The Leader News
BREAKING
Top Ad
Biz

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකර ගනී

T

The Leader Desk

December 19, 2025 • 4:28 AM

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකර ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකරගෙන තිබේ.
  • “Dialog 5G Ultra ජාලය දියත් කිරීම, ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත් අනාගත ඩිජිටල් යටිතල පහසුකම් පිරිනැමීම වෙනුවෙන් අප තැබූ සුවිශේෂී පියවරක්.
  • ඩිජිටල් ආර්ථිකයක් තුළ 5G තාක්ෂණය කියන්නේ වේගවත් සන්නිවේදනය පමණක් නොවෙයි.
  • 5G තාක්ෂණය, වේගය අභිභවා නවෝත්පාදනය, කාර්යක්ෂමතාවය වගේම, සියලු දෙනා ඇතුළත් කරගැනෙන විසඳුම් සඳහා බලගන්වන ප්‍රධානතම සාධකයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ (18) පවත්වන ලද සංඛ්‍යාත අලෙවි කිරීමේ වෙන්දේසියේදීය.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මෙසේ පැවසීය.

“Dialog 5G Ultra ජාලය දියත් කිරීම, ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත් අනාගත ඩිජිටල් යටිතල පහසුකම් පිරිනැමීම වෙනුවෙන් අප තැබූ සුවිශේෂී පියවරක්. ඩිජිටල් ආර්ථිකයක් තුළ 5G තාක්ෂණය කියන්නේ වේගවත් සන්නිවේදනය පමණක් නොවෙයි. 5G තාක්ෂණය, වේගය අභිභවා නවෝත්පාදනය, කාර්යක්ෂමතාවය වගේම, සියලු දෙනා ඇතුළත් කරගැනෙන විසඳුම් සඳහා බලගන්වන ප්‍රධානතම සාධකයක්.

ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය ලෙස, ඉදිරි වසර දෙක තුළ මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කරමින් දිවයින පුරා එම සම්බන්ධතාවය ව්‍යාප්ත කිරීමට අප කැපවී කටයුතු කරනවා. එවිට, ඩිජිටල් ශ්‍රී ලංකාවේ පූර්ණ ප්‍රතිලාභ අත්විඳීමට, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම, ව්‍යාපාරයකටම වගේම සෑම කර්මාන්තයකටම අවස්ථාව සැලසෙන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම 5G සංඛ්‍යාත පරාසයන් වෙන්කරදීම වෙනුවෙන් මනා විනිවිදභාවයකින් යුත් වෙන්දේසියක් පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට මෙන්ම ශ්‍රී ලංකා රජයටද අපේ ස්තුතිය පිරිනැමෙනවා”  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...