The Leader News
BREAKING
Top Ad
Biz

රඳවා ගත් BYD වාහන 625ක් මුදා හැරීමට රේගුව එකඟ වෙයි

T

The Leader Desk

November 11, 2025 • 11:41 AM

රඳවා ගත් BYD වාහන 625ක් මුදා හැරීමට රේගුව එකඟ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක බී.වයි.ඩී වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
  • ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ ජෝන් කීල්ස් සීජී පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර සිටියේය.
  • ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් එකඟතාවය පළ කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ ජෝන් කීල්ස් සීජී පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර සිටියේය.

ඒ අනුව රේගුව භාරයේ රඳවා සිටි බී.වයි.ඩී ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඔටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625 ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් එකඟතාවය පළ කළාය.

ඉන් අනතුරුව මෙම වාහන මුදා හැරීමට අදාළ නියෝග නිකුත් කෙරින.

| hirunews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...