The Leader News
BREAKING
Top Ad
Biz

Asia International Consolidated pvt Ltd සමූහය සම්මාන ලබයි.

T

The Leader Desk

March 9, 2025 • 4:00 PM

 Asia International Consolidated pvt Ltd සමූහය සම්මාන ලබයි.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහ කෘෂිකාර්මික සංචාරක හා සෙසු ක්ෂේත්‍ර ගණනාවක දියුණුවට සුවිසල් දායකත්වයක් සැපයූ වසරේ හොඳම
  • මෙම සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් ලෙස දුලන්ති කොඩිකාර, මුදිත ජයවර්ධන කටයුතු කරයි.
  • නැගී එන සමාගම් සමූහය ලෙස Asia International Consolidated pvt Ltd සමූහය සම්මාන දිනා ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නැගී එන සමාගම් සමූහය ලෙස Asia International Consolidated pvt Ltd සමූහය සම්මාන දිනා ගත්තේය.

එම සමාගම් සමූහය වෙනුවෙන් එහි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය අසංක දිසානායක ඉකුත්දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ, පැවැති මානව හිමිකම් සංවිධානය  ලංකා විසින් සංවිධානය කළ HUMAN RIGHTS EXCELLENCE AWARD 2025 සම්මාන උළෙලේදී එම සම්මානය ලබා ගත්තේය.

සමාගම් සමූහය සතුව සමාගම් හතක් ක්‍රියාත්මක අතර කෙටි කාලීන වානිජ බෝග වගාව ඇතුලු තිරසර කෘෂිකර්මාන්තයක් ඇති කිරීම උදෙසාවූ කෘෂි ව්‍යාපාර, විදෙස් සංචාර සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ ව්‍යාපාර, ඖෂධ තොග වශයෙන් මෙරටට ගෙන්වා රට පුරා බෙදා හැරීමේ ව්‍යාපාර, මෙන්ම තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව පාදක කර ගනිමින් මෙරට ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රමිතිගත ජාත්‍යන්තර සුපිරි අලෙවි සැල් ජාල වෙත යොමු කිරීම, වැනි ව්‍යාපාර ඒ අතර වේ.

මේවායින් විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසකට නව රැකියා සහ ආදායම් උත්පාදනය වී ඇතැයිද ඒ හරහා සමාජීය සේවාවන් රාශියක් ක්‍රියාත්මක වී ඇතැයිද යන්න සලකා බලා මෙම  සම්මානය මෙම සමූහයට පිරි නැමීමට මානව හිමිකම් සංවිධානය  ලංකා විසින් සංවිධානය විසින් පියවර ගෙන ඇත.

මෙහි වානිජ කෘෂිකාර්මික කටයුතු බුලත්සිංහල, බොරලන්ද සහ හොරණ ප්‍රදේශ පාදක කොටගෙන මහා පරිමාණයෙන් සිදු කරනු ලබයි.

මෙම සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් ලෙස දුලන්ති කොඩිකාර, මුදිත ජයවර්ධන කටයුතු කරයි. එහි  සාමාන්‍යාධිකාරීවරයා වනුයේ අලංක අබේසේකර කටයුතු කරයි.

 

(සටහන | ජේ.මුණසිංහ)

lkjott

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Asia International Consolidated pvt Ltd සමූහය සම්මාන ලබයි. | The Leader