ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය සහ කේසර සිංහ ජෙම්ස් පුද්ගලික සමාගම ලබන 11 වනදා කොළඹ නවම් මාවත ලංකා වාණිජ මණ්ඩල වෙන්දේසී ශාලවේදී පැවැත්වීමට නියමිත මැණික් හා ස්වර්ණාභරණ පොළ අවස්ථාවේදී මෙය සිදු කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මැණික් වෙළෙඳාම යළිත් ඔසවා තබමින් ශ්‍රී ලංකාවේ මැණික් නාමය ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත රැගෙන යාමේ අරමුණින් ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය හා කේසර සිංහ ජෙම්ස් පුද්ගලික සමාගම මෙය සංවිධානය කරයි.
ශ්‍රී ලංකාවේ ඈත පිටිසර පළාත් වලින් හමු වන මැණික් වලට ඉහළ හා සාධාරණ මිලක් කොළඹ වෙළෙඳ පොළ තුළ ලබා දීමේ අරමුණින් මෙම මැණික් පොළ සංවිධානය කරන බව ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය තිලකසිරි විතාරණ කීය.
ආචාර්ය තිලකසිරි විතාරණ
කොළඹ මැණීක් වෙන්දේසියට අමතරව තායිලන්තය, සිංගප්පුරුව, ජපානය, ඇමරිකාව ඇතුළු ලොව පිළිත් මැණීක් වෙළෙඳ පොළවල් වෙත මෙරට වෙළෙදුන්ගේ මැණීක් යොමු කිරිමටත් ඒ හරහා ඔවුන්ගේ ආදායම් වැඩි කිරිමටත් ඉන් අපේක්ෂා කෙරේ.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආධුනික මැණික් වෙළෙඳුන් සඳහාද අවස්ථාව උදා කිරිම තම අරමුණ බවද ආචාර්ය තිලකසිරි විතාරණ පැවැසීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ නිෂ්පාදන කළමනාකරණය හා අළෙවි කළමනාකරණය පිළිබඳ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය, විශාලතම මැණික් පොකුර පරීක්ෂා කිරිමෙන් පසු මාධ්‍යයයට අදහස් දක්වමින් කියා සිටියේ, මේ අළෙවියට ඉඩ තැබීමෙන් මැණීක් වෙළෙඳාම් ඉතිහාසයේ විශාලතම ගනුදෙනුවක් සිදුවනු ඇති බවය.
(සටහන | ජේ.මුණසිංහ)




