The Leader News
BREAKING
Top Ad
Biz

Fitch Ratings, ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිය ඉහළ දමයි

T

The Leader Desk

January 24, 2025 • 7:21 AM

Fitch Ratings, ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිය ඉහළ දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් අනතුරුව, මෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
  • ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ බැංකුවල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ෆිච් කටයුතු කර ඇති අතර, තවත් බැංකු 5ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම්ද සහතික කිරීමට කටයුතු කර තිබේ.
  • එමෙන්ම, සහතික කළ ශ්‍රේණිගත කිරීම් සහිත බැංකු ලෙස, අමානා බැංකුව, යුනියන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ කාගිල්ස් බැංකුව දක්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ පසුගිය දෙසැම්බර් 20දා ෆිච් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය-මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) "CCC-" සිට "CCC+" දක්වා ඉහළ නැංවීමෙන් පසුව නවතම යාවත්කාලීන කිරීම සිදු කරමිනි.


ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ බැංකුවල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ෆිච් කටයුතු කර ඇති අතර, තවත් බැංකු 5ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම්ද සහතික කිරීමට කටයුතු කර තිබේ.

මෙම ජාතික පරිමාණ ශ්‍රේණිගත කිරීම් යනු දේශීය ආයෝජකයන්ට අවදානම වෙන්කර හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත අවදානම් ශ්‍රේණිගත කිරීමක් වන අතර, බැංකුවල ජාතික ශ්‍රේණිගත කිරීම්වලදී රටේ අනෙකුත් නිකුත් කරන්නන්ට සාපේක්ෂව ඔවුන්ගේ ණය සුදුසුකම් සලකා බැලීමක් සිදු කරයි.

ඒ අනුව, 

* ලංකා බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, 

* මහජන බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, 

* කොමර්ෂල් බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, 

* හැටන් නැෂනල් බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, 

* සම්පත් බැංකුව 'A(lka)' සිට 'AA-(lka)' දක්වාත්, 

* සෙලාන් බැංකුව 'A-(lka)' සිට 'A+(lka)' දක්වාත්, 

* DFCC බැංකුව 'A-(lka)' සිට 'A(lka)' දක්වාත්, 

* ජාතික සංවර්ධන බැංකුව 'A-(lka)' සිට 'A(lka)' දක්වාත්, 

* නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 'A-(lka)' සිට 'A(lka)' දක්වාත්, 


* පෑන් ඒෂියා බැංකුව 'BBB-(lka)' සිට 'BBB(lka)' දක්වාත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ.


එමෙන්ම, සහතික කළ ශ්‍රේණිගත කිරීම් සහිත බැංකු ලෙස, අමානා බැංකුව, යුනියන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ කාගිල්ස් බැංකුව දක්වා තිබේ.

( ada | ෂමිල පෙරේරා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...