The Leader News
BREAKING
Top Ad
Biz

Dinemore වෙතින් ‘DinemoreGo’ අවන්හල් ජාලයක් එළිදැක්වේ

T

The Leader Desk

September 27, 2025 • 3:54 PM

Dinemore වෙතින් ‘DinemoreGo’ අවන්හල් ජාලයක් එළිදැක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Dinemore සමාගම (Dinemore Ltd.), සිය නවතම ව්‍යාපාරය වන 'DinemoreGo' හඳුන්වා දෙන බව නිවේදනය කරයි.
  • සිය ව්‍යාපාර ව්‍යාප්ති සමූහයේ කොටසක් ලෙස, ඩිනමෝ සමාගම විසින් මෑතකදී ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් සමාගම (International Restaurant Systems Ltd.) මිලදී ගන්නා ලදී.
  • මෙම මිලදී ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන ස්ථාන 14ක පිහිටි අවන්හල් ජාලයක් Dinemore සමාගම සතු වන අතර, එමගින් ජනාකීර්ණ මර්මස්ථානවල  Dinemore සන්නාමයේ පැවැත්ම ශක්තිමත් වේ.
  • තවද, වසර 30කට ආසන්න කාලයක් පුරා පවත්වාගෙන ආ විශ්වාසනීය ගුණාත්මක භාවයෙන් යුතුව මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමට ඇති හැකියාවද මෙමගින් වැඩි දියුණු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වේගය, පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ දැරිය හැකි මිල යන සාධක පදනම් කරගනිමින්, 'DinemoreGo' නිර්මාණය කර ඇත්තේ Dinemore සතු විශ්වාසනීය උරුමය දිවයින පුරා එදිනෙදා ජීවන රටාවන්ට වඩාත් සමීප කරවීම සඳහා ය.


සිය ව්‍යාපාර ව්‍යාප්ති සමූහයේ කොටසක් ලෙස, ඩිනමෝ සමාගම විසින් මෑතකදී ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් සමාගම (International Restaurant Systems Ltd.) මිලදී ගන්නා ලදී. එම සමාගම මීට පෙර ගෝලීය සන්නාමයක් සඳහා වූ ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් බලපත්‍රය හිමි කරගෙන තිබුණි.

මෙම මිලදී ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන ස්ථාන 14ක පිහිටි අවන්හල් ජාලයක් Dinemore සමාගම සතු වන අතර, එමගින් ජනාකීර්ණ මර්මස්ථානවල  Dinemore සන්නාමයේ පැවැත්ම ශක්තිමත් වේ.

තවද, වසර 30කට ආසන්න කාලයක් පුරා පවත්වාගෙන ආ විශ්වාසනීය ගුණාත්මක භාවයෙන් යුතුව මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට සේවය කිරීමට ඇති හැකියාවද මෙමගින් වැඩි දියුණු වේ.

| Dinemore හි නිර්මාතෘ එම්.එස්.එම්. රිෂාඩ්
Dinemore හි නිර්මාතෘ එම්.එස්.එම්. රිෂාඩ් මෙසේ පැවසීය: "අපගේ ගමනේ උද්වේගකර නව අවධියක් සනිටුහන් කරමින් 'DinemoreGo' හඳුන්වා දීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ඩිනමෝ සතු ගුණාත්මකභාවය සහ සේවාව පිළිබඳ උරුමය ඉදිරියට ගෙන යමින්, මෙම නව අලෙවිසැල් මගින් අපගේ නැවුම් සහ විශිෂ්ට භෝජන අත්දැකීම වඩාත් වේගවත්ව සහ පහසුවෙන් ලබා දෙනු ඇත."

මෙම සන්ධිස්ථානයත් සමඟ, Dinemore සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් (QSR) සන්නාමයක් ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරයි. නූතන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි පරිණාමය වෙමින්, සිය නවෝත්පාදන උරුමයට සහ පාරිභෝගික විශ්වාසයට පාත්‍ර වෙමින්, එම සමාගම දිවයිනේ භෝජන සංස්කෘතිය හැඩගැස්වීම අඛණ්ඩව සිදුකරයි.

‘DinemoreGo’ අවන්හල් ජාලයේ පළමු අවන්හල ඊයේ (26) ගල්කිස්ස නගරයේදී විවෘතකරනු ලැබිය.

 DinemoreGo to redefine Quick Service Restaurant market in Sri Lanka
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...