The Leader News
BREAKING
Top Ad
පුවත්

'කෝටි 8ක පොහොර ප්‍රචාරක ව්‍යාපෘතිය මගේ නෙවෙයි.' - මහින්දානන්ද

T

The Leader Desk

June 8, 2021 • 5:16 PM

  'කෝටි 8ක පොහොර ප්‍රචාරක ව්‍යාපෘතිය මගේ නෙවෙයි.' - මහින්දානන්ද     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොර ප්‍රචාරක ව්‍යාපෘතියක් ප්‍රකට ගායක යුවලකට කෝටි 7.66 ක ලබා දීමට මේ වන විට සියළු කටයුතු සුදානම් කර තිබියදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ, එයට තමාගේ සම්බන්ධයක්
  •   ඒ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ බලධාරියකුගෙන් කළ විමසීමේදී සඳහන් කර සිටියේ, එවැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
  • කෝටි 7.66 ක වැඩසටහනක් සැලසුම් කළ අතර දින දෙකක් තුල එය අමාත්‍යාංශයේ තාවකාලික මාධ්‍ය ලේකම්වරයෙකු හරහා සම්බන්ධීකරණය කරන බව ලිපියේ දැක්වේ.
  •     කෘෂිකර්ම රාජ්‍ය ලේකම්වරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමු ඇතැයි සැලකෙන ලිපිය.
අකුරු ප්‍රමාණය (Font Size):
නොමැති බවයි.
 
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තු ආලින්දයේ දී එබව සඳහන් කර ඇත්තේ, සජබ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් කළ විමසීමකදීය. 
 
තමා මේ ගැන කිසිවක් නොදන්නා බවත් මෙය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බව මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා 'ද ලීඩර්' වෙත පැවසිය.
 
කෙසේවුවද 'ද ලීඩර්' ඊයේ පස්වරුවේ කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුයේ, B & S සමාගමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලබාදී ඇති බවට සමාජ මාධ්‍ය වල පලවන වාර්තා අසත්‍ය බවයි.
 
ඒ සම්බන්ධයෙන් අප කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ බලධාරියකුගෙන් කළ විමසීමේදී සඳහන් කර සිටියේ, එවැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
 
කෙසේවුවද, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ විසින් එවැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මැයි 05 වන සෙනසුරාදා දින නිකුත් කර තිබූ  SMF1/01/M අංක දරණ ලිපියක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් රජයේ කිසිඳු පාර්ශවයක් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත. 
 
පසුගිය ජූනි 3 දින කාබනික පොහොර ප්‍රවර්ධනය සඳහා රු. කෝටි 7.66 ක වැඩසටහනක් සැලසුම් කළ අතර දින දෙකක් තුල එය අමාත්‍යාංශයේ තාවකාලික මාධ්‍ය ලේකම්වරයෙකු හරහා සම්බන්ධීකරණය කරන බව ලිපියේ දැක්වේ.
 
 
කෘෂිකර්ම රාජ්‍ය ලේකම්වරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමු ඇතැයි සැලකෙන ලිපිය.
 
WhatsApp Image 2021 06 08 at 10.41.09 PM
 
   

 
THE LEADER TV 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...