The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතුයි | Ewis සභාපති සංජය වික්‍රමනායක

T

The Leader Desk

March 14, 2025 • 4:51 PM

ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතුයි |  Ewis සභාපති සංජය වික්‍රමනායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන එක්සත් ජනපද ඩොලර් ආදායම් වැඩි කර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ
  •   මෙරට පරිගණක එකලස් කිරීමේ කර්මාන්තයේ නිරත ප්‍රථම ආයතනය ලෙස මීට වසර 10කට පෙර සූරියවැව ඇරඹි e-wis කර්මාන්ත ආයතනයේ නිෂ්පාදන ගණනාවක් පවතියි.
  •   දිනෙන් දින වෙනස්වන නව ලොව තාක්ෂණය ශ්‍රී ලාංකික දූ දරුවන්ට ලබා දෙමින් ඔවුන්ගේ නවෝත්පාදන හා නව නිපැයුම් වාණිජ කටයුතු දක්වා දියුණු කොට පෙරට ගෙන ඒමට බලධාරින් කටයුතු කළ යුතු බව ද සංජය වික්‍රමනායක මකීය.
  • ශ්‍රී ලංකාවේ මානව සම්පත ඉතා නිර්මාණශීලී දක්ෂ හැකියාවන්ගෙන් යුතු පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගිවිසුම්වලට අමතරව තවත් ද්විපාර්ශ්වික ගිවිසුම් ගණනාවකට ශ්‍රී ලංකාව එළඹිය යුතු බව මෙරට e-wis පළමු පරිගණක එකලස් කිරීමේ කර්මාන්තායතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රකට ව්‍යවසායක සංජය වික්‍රමනායක ප්‍රකාශ කළේය.

සංජය වික්‍රමනායක මෙම අදහස් පළ කළේ සිය නිපැයුම් ප්‍රථම වරට සිම්බාබ්වේ රාජ්‍යය වෙත අපනයනය කිරීමට පියවර ගනිමින් පෙරේදා සූරියවැව e-wis කර්මාන්තශාලාවේ පැවැති උත්සව සභාවෙන් අනතුරුව හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

වසර 2030 වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 30ක අපනයන ආදායමක් අපේක්ෂා කරමින් ඉලක්ක සහගතව මෙරට කර්මාන්ත, සේවා පෙළගැස්සවීමට කටයුතු කරන අතර එය සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලාංකික අපට අපනයන වෙළෙඳ පොළ ජය ගැනීමට පුළුවන් (Sri Lankan can) යන තිර අදිටනින් යුතුව අපනයනකරුවෝ කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

 

මෙරට පරිගණක එකලස් කිරීමේ කර්මාන්තයේ නිරත ප්‍රථම ආයතනය ලෙස මීට වසර 10කට පෙර සූරියවැව ඇරඹි e-wis කර්මාන්ත ආයතනයේ නිෂ්පාදන ගණනාවක් පවතියි. නවතම රූපවාහිනි යන්ත්‍ර, අතිනවීන තාක්ෂණයෙන් යුතු දුරකතන, දුරකතන උපාංග සහ පරිගණක නිර්මාණය කිරීම මෙන්ම නව පරිගණක මෘදුකාංග මෙන්ම රාජ්‍ය සේවා කටයුතු පහසු කිරීම සඳහා වූ ඩිජිටල්කරණ විසඳුම් මෙමගින් නිෂ්පාදනය කෙරේ.

 

දිනෙන් දින වෙනස්වන නව ලොව තාක්ෂණය ශ්‍රී ලාංකික දූ දරුවන්ට ලබා දෙමින් ඔවුන්ගේ නවෝත්පාදන හා නව නිපැයුම් වාණිජ කටයුතු දක්වා දියුණු කොට පෙරට ගෙන ඒමට බලධාරින් කටයුතු කළ යුතු බව ද සංජය වික්‍රමනායක මකීය.

අපනයන ආදායම් වැඩි කර ගැනීම සඳහා රජය පෞද්ගලික අංශය දිරිමත් කළ යුතු බව අවධාරණය කළ සංජය වික්‍රමනායක මහතා තිරසාර බදු ප්‍රතිපත්තියක්, නව වෙළෙඳපොළ සොයා ගැනීමට පහසුකම්, නව පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට වැඩි අවධානයක් ලබා දීම ඇතුළු කර්මාන්තකරණයට අවශ්‍ය පහසුකම් ඉක්මනින් ලබා දීම රජයෙන් කළ යුතු බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මානව සම්පත ඉතා නිර්මාණශීලී දක්ෂ හැකියාවන්ගෙන් යුතු පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම පිරිස් වෙත අවශ්‍ය දැනුම, ආකල්ප වැඩි දියුණු කරවන මඟපෙන්වීමක් සහ අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එවැනි මඟපෙන්වීමක් හරහා සවිබලගැන්වූ මානව සම්පත ලෝක ආර්ථිකය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි බව කියාපාන එක් කර්මාන්ත ආයතනයක් ලෙස අප ආයතනය හැඳින්විය හැකි බව සභාපතිවරයා කීය.

මෙරටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීම සඳහා නවෝත්පාදනවලට මුල්තැන ලබා දෙමින් නව පේටන්ට් බලපත්‍රලාභී නිපැයුම් වැඩි වැඩියෙන් සිදුකිරීම කළ යුතුයි. ඒ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිට වැඩි ප්‍රායෝගික අවධානයක් යොමු කළ යුතුය. විදෙස් විනිමය ලැබෙන කර්මාන්තවලට බලගැන්වෙන අතර නිර්මාණශීලී මානව සම්පතක් හරහා ලෝකය පුරා ඉහළ රැකියා අවස්ථා හිමි ක්ෂේත්‍රවලට අප යොමු විය යුතුයි.

විශේෂයෙන් අප්‍රිකානු රටවල් වන ටැංසානියාව, සැම්බියාව, දකුණු අප්‍රිකාව සහ පරිගණක තාක්ෂණ පහසුකම් අවශ්‍ය රටවල් වෙත ශ්‍රී ලංකාව යොමු වීමට පෙරමුණු ගත යුතු බව ද ඔහු කීය.

ඒ අතරතුර යුරෝපීය රටවල් මෙන්ම අමෙරිකානු එක්සත් ජනපදය වෙත ද මෙරට නිෂ්පාදිත නවීනතම පරිගණක සහ උපාංග අපනයනය කොට වැඩි ආදායම් ලැබීමට පෙළඹවීම අත්‍යවශ්‍ය කරුණක් බව වික්‍රමනායක කීය.

මෙම අවස්ථාවට එම ආයතනයේ අධ්‍යක්ෂ ආර්. විජයනායක, නිර්මල් පීරිස්, සාමාන්‍යාධිකාරි චාමර සහබන්දු ද සහභාගි වී සිටියහ.

( සටහන | ජේ. මුණසිංහ)

සබැඳි පුවත් :
ශ්‍රී ලංකාවේ Ewis දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

evis

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...