The Leader News
BREAKING
Top Ad
Biz

බංකොලොත් භාවයෙන් මිදුනේ කවුරු නිසාද? | Dhananath Fernando (වීඩියෝ )

T

The Leader Desk

December 29, 2024 • 6:46 PM

බංකොලොත් භාවයෙන් මිදුනේ කවුරු නිසාද? | Dhananath Fernando (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම රට බංකොලොත් බාවයෙන් මිදුනද ? කාටද ගෞරවය යන්න ඔනේ ?
  • හැබැයි මේ ඇත්තම ගෞරවය යන්න ඔනේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලටයි ඒවා දරාගත්ත සහයෝගය දුන්න සමස්ථ ජනතාවටයි.
  • ඒ වගේම නිවැරදි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මේ ගෞරවය ලබා දෙන්න ඔනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එක එක අය තම තමන්ගෙ මල්ලට ගෞරවය දාගන්න හදනවා.

කතාවක් තියනවෙන් ජයග්‍රහනයට පියවරු දහසයි පරාජය අවජාතකයි කියලා.

හැබැයි මේ ඇත්තම ගෞරවය යන්න ඔනේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලටයි ඒවා දරාගත්ත සහයෝගය දුන්න සමස්ථ ජනතාවටයි.

නීති කොච්චර හැදුවත් වැඩක් නෑ, ඒක යථාර්තයක් වෙන්නේ ජනතාව නිසා. බදු වැඩි කිරීම් හා කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ ජනතාව දරාගත්ත නිසා තමා තිබ්බ රජයටත් තියන රජයටත් ගෞරවය ගැන කතාකරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ඒ වගේම නිවැරදි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මේ ගෞරවය ලබා දෙන්න ඔනේ.

හැබැයි තාම වැඩේ ඉවර නෑ සවුදිය පුරන්න ලෑස්ති වෙන්න කලින් කරන්න වැඩ ගොඩක් තියනවා. අපි අපේ ආර්ථිකය වර්ධනය කරගන්න ඔනේ ඒ පිම්ම පයින්න ලේසියෙන් නෑ යාවත්කාලී නව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරන අවශ්‍යයි .

එහෙම නැති උනොත් අපිට ආපහු වන්නේ පරන පෝලිම් යුගයට යන්න.. ඒ දේ වලක්වාගන්න රජයකට විතරක් තනියම බෑ. රටක් විදියට පුරවැසි වගකීම අපි ගන්න ඔනේ .

ආර්ථික නිදහස් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වලට අපි හැකි තරම් ඉදිරිගාමී පීඩනයක් ලබා දෙන්න ඔනේ

* රාජ්‍ය සේවය කුඩා යාවත්කාලීන වේගවත් කිරීම
* ඩිජිටල්කරණය
* රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිවූහගතකරනය
* පැරා තීරු බදු අඩුකිරීම
* අපනය හා ආයෝජන වලට සුදුසු වෙළදපල වටපිටාවක් නිර්මාවය
* සියළු වර්ගයේ පර්මිට් ක්‍රම අහෝසිකිරීම නව වෙළදපල ක්‍රමයක් හදුන්වාදීම

මේ කරන්න ඕන මහ කන්දෙන් පුංචි කොටසක් විතරයි

2025 ඉතින් අපි බලාපොරොත්තුවෙ පමණක් නෙමෙයි ක්‍රියාවේ වර්ශයක් කරගමු අපි නිදහස් වෙමු රට නිදහස් කරමු

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...