The Leader News
BREAKING
Top Ad
පුවත්

'IMF ප්‍රතික්ෂේප කරන්නේ නැ. ලංකාවට, ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2ක්

T

The Leader Desk

December 17, 2021 • 6:25 AM

'IMF ප්‍රතික්ෂේප කරන්නේ නැ. ලංකාවට, ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ඉන්දියානු සංචාරය සියයට 100 ක් සාර්ථක වූ බවත්, ඒ අනුව ඩොලර් බිලියන 2 ක ණය පහසුකමක් (credit line) ලබා දීමට
  • වත්මන් ආණ්ඩුව කිසිම තැනක කිසිම හේතුවක් මත ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස  IMF එක ප්‍රතික්ෂේප නොකරන බවද ඔහු අවධාරණය කර සිටියි.
  • ඊයේ (15) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නුදුරේ දීම මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු ප්‍රකාශ කරනු ඇති බවයි.
  • ඒ වගේම ලෝක බැංකුව මිලියන 500 ක් ලබන අවුරුද්දේ ව්‍යාපෘති කටයුතු සඳහා ලබාදෙන්න පොරොන්දු වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව එකඟ වී ඇති බවත් අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ පවසයි.

වත්මන් ආණ්ඩුව කිසිම තැනක කිසිම හේතුවක් මත ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස  IMF එක ප්‍රතික්ෂේප නොකරන බවද ඔහු අවධාරණය කර සිටියි.

ඊයේ (15) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නුදුරේ දීම මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු ප්‍රකාශ කරනු ඇති බවයි.

''මුදල් ඇමතිතුමා මීට සති දෙකකට කලින් ඉන්දියාවේ හිටියේ. ඒ සාකච්ඡාවේ දී අපි හැමෝම දන්නවා, සාකච්ඡා කරපු වැදගත් දෙයක් තමයි credit line එක. ඒ වගේම අපි ඒක චීනය එක්කත් කතා කරනවා. ඒ වගේම ලෝක බැංකුව මිලියන 500 ක් ලබන අවුරුද්දේ ව්‍යාපෘති කටයුතු සඳහා ලබාදෙන්න පොරොන්දු වුණා. ඒ හැමෝම එක්කම අපි වැඩ කරනවා.

චීනය හා ඉන්දියාව සමඟ පැවැත්වූ සාකච්ඡා සියයට 100 ක්ම සාර්ථකයි. බිලියන 2 ක credit line එකක් පොරොන්දු වෙලා තියෙනවා ඉන්දියාව, මම මේ ඉතාම වගකීමෙන් කියන්නේ. චීනය මීට කලින් පොරොන්දු වුණු credit line එකක් තියෙනවා. ඒ credit line දෙකම දෙන්නේ ලබන අවුරුද්දේ. ඒ විතරක් නෙමෙයි ඒ credit line දෙක අපි ගන්නේ සාක්කුවේ දාගෙන ගිහිල්ලා ලබන අවුරුද්දේ ඉඳන් මියුසිකල් ෂෝ ගහන්න නෙමෙයි. තව වැඩසටහන් ගොඩකට.

එතකොට ඒ සාකච්ඡා කරගත්ත වැඩවලට තමයි අපි credit line එක ගන්නේ. ඒක බැසිල් ඇමතිතුමා මුදල් ඇමතිතුමා විදියට ඉන්දියාවට ගිහිල්ලා එද්දී තව ප්ලේන් එකක ඩොලර් බිලියන 2 දාගෙන එන්න බැහැ. ඒ දෙකම සාර්ථකයි.

ගොඩාක් වෙලාවට මහ බැංකු අධිපතිතුමා, මම මේකට එන්න කලින් එතුමාට කතා කළාම එතුමා කිව්වේ බොහෝ වෙලාවට, නත්තලට කලින් හෝ නත්තල ඉවර වෙච්ච ගමන් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා කියලා, මහ බැංකුවේ ඉන්න නිලධාරීන්, ඒ අවශ්‍ය කෙරෙන ලිපිලේඛන සකස් කරලා දුන්නාට පස්සේ, කොහොමද ලබන අවුරුද්දේ ක්‍රෙඩිට් එක හදාගෙන යන්නේ කියලා.



''ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විදියට IMF එක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ''



වත්මන් රජය ප්‍රතිපත්තියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමක් සිදුනොකරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.




''ඉතා පැහැදිලිවම කියන්න ඕනෑ, මේ ආණ්ඩුව කිසිම තැනක කිසිම හේතුවක් මත ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විදියට IMF එක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ලෝක බැංකුව එක්ක ගනුදෙනු කරන එක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු වෙනත් ද්විපාර්ශවික හා බහුපාර්ශවික සංවිධාන සමඟ ගනුදෙනු කිරීම හෝ ඔවුන්ට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ.'' -අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ



ඒවගේම අපි ඇමරිකාවට විතරයි වැඩ කරන්නේ හෝ චීනයට විතරයි වැඩ කරන්නේ හෝ ඉන්දියාවෙන් විතරයි උදව් ගන්නේ හෝ කියලා ප්‍රතිපත්තියකත් නැහැ. මම ඉතා ස්ථිරසාර ලෙස අපේ දේශපාලන කඳවුර නියෝජනය කරමින් ඔබට කියන්නට කැමතියි.''




(biz.adaderana.lk)



Leader Whats app

 

 
අගමැතිකම අසා අප්පච්චි සිහිනැතිවෙලා! | මොණරවිලගේ ලියමන
 
  
 

නාන සාර නිසා නාන සර් ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

 
2024 ගෝඨා ආයෙත් ඉල්ලනවලු !
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'IMF ප්‍රතික්ෂේප කරන්නේ නැ. ලංකාවට, ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2ක් | The Leader