The Leader News
BREAKING
Top Ad
Biz

පරිසරය වනසන ‘ෆැක්ටරි’ වෙනුවට Eco-Industrial Parks!

T

The Leader Desk

June 3, 2026 • 6:34 AM

පරිසරය වනසන ‘ෆැක්ටරි’ වෙනුවට Eco-Industrial Parks!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාම්ප්‍රදායික කර්මාන්ත කලාපවලට යුරෝපයෙන් ‘කොළ එළියක්’
  • "Eco-Industrial Park" (EIP) සංකල්පය මෙරට කාර්මික පද්ධතියට හඳුන්වා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ධාරිතා වර්ධන වැඩසටහන මඟින් මෙරට කාර්මික ක්ෂේත්‍රයේ විවිධ මට්ටම්වල කොටස්කරුවන් 1,000කට අධික පිරිසක් පුහුණු කිරීමට සැලසුම් කර ඇත.
  • ‘සිංගල්’ ගේම් හරියන්නේ නෑ; සාමූහික කැමැත්ත ඕනෑ මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ (Dr Johann Hesse) සුවිශේෂී ප්‍රකාශයක් සිදුකළේය.
  • මෙම පුහුණු වැඩසටහනට ප්‍රතිපත්ති සම්පාදකයන් 25ක්, කාර්මික කලාප ක්‍රියාකරුවන් 32ක්, කර්මාන්තශාලා හිමියන් 475ක් සහ කර්මාන්තශාලා අවට ජීවත්වන ප්‍රජාවේ 640 දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයෙන් කොටස්කරුවන් 1,000ක් හරිතකරණය කිරීමේ මහා ව්‍යාපෘතියක්

“උඩින් නියෝග දාලා හරිත ආර්ථිකයක් හදන්න බෑ” - ප්‍රායෝගික මෙහෙයුම ගැන EU සහයෝගිතා ප්‍රධානී ජොහාන් හෙසේ කියයි.



ලෝක වෙළඳපොළ තුළ "හරිත නිෂ්පාදන" (Green Products) සඳහා පවතින ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යද්දී, ලංකාවේ සාම්ප්‍රදායික සහ යල් පැන ගිය කර්මාන්ත කලාප (Industrial Parks) පරිසර හිතකාමී, කාර්යක්ෂම සහ ගෝලීය වශයෙන් තරඟකාරී මට්ටමකට ඔසවා තැබීමේ දැවැන්ත ව්‍යාපෘතියක් යුරෝපා සංගමයේ (EU) මූල්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කර තිබේ.

"Eco-Industrial Park" (EIP) සංකල්පය මෙරට කාර්මික පද්ධතියට හඳුන්වා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ධාරිතා වර්ධන වැඩසටහන මඟින් මෙරට කාර්මික ක්ෂේත්‍රයේ විවිධ මට්ටම්වල කොටස්කරුවන් 1,000කට අධික පිරිසක් පුහුණු කිරීමට සැලසුම් කර ඇත.

යුරෝපා සංගමයේ ‘Green Recovery Facility’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ Expertise France ආයතනය, ශ්‍රී ලංකා ජාතික පිරිසිදු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සහ ජර්මානු උපදේශන ආයතනයක් වන Adelphi එක්ව මෙහෙයවනු ලබයි.

‘සිංගල්’ ගේම් හරියන්නේ නෑ; සාමූහික කැමැත්ත ඕනෑ

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ (Dr Johann Hesse) සුවිශේෂී ප්‍රකාශයක් සිදුකළේය.

"යුරෝපීය අත්දැකීම් අනුව කාර්මික කලාප නවෝත්පාදනයන් සහ චක්‍රීය ආර්ථික (Circular Economy) ක්‍රමවේදයන් සමඟ සම්බන්ධ කිරීම ආයෝජන දිනාගැනීමේ ප්‍රධාන යතුරයි. වඩාත්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ ඉහළින් පනවන නියෝගවලින් නෙවෙයි, සමාගම් ස්වේච්ඡාවෙන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළ විටයි," යැයි ඔහු පෙන්වා දුන්නේය.

මෙම පුහුණු වැඩසටහනට ප්‍රතිපත්ති සම්පාදකයන් 25ක්, කාර්මික කලාප ක්‍රියාකරුවන් 32ක්, කර්මාන්තශාලා හිමියන් 475ක් සහ කර්මාන්තශාලා අවට ජීවත්වන ප්‍රජාවේ 640 දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.

කඩදාසි සැලසුම්වලින් එහා ගිය යථාර්ථය...

ලංකාවේ පවතින බොහොමයක් කර්මාන්ත කලාප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ අපද්‍රව්‍ය කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම, සම්පත් නාස්තිය සහ යටිතල පහසුකම් යල් පැන ගොස් තිබීමයි. මේ නිසා ජාත්‍යන්තර ගැනුම්කරුවන් ඉදිරියේ මෙරට අපනයන තරඟකාරීත්වය බිඳ වැටීමේ අවදානමක් පවතී.

යුරෝපා සංගමයේ සහයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ හරිත මූල්‍යකරණ උපායමාර්ග (Green Financing), කාර්මික සහජීවනය (Industrial Symbiosis) සහ පාරිසරික අනුකූලතාව වැනි ප්‍රායෝගික විෂය පථයන් ඔස්සේ කම්හල් හිමියන් සහ නිලධාරීන් පුහුණු කිරීමට නියමිතය.

 

ලංකාවට ඩොලර් සහ යුරෝ අවශ්‍ය නම්, පරිසරය වනසන සාම්ප්‍රදායික කර්මාන්ත මාදිලියෙන් මිදී, ජාත්‍යන්තරය ඉල්ලන මෙම "හරිත සහතික" (Green Accreditations) ප්‍රායෝගිකව දිනා ගැනීමට ආණ්ඩුව මෙන්ම පුද්ගලික අංශය ද කඩිනමින් ක්‍රියා කළ යුතුය.


(සම්පත් ධීරසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...