The Leader News
BREAKING
Top Ad
Biz

ආචාර්ය හාන්ස් විජයසූරිය GSMA සභාපති සම්මානයෙන් පිදුම් ලබයි

T

The Leader Desk

March 12, 2024 • 5:11 AM

ආචාර්ය හාන්ස් විජයසූරිය GSMA සභාපති සම්මානයෙන් පිදුම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන
  • එපමණක් නොව, ආසිආටා සමූහයේ ව්‍යවසාය සහ ජාත්‍යන්තර ව්‍යාපාර මෙන්ම, එහි ජාත්‍යන්තර මෘදුකාංගය සම්බන්ධ කටයුතු හා ඩිජිටල් පරිවර්තන ඒකකය වන ආසිආටා ඩිජිටල් ලැබ් (ADL) ද, ආචාර්ය හාන්ස් විජයසූරියගේ කීර්තිමත් වෘත්තීය විෂය පථයට ඇතුළත් ය.
  • ඩයලොග් ඇතුළුව ආසිආටා සමූහයේ අනෙකුත් මෙහෙයුම් සමාගම්, මේ වන විට ලොව අති නවීන තාක්ෂණික හැකියාවන් ඉහළ නංවමින් ආසියානු කලාපයේ මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පුරෝගාමීන් ලෙසින් කටයුතු කරයි.
  • මොබයිල් සන්නිවේදනය කලාපීය හා ගෝලීය වශයෙන් ඉහළ නැංවීම උදෙසා ආසිආටා සමූහයේ කණ්ඩායම් හා කටයුතු කරන ආචාර්ය හාන්ස් විජයසූරිය, මේ වන විට GSMA හි වැඩසටහන් ගණනාවක් වෙනුවෙන්ම සිය ක්‍රියාකාරී දායකත්වය දක්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය පසුගියදා ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවති මොබයිල් ලෝක සමුළුවෙහිදී, GSMA හි වටිනාම සම්මානය වන සභාපති සම්මානයෙන් පිදුම් ලැබීය.

 12 Hans scaled

ලොව මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශිෂ්ට දායකත්වයක් දක්වන  පුද්ගලයන්  සහ ආයතන අගයමින් GSMA සභාපති සම්මානය පිරිනැමෙන අතර, ගෝලීය මොබයිල් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා දක්වන කැපී පෙනෙන දායකත්වය අගයමින් ආචාර්ය හාන්ස් විජයසූරිය වෙත එම සම්මානය ප්‍රදානය කෙරිණි.

 

ආසියානු කලාපය පුරා විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් මිලියන 170 කට අධික ග්‍රාහක පිරිසකට සේවාව සලසන විශාලතම විදුලි සංදේශ සමාගම් සමූහයක් වන ආසිආටා සමූහය නියෝජනය කරමින් ආචාර්ය හාන්ස් විජයසූරිය, ගෝලීය මොබයිල් ක්ෂේත්‍රයේ නියාමන මණ්ඩලය ලෙසින් සැලකෙන GSMA (Global System for Mobile Communications) හි අධ්‍යක්ෂ මණ්ඩලයෙහිද කටයුතු කරයි. 

 

 GSMA


ආසිආටා සමූහයෙහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පුරාම ඩිජිටල් විදුලි සංදේශ සම්බන්ධ මෙහෙයුම් කටයුතු ඔහු විසින් අධීක්ෂණය කරනු ලබයි. එපමණක් නොව, ආසිආටා සමූහයේ ව්‍යවසාය සහ ජාත්‍යන්තර ව්‍යාපාර මෙන්ම, එහි ජාත්‍යන්තර මෘදුකාංගය සම්බන්ධ කටයුතු හා ඩිජිටල් පරිවර්තන ඒකකය වන ආසිආටා ඩිජිටල් ලැබ් (ADL) ද, ආචාර්ය හාන්ස් විජයසූරියගේ කීර්තිමත් වෘත්තීය විෂය පථයට ඇතුළත් ය.

ඩයලොග් ඇතුළුව ආසිආටා සමූහයේ අනෙකුත් මෙහෙයුම් සමාගම්, මේ වන විට ලොව අති නවීන තාක්ෂණික හැකියාවන් ඉහළ නංවමින් ආසියානු කලාපයේ මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පුරෝගාමීන් ලෙසින් කටයුතු කරයි. එමෙන්ම, මොබයිල් සන්නිවේදන ක්ෂේත්‍රයෙන් කලාපය පුරාම කැපී පෙනෙන බලපෑමක් ඇති කිරීම අතින්ද එම සමාගම්වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 

 

Open gateway hero image

මෑතකදී, GSMA හි Open Gateway වැඩසටහන ආසියානු කලාපය තුළ ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේද ආසිආටා සමූහය විසිනි. මොබයිල් සන්නිවේදනය කලාපීය හා ගෝලීය වශයෙන් ඉහළ නැංවීම උදෙසා ආසිආටා සමූහයේ කණ්ඩායම් හා කටයුතු කරන ආචාර්ය හාන්ස් විජයසූරිය, මේ වන විට GSMA හි වැඩසටහන් ගණනාවක් වෙනුවෙන්ම සිය ක්‍රියාකාරී දායකත්වය දක්වා තිබේ.

download
ඩයලොග් සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා කීර්තිමත් සේවා කාලයක් සටහන් කළ කාලය, ඩයලොග් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ කාලපරිච්ඡේදයකි. එම කාලය තුළ ක්ෂේත්‍රයට පිවිසි හතරවැනි සමාගම ලෙසින් මෙරට මොබයිල් ක්ෂේත්‍රයට සිය සම්ප්‍රාප්තිය සටහන් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම විදුලි සංදේශ සන්නිවේදන සේවා සම්පාදකයා බවට පත්වීමට ඩයලොග් වෙත හැකි විණි. 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...