The Leader News
BREAKING
Top Ad
Biz

FACETS Sri Lanka : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026 ජනවාරියේ

T

The Leader Desk

August 15, 2025 • 3:39 AM

FACETS Sri Lanka : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026 ජනවාරියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන 'FACETS Sri Lanka හි 32වන ප්‍රදර්ශනය පිළිබඳ පසුගියදා නිවේදනය කලේ ය.
  • නව ප්‍රදර්ශන අනන්‍යතාවයක්, සිත් ඇදගන්නාසුලු සුවිශේෂී අත්දැකීමක් මෙන්ම  නවෝත්පාදනය පදනම් කරගත්  ව්‍යාපෘතියක් වන FACETS 2026 හරහා  මැණික් සඳහා විශේෂ වූ අන්තර්ජාතික ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ උරුමය විඳගැනීමට  ලෝකයට ඇරයුම් කරයි.
  • මුල් කාලීනව Hilton සහ BMICH හි දී දියත් කළ FACETS  ප්‍රදර්ශනයන් පසු කාලීනව Cinnamon Grand අවකාශය තුළ පැවත්වුණු අතර මේ වන විට එය Cinnamon life දක්වා  ආකර්ෂණීය ලෙස විකාශනය වී ඇත.
  • මෙලෙස පරිමාණයෙන්, ශෛලියෙන් සහ විෂය පථයෙන්  FACETS පරිණාමය වීම හරහා කර්මාන්තය තුළ පවතින වෙනස් වන ස්වරූපය සහ අභිලාෂ මැනවින් නිරූපණය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2026 වසරේ ජනවාරි 03 සිට 05 දක්වා Cinnamon Life  City of Dreams හෝටල් පරීශ්‍රයේ The Forumහී දී පැවත්වීමට නියමිත ය. මේ ඔස්සේ ඉහළ ගෝලීය කීර්තියක් සහිත සුවිශේෂී අවස්ථා පිළිබඳ ආකර්ෂණීය පරිවර්තනයක් සනිටුහන් කෙරේ.

FACETS මෙම වසරේ දී අති නවීන සන්ධිස්ථානයක් වෙත පිවිසෙමින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ වටිනා උරුමය සහ එහි අනාගතය මැනවින් ඉස්මතු කරන දූරදර්ශී සංකල්පයක් හඳුන්වා දෙයි.

නව ප්‍රදර්ශන අනන්‍යතාවයක්, සිත් ඇදගන්නාසුලු සුවිශේෂී අත්දැකීමක් මෙන්ම  නවෝත්පාදනය පදනම් කරගත්  ව්‍යාපෘතියක් වන FACETS 2026 හරහා  මැණික් සඳහා විශේෂ වූ අන්තර්ජාතික ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ උරුමය විඳගැනීමට  ලෝකයට ඇරයුම් කරයි.

වසර 32ක් පුරා මැණික් පතලේ සිට වෙළෙඳපළ වෙත පැමිණි දිගු ගමන් මග සැමරීම

1991 දී ආරම්භ කළ FACETS Sri Lanka ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ශිල්පීය හැකියා වර්තමානය වන විට ලෝකය සමග සම්බන්ධ කරන ඉහළ පිළිගැනීමක් සහිත ජාත්‍යන්තර අවස්ථාවක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවට සොබාදහමෙන් හිමි වූ අද්විතීය දායාදයක් වන නිල් මැණික් (Ceylon Sapphire) පිළිබඳ මෙන්ම දේශීය මැණික් කැපුම් ශිල්පීන්ගේ සහ ස්වර්ණාභරණකරුවන්ගේ විශිෂ්ට කලාත්මක හැකියා මැනවින් විදහා දැක්වීම කෙරෙහි දශක තුනකට නොඅඩු කාලයක් පුරා මහඟු දායකයත්වයක්  මෙම ප්‍රදර්ශනය මගින් පිරිනමනු ලැබ තිබේ.

මුල් කාලීනව Hilton සහ BMICH හි දී දියත් කළ FACETS  ප්‍රදර්ශනයන් පසු කාලීනව Cinnamon Grand අවකාශය තුළ පැවත්වුණු අතර මේ වන විට එය Cinnamon life දක්වා  ආකර්ෂණීය ලෙස විකාශනය වී ඇත. මෙලෙස පරිමාණයෙන්, ශෛලියෙන් සහ විෂය පථයෙන්  FACETS පරිණාමය වීම හරහා කර්මාන්තය තුළ පවතින වෙනස් වන ස්වරූපය සහ අභිලාෂ මැනවින් නිරූපණය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA) සභාපති අක්‍රම් කාසිම් මෙසේ ප්‍රකාශ කළේ ය.

"සෑම විටම FACETS යනු හුදෙක් ප්‍රදර්ශනයකින් ඔබ්බට විහිදෙන සුවිශේෂී කටයුත්තක්. ශ්‍රී ලංකාවේ උරුමය, කුසලතා සහ ගෝලීය අභිලාෂ මේ ඔස්සේ සමරනු ලබනවා. FACETS 2026 අප පැමිණි ගමනේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර එය අපව මෙතරම් ඉහළ ස්ථරයකට රැගෙන ආ සියලුම පාර්ශවයන්ට ගෞරව ප්‍රණාමය පුද කරමින් අනාගතය දෙස  නව දැක්මකින්  බැලීමට අපිව යොමු කරන පරිච්ඡේදයක්."

නවෝත්පාදනය, තිරසාරභාවය සහ නිල් මැණික්වල දීප්තිය

පුරාණයේදී අනුගමනය කළ මැණික් කැණීම් ක්‍රමවේදවල සිට නවීන මැණික් කැපීමේ ශිල්පීය ක්‍රමවේද, සදාචාරාත්මක මූලාශ්‍රකරණය සහ වර්තමාන ආභරණ නිර්මාණය දක්වා පූර්ණ අත්දැකීමක් මෙම FACETS 2026 නරඹන්නන් වෙත පිරිනමනු ඇත.

රත්න විද්‍යාව සහ මැණික් ශිල්පය ( lapidary work) පිළිබඳ මෙම ප්‍රදර්ශනය ඔස්සේ ඉදිරිපත් කරන අතර රාජකීය නිල් (royal blue) සහ ටීල් (teal) සිට දුර්ලභ පද්මරාග (Padparadscha) දක්වා නිල් මැණික්වල විචිත්‍රවත් වර්ණාවලියක් දැක ගැනීමේ මනරම් අවස්ථාව ද මෙහි දී නරඹන්නන් හට හිමිවේ.

මෙම ප්‍රදර්ශනයේ විවිධ තේමා යටතේ වෙන් කළ කලාප මගින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ  “පතල් කර්මාන්තයේ සිට වෙළෙඳපළ  දක්වා ගමන් කරන” පුළුල් සිදුවීම ඉදිරිපත් කරයි.

'ඓතිහාසික කැණීම් මෙවලම් සහ භාවිත පිළිබඳ ගවේෂණය, රළු සහ ඔප දැමූ මැණික් ගල් ප්‍රදර්ශන, මැණික් කැපීමේ සහ නිර්මාණකරණයේ නවෝත්පාදන, ශ්‍රී ලාංකික මැණික් පතල් පිළිබඳ VR අත්දැකීම්, මැණික් කර්මාන්තයේ මීළඟ පරපුරේ වෘත්තිකයන් වෙත ආශ්වාදජනක අත්දැකීමක් තිළිණ කිරීම වෙනුවෙන් තරුණයින් සංවිධානය කළ ප්‍රදර්ශන ආදිය මෙම කලාපවලට ඇතුළත් වේ.

FACETS 2026 හි සභාපති ආර්මිල් සමූන් මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය.

"අපගේ කර්මාන්තය FACETS ඔස්සේ මැනවින් ඉස්මතු කරනවා. මෙම වසරේ ප්‍රදර්ශනය සම්ප්‍රදායික පරිවර්තන සමග හොඳින් මුසු වී තිබෙනවා. මෙය හුදෙක් ආභරණ ප්‍රදර්ශනයක් පමණක් නොවෙයි. අපි විවිධ කතන්දර ගොඩනගමින්, අනාගතය වෙත ආශ්වාදයක් තිළිණ කරමින් ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය මැණික් ක්ෂේත්‍රයේ ඉහළින්ම තැබීමට කටයුතු කරනවා."

ගෝලීය දැක්ම සහ දේශීය උරුමය

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ මැණික් අලෙවිකරුවන්, ස්වර්ණාභරණ නිර්මාණශිල්පීන් සහ නැගී එන නිර්මාණකරුවන් ඇතුළු ප්‍රදර්ශකයින් 100කට අධික සංඛ්‍යාවක් මෙවර FACETS 2026 ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිතය.

ඉලක්කගත ජාත්‍යන්තර සම්බන්ධතා, ගැනුම්කරුවන්ගේ නියෝජිත කණ්ඩායම් සහ Sapphire Night, සුහද සංග්‍රහයක් සහ High Tea අත්දැකීම්  සමග මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ  නියැළි සිටින කාන්තාවන් සවිබල ගැන්වීම යනාදි විශේෂ තෝරාගත් සිදුවීම් රැසක් සංස්කෘතිය සහ නිර්මාණශීලිත්වය මුසු කරමින් මෙම ප්‍රදර්ශනයට සමගාමීව සැලසුම් කර ඇත.

ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව නැවතත් සිය ස්ථානය  ලබා ගන්නා විට, FACETS 2026 ඔස්සේ ශ්‍රී ලංකාව මැණික් කර්මාන්තය සඳහා සුවිශේෂී ස්ථානයක් ලෙස පමණක් නොව  නවෝත්පාදන, සදාචාරාත්මක ශිල්පීය හැකියා සහ සදාතනික සුන්දරත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරනු ඇත.


FACETS Sri Lanka 2026 marks a bold new era at Cinnamon Life 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...