ඩ්‍රෝන තාක්ෂණය භාවිතයට ගනිමින් අක්කර දස දහස් ගණනක මිනුම් කටයුතු සහ සිතියම්කරණය සිදු කිරීම මෙන්ම තොරතුරු තාක්ෂණික නව මෘදුකාංග හඳුන්වා දෙමින් ඩ්‍රෝන තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරන ශ්‍රී ලංකාවේ හොඳම නවෝත්පාදන සහිත ඩ්‍රෝන ටෙක් තාක්ෂණික සමාගමට හිමි සම්මානය Infinite Geo Aerial Solutions (pvt) Ltd (IGAS) ආයතනය විසින් දිනාගන්නා ලදී.
ඉකුත්දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති HUMAN RIGHTS EXCELLENCE AWARD 2025 සම්මාන උළෙලේදී එම සම්මානය පිරිනැමීම සිදු කෙරින.
ඩ්‍රෝන තාක්ෂණ, නව මෘදුකාංග සහ නව යෙදවුම් යොදා ගනිමින් නවෝත්පාදන සහිතව තරුණ තරුණියන්ට මේ ක්ෂේත්‍රයට ප්‍රවේශවීම සඳහා අධ්‍යාපනය ලබාදෙන IGAS (pvt) Ltd & IGAS Academy ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන් පුහුණුකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයකි. එහි පුහුණු උපදේශක මණ්ඩලය විසින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 4) සඳහා ඩ්‍රෝන් නියමු පුහුණු වැඩසටහන සඳහා ජාතික සුදුසුකම් ප්‍රමිති (NCS) සංවර්ධනය සිදු කරයි.
ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති මෙම ආයතනයේ පුහුණු වැඩසටහන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශ්වාසනීය සහ පිළිගත් අයුරින් ක්‍රියාත්මක වේ.
ඒ අනුව එම ආයතනයේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හඳුනාගත් 2025 මානව හිමිකම් සංවිධානය ලංකා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී IGAS Academy "Best Innovative Drone Tech Company" සම්මානය හිමිකර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට LIDAR සිතියම්කරණය, සිගිරිය ගලේ සිදුකළ නවීන පර්යේෂණ මූලධර්මය මඟින්, ඉතිහාසය හා පාරිසරික තොරතුරු වාර්තා කිරීමේ නව යුගයක් ආරම්භ කිරීමට එම සමාගම සමත්වීම සම්මානය දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතු සාධක වී තිබේ.
ඩ්‍රෝන් තාක්ෂණය ලෝකය පුරා බොහෝ කර්මාන්ත වෙනස් කරමින් පවතින අතර ශ්‍රී ලංකාවත් එයට අනුගත විය යුතුය.
කෙසේ වෙතත්, මූල්‍ය අභියෝග නිසා බොහෝ දක්ෂ සිසුන් වෘත්තීය පුහුණු වැඩසටහන් වලට ඇතුළත් විය නොහැක. මෙම ගැටලුව විසඳීමට, මෙරට ක්‍රියාත්ක බැංකු සහ මූල්‍ය සහාය සහිත ණය ක්‍රමයක් හරහා සියලුම සුදුසුකම් ලැබූ සිසුන්ට ඩ්‍රෝන් තාක්ෂණ අධ්‍යාපනය හොඳින් ලබා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් යෝග්‍ය බව එම ආයතනය ප්‍රකාශ කරයි.
(සටහන | ජේ. මුණසිංහ)




