The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකාවේ Ewis දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

T

The Leader Desk

March 14, 2025 • 10:21 AM

ශ්‍රී ලංකාවේ Ewis දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සාඩම්බර නිමැවුම EWIS - ශ්‍රී ලංකාවෙන් මුළු ලොවටම
  • නිෂ්පාදනය සහ එකලස් කිරීමේ වසර 11කට වැඩි විශේෂඥ අත්දැකීම් ඇති EWIS Colombo සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
  • ආයෝජන මණ්ඩලයේ (BOI) 17වන වගන්තියෙන් අනුමත කරන ලද සමාගමක් ලෙස, EWIS මෙරට පළමු සහ එකම දේශීය පරිගණක නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇති අතර, එමඟින් පරිගණක සහ තාක්ෂණික මෙවලම් අපනයනයේ වර්ධනයට මග පෙන්වයි.
  • අපේම දක්ෂතාව, හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින්, අපනයනය සඳහා උසස් ගුණාත්මයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙය සාක්ෂි දරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, ප්‍රථමවරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කර ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන මෙමගින්, තොරතුරු තාක්ෂණ දෘඩාංග නිෂ්පාදනයේ නැගී එන බලවේගයක් ලෙස ස්ථානගත කරමින්, නවෝත්පාදනය, ගුණාත්මකබව සහ විශිෂ්ටත්වය සඳහා EWIS හි කැපවීම ජාත්‍යන්තර වේදිකාව තුළ විද්‍යාමාන කරයි.

ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විසඳුම් සම්පාදනය කිරීම සඳහා වූ සමාගමෙහි කැපවීම, සූරියවැව අති නවීන EWIS නිෂ්පාදන කර්මාන්ත ශාලාව වෙතින් සිදු කළ මෙම ඓතිහාසික නැව්ගත කිරීමෙන් තවදුරටත් සනාථ වේ.

නිෂ්පාදනය සහ එකලස් කිරීමේ වසර 11කට වැඩි විශේෂඥ අත්දැකීම් ඇති EWIS Colombo සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

ආයෝජන මණ්ඩලයේ (BOI) 17වන වගන්තියෙන් අනුමත කරන ලද සමාගමක් ලෙස, EWIS මෙරට පළමු සහ එකම දේශීය පරිගණක නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇති අතර, එමඟින් පරිගණක සහ තාක්ෂණික මෙවලම් අපනයනයේ වර්ධනයට මග පෙන්වයි.

EWIS Colombo සමාගමේ සභාපති, සංජීව වික්‍රමනායක මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සාඩම්බරයෙන් පැවසූවේ,

"මෙම සුවිශේෂී සන්ධිස්ථානය EWISහි අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා. අපේම දක්ෂතාව, හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින්, අපනයනය සඳහා උසස් ගුණාත්මයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙය සාක්ෂි දරනවා. දේශීය වෙළඳ පොළින් ඔබ්බට යමින්, ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට හැකි වීම පිළිබඳව අප මහත් ආඩම්බරයට පත් වෙනවා" යනුවෙනි.

ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකබව සඳහා EWISහි කැපවීම ඔවුන් සතු ISO 9001:2015, ISO 14001:2015, CE, FCC, RoHS සහ IEC 62368-1 සහතික මගින් සනාථ කරන අතර, මෙම ප්‍රමිතීන් තුළින් EWISහි අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කරයි. මෙම ගෝලීය ප්‍රමිතීන් මඟින් විශිෂ්ටත්වය සඳහා EWIS කොන්දේසි විරහිත කැපවීම තහවුරු කරන අතර ජාත්‍යන්තර වෙළඳ පොළෙහි EWIS නිෂ්පාදන ඉතා තරඟකාරී කිරීමට එය සාධක වී ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රමුඛයෙකු ලෙස EWIS, දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ, අධ්‍යාපනය, ව්‍යාපාර සහ රජයේ ව්‍යවසායන් සඳහා නවීන විසඳුම් සම්පාදනය කරයි. වසර 11 කට වැඩි දේශීය නිෂ්පාදන සහ එකලස් කිරීමේ විශේෂඥතාව සමඟින්, උසස් තත්ත්වයේ, ජාත්‍යන්තරව තරඟකාරී වන IT දෘඩාංග නිෂ්පාදනය සඳහා EWIS එහි හැකියාවන් අඛණ්ඩව තියුණු කර තිබේ.

සිම්බාබ්වේ වෙත සාර්ථකව සිදු කරන ලද මෙම අපනයනය, EWIS හි ජාත්‍යන්තර සලකුණු පුළුල් කිරීම සඳහා තැබූ ශක්තිමත් පියවරක් නියෝජනය කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ හා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු ශක්‍යතාව ශක්තිමත් කරමිනි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සවිමත් කරන ගමනේ, ගෝලීය තාක්‍ෂණ සැපයුම් දාමය තුළ ජාතියේ ස්ථානය ශක්තිමත් කරමින්, තවදුරටත් තොරතුරු තාක්ෂණ මෘදුකාංග අපනයනය සඳහා මෙම සන්ධිස්ථානය අඩිතාලම සපයයි.

සිම්බාබ්වේ වෙත කළ සාර්ථක පිවිසීමත් සමඟින් EWIS Colombo සමාගම, අප්‍රිකාව සහ ඉන් ඔබ්බට ඇති නව අවස්ථා පිළිබඳව ක්‍රියාකාරීව ගවේෂණය කරයි.

ලොව පුරා ඇති ව්‍යාපාර, ආයතන සහ පාරිභෝගිකයින්ගේ පරිණාමය වන අවශ්‍යතා සපුරාලන නව්‍ය, ඉහළ කාර්ය සාධනයක් සහිත, දේශීයව ගොඩනගා ඇති තාක්‍ෂණික විසඳුම් ලබා දීමේ මෙහෙවර උදෙසා EWIS අඛණ්ඩව කටයුතු කරයි.

වර්ධනයේ සහ පුළුල් කිරීමේ EWIS හි අඛණ්ඩ ගමන් මග තුළ, අන්තර්ජාතික තාක්ෂණ දෘඩාංග කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ භූමිකාව ශක්තිමත් කිරීම සඳහා සමාගම, ජාත්‍යන්තර තාක්ෂණික පාර්ශවකරුවන්, බෙදා හරින්නන් සහ කොටස්කරුවන් වෙත ආරාධනා කරයි.

| adaderana
e wiz1


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...