයතනය මේ වන විට මෙම වර්ෂය තුළ මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන  05  න් නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත  ප්‍රනාන්දු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට නිල වශයෙන් භාර දෙන ලදී.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල රුපියල් මිලියන 500ක මුදලක් පසුගිය මාස 9 කාලයේදී ලැබූ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන්නේය.

 මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්ක වලට යාමට උත්සාහ කරන බව ඔහු එහිදි  ප්‍රකාශ කළේය.

BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති එච්.ඒ. ප්‍රසන්න ඉන්ද්‍රජිත් රුපියල් මිලියන 50ක් තම ආයතනයේ ලාභාංශ වලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය.
 එලෙසින් ම මෙම ආයතනය මේ වන විට මෙම වර්ෂය තුළ මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.

ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ රුපියල් මිලියන 100ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදුන් අතර වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්ත්වයක ජාතිය ලුණු සමාගම ඉතිරි මාස 6 ක කාලය තුළ තම සමාගම උපරිම තලයකට රැගෙන සමත් වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉතිහාසයේ උපරිම නිෂ්පාදන ආදායමක් මෙම වර්ෂය අවසානයේ ළඟාකර ගත හැකි වනු ඇති බවයි.

ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර සහභාගි වූ අතර ඔහු ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කළේය.

ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති P.V.A හේමලාල්  මෙම අවස්ථාවට සහභාගි වූ අතර රුපියල් මිලියන 7.4 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14 කට පසු වීමයි. මෙම ලබාදුන් මුළු මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4 කි. මෙම එකතුව අර්ධ වාර්ෂික ලාභාංශයකින් ලබාදුන් මුදලක් වන අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් මුදල් ලබාදීමට හැකියාව පවතී.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ආයතන වල නිලධාරීන් එක්ව සිටියහ.
 
sunil 10.08
sunil 10.08 2

 

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමති සුනිල් හඳුන්නෙත්ති යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර පහකින් රු. මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දෙයි | The Leader