The Leader News
BREAKING
Top Ad
Biz

Jetstar Asia : සිංගප්පූරුව හා ලංකාව අතර නව ගුවන් ගමනක්

T

The Leader Desk

November 21, 2024 • 3:21 PM

Jetstar Asia : සිංගප්පූරුව හා ලංකාව අතර නව ගුවන් ගමනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව
  • ඒ අනුව අද (21) උදෑසන සිංගප්පූරුවේ 'චැංගි' ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන ලදී.
  • ඒ සමඟ සංචාරක පාරදීසයක් වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැකබලා ගැනීම සඳහා අඩුම මුදලකකට සුව පහසු ගුවන් සේවාවක් ලබා දීමට Jetstar Asia කටයුතු කරනු ඇත.
  • Jetstar Asia සතු A320 ගුවන් යානා සමූහය සමඟින් සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෑම සතියකම ගුවන් ගමන් සේවා 5ක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී කටයුතු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට පත්වීමට පසුගියදා සමත් විය.

ඒ අනුව අද (21) උදෑසන සිංගප්පූරුවේ 'චැංගි' ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන ලදී.

ඒ සමඟ සංචාරක පාරදීසයක් වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැකබලා ගැනීම සඳහා අඩුම මුදලකකට සුව පහසු ගුවන් සේවාවක් ලබා දීමට Jetstar Asia කටයුතු කරනු ඇත.

Jetstar Asia සතු A320 ගුවන් යානා සමූහය සමඟින් සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෑම සතියකම ගුවන් ගමන් සේවා 5ක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී කටයුතු කර ඇත. උදෑසන සහ සවස වශයෙන් ක්‍රියාත්මක ගුවන් සේවාවන්හිදී තමන් කැමති වේලාවක් තෝරා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සලසා දී ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා වෙත පහසු විකල්පයක් ද ලබා දෙමිනි.

මඟින් සෑම වසරකම අවම ගුවන් ගාස්තු යටතේ ආසන 90,000ක් වෙන් කර ගැනීමේ හැකියාව සංචාරකයින් වෙත උදා කර දෙන Jetstar Asia සිංගප්පූරුවේ ජිවත් වන්නන්ට මෙන්ම කලාපය පුරා විසිරුණු සංචාරකයින්ටත්, ව්‍යාපාරික සංචාරකයින්ටත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් උදා කර දීමට මේ සමඟ කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Jetstar Asia හි ප්‍රධාන විධායක නිලධාරි John Simeone සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව Jetstar Asia ජාලයට එක් වූ ආකර්ෂණීය එකතු කිරීමක් බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසිය.

"සුවිශේෂී සංචාකරක ගමනානන්තයක් සොයමින් සිටින අපගේ පාරිභෝගිකයින් හට දර්ශනීය වෙරළ තීරයන්ගෙන්, සුන්දර දර්ශනයන්ගෙන්, පොහොසත් සංස්කෘතියකින් මෙන්ම ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය බවට පත්වනු ඇතැයි මම විශ්වාස කරනවා "

“ශ්‍රී ලංකාවට පහසුවෙන් සංචාරය කිරීමේ අවස්ථාව සලසාදෙන ගුවන් ගමන් හා අවම ගාස්තු පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇති අප ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමට මෙන්ම දේශීය ව්‍යාපාරයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම අග්නි දිග ආසියාව පුරා විසිරී සිටින සංචාරකයින් වෙත ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීම සඳහා අවම සංචාරක විකල්පයන් වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි.“

“මේ සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දුන් Changi ගුවන් තොටුපොල සමුහය සහ හේලීස් ඇතුලු සියලු හවුල්කරුවන්ට මාගේ ස්තුතිය පුද කර සිටිනවා.“

(adaderana)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...