The Leader News
BREAKING
වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා' තුළින් සමාජය පිටුදකින මිනිසුන්ගේ මනුෂ්‍යත්වය සොයයි●වෙලිංටන් පිටියේදී ඉන්දියාවෙන් ලකුණු 720ක වාර්තාගත ප්‍රහාරයක්!●පිරිසිදු හුස්මත් අපට අහිමි වේද?: වායු ගුණාත්මකභාවය පහළ බැසීමේ කතාව●මරණාසන්න රෝගීන්ට නිහඬ සෙනෙහස පෑ බළල් මිතුරා●ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප●එමිරේට්ස් යන ඔබ දැනගත යුතු ඇඳුම් පැළඳුම් සීමාවන්●උද්වේගය සහ සන්ත්‍රාසය තුළින් ඉතිහාසය වර්තමානයට: 'Uprising'●
Top Ad
Biz

'ශ්‍රි ලංකාවේ ආර්ථිකය වේගයෙන් යථා තත්වයට පත් වෙමින් තිබෙනවා ' - ආන්දෝලනයට ලක්ව සිටින Homelands හි හිමිකරු කියයි

T

The Leader Desk

October 26, 2025 • 4:03 AM

'ශ්‍රි ලංකාවේ ආර්ථිකය වේගයෙන් යථා තත්වයට පත් වෙමින් තිබෙනවා ' - ආන්දෝලනයට ලක්ව සිටින Homelands හි හිමිකරු කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති හමුවකදීය.
  • එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපාරික නලීන් හේරත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ මොහොතේ ඉතා වේගයෙන් යථා තත්වයට පත් වෙමින් පවතින බවත් රට ඉතා හොඳින් කටයුතු කරන බවත් අවධාරණය කර සිටියේය.
  • විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ ආදායම් පසුගිය වසරට සාපේක්ෂව 20%කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එය සැලකිය යුතු වර්ධනයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
  • ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති බවත් රටේ දූෂණය අවම වී ඇති බවත් පහළ සහ මධ්‍යම මට්ටම්වල සුළු දූෂණ තත්වයක් පැවතියද, ඉදිරි වසර දෙක තුන තුළ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට පත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති හමුවකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපාරික නලීන් හේරත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ මොහොතේ ඉතා වේගයෙන් යථා තත්වයට පත් වෙමින් පවතින බවත් රට ඉතා හොඳින් කටයුතු කරන බවත් අවධාරණය කර සිටියේය.

විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ ආදායම් පසුගිය වසරට සාපේක්ෂව 20%කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එය සැලකිය යුතු වර්ධනයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති බවත් රටේ දූෂණය අවම වී ඇති බවත් පහළ සහ මධ්‍යම මට්ටම්වල සුළු දූෂණ තත්වයක් පැවතියද, ඉදිරි වසර දෙක තුන තුළ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට පත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තවද, ශ්‍රී ලංකාව දැන් ආයෝජන සදහා ඉතා හිතකරකාරි වන බවත් රජය පෞද්ගලික අංශය මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබමින් ව්‍යාපාරවලට සහාය දක්වන බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

 

කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා මෑතකදී නාගරික සංවර්ධන අධිකාරියෙන් නීතියට පටහැනිව අනුමැතිය ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝම්ලෑන්ඩ්ස් (Homelands) සමාගමට හා නාගරික සංවර්ධන අධිකාරියට  මේදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...