දෝෂයක දි මෝටර් රථ අලුත්වැඩියා කරන අංගනයක් වෙත හෝ නිවසට ගෙන ඒමේ පහසුකම් ඇතුලු තවත් විශේෂ පහසුකම් රැසක් මෝටර් රථ හිමියන්ට ලබා ගැනීමට හැකි නව සේවාවක් Club24s ආයතනය ආරම්භ කර තිබේ.
මෙම පහසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රි ලාංකේය රථවාහන හිමිකරුවන් කළ යුත්තේ Club24s හි සාමාජිකත්වය ලබාගැනීමය.
එම ආයතනය පසුගියදා සුභ මොහොතින් කිරිබත්ගොඩ නගරයේ Royal park Hotel හිදි ආරම්භ කෙරිණි.
Club 24s හි සන්නාම තානාපති ලෙස ජාත්‍යන්තර මෝටර් රථධාවන ශිල්පී ඩිලන්ත මාලගමුව ද කටයුතු කරනු ලබයි.
ශ්‍රි ලාංකේය සියලු රථ වාහන හිමිකරුවන් සදහා ඉතා වැදගත්වෙන මෙම සාමාජිකත්වය ජනවාරි මස 25 දින සිට සියලු දෙනාට ලබා ගත හැකි බව Club 24s හි නිර්මාතෘ කෝසල ජි. මුණසිංහ ප්‍රකාශ කළේය.
නව ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ඇමැති සාගල රත්නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා, හිටපු ක්‍රිඩා අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
(සටහන | ජේ. මුණසිංහ)




