The Leader News
BREAKING
Top Ad
පුවත්

LOLC කොටස්වල අසාමාන්‍ය මිල වෙනස ගැන සැකයක් ! - විමර්ශනයක් ඇරඹේ

T

The Leader Desk

July 1, 2021 • 2:05 PM

LOLC කොටස්වල අසාමාන්‍ය මිල වෙනස ගැන සැකයක් ! - විමර්ශනයක් ඇරඹේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ කොටස් වෙළෙඳපොළේ අසාමාන්‍ය කොටස් ගනුදෙනුවක් පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
  •      LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් නමැති කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමේ කොටස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව පසුගිය දින කිහිපයේ වෙළෙඳපොළ තුළ දැඩි අවධානයක් යොමුවිය.
  •     කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත අනුව ඊයේ දිනයේ මෙම සමාගමේ කොටසක් අලෙවි කර තිබුණේ, රුපියල් 618 යි සත 75 කටයි.
  •   මැයි මස අවසානය වනවිට රුපියල් 73 ක අගයක පැවති LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටසක මිල 747% කින් මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනයක සඳහන් වූයේ, කොටස් වෙළෙඳපොළ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් අයථා ගනුදෙනු සිදුවී ඇති නම් දැඩි පියවර ගන්නා බවයි.
 
  
LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් නමැති කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමේ කොටස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව පසුගිය දින කිහිපයේ වෙළෙඳපොළ තුළ දැඩි අවධානයක් යොමුවිය.
 
 
කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත අනුව ඊයේ දිනයේ මෙම සමාගමේ කොටසක් අලෙවි කර තිබුණේ, රුපියල් 618 යි සත 75 කටයි.
 
මැයි මස අවසානය වනවිට රුපියල් 73 ක අගයක පැවති LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටසක මිල 747% කින් මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබිණ.
 
නමුත් සමස්තයක් ලෙස ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඊට පෙර දින දෙකට සාපේක්ෂව පහත වැටී තිබිණ.
 
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සම්බන්ධවයි.
 
 
පසුගිය 28 වනදා කොළඹ කොටස් වෙළෙඳපොළ සිදුකර ඇති විමසීමකට අදාළව ප්‍රතිචාර දක්වමින් LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ සභාපතිවරයා දැනුම්දී ඇත්තේ මූල්‍යමය වශයෙන් සංවේදී කිසිදු තොරතුරක් සමාගම සඟවා නොමැති බවයි.
 
 
සමාගමේ වර්ෂ අවසාන ප්‍රගතිය සහ LOLC සමූහයේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන මෙලෙස අසාමාන්‍ය ලෙස කොටස් මිල වැඩි වන්නට ඇතැයි, එම ප්‍රතිචාරයේ සඳහන් ය.
 
මේ අතර LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ජනතාවට විවෘතකර ඇති කොටස් ප්‍රමාණය පිළිබඳව ද මේ වනවිට දැඩි කථාබහක් ඇතිවී තිබේ.
 
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ මුලු කොටස් ප්‍රමාණයෙන් 99.89% ක්ම එල්ඕඑල්සී සමාගම් ජාලයට අයත් වන බවයි.
 
55.55% ක කොටස් LOLC හෝල්ඩින්ග්ස් සමාගම සතු වන අතර තවත් 44.34% ක් සතුවන්නේ LOLC සමාගම් ජාලයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමටයි.
 
මේ අනුව LOLC ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළ තුළ ජනතාවට නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 0.01%කි.
 
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා නීතී රීති හා රෙගුලාසිවලට අනුව මෙතරම් සුලු කොටස් ප්‍රමාණයක් ජනතාවට විවෘත කරමින් ලැයිස්තුගත සමාගමක් පවත්වාගෙන යා හැකිද?
 
අවමය සියයට 20 කවත් කොටස් ප්‍රමාණයක් ජනතාව වෙනුවෙන් විවෘත කළ යුතු නොවේද?
 
කෙසේවෙතත් මේ කරුණු පිළිබඳව දැන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
(newsfirst.lk)
 
 
##########
THE LEADER TV 
බැසිල් ජාතිකවාදීන් චූන් කරන්න මුස්ලිම් මන්ත්‍රී පන්නයි ද? 
 
 
 
බැසිල් එන්නේ ජනපති - අගමැති ෆේල් නිසා ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

LOLC කොටස්වල අසාමාන්‍ය මිල වෙනස ගැන සැකයක් ! - විමර්ශනයක් ඇරඹේ | The Leader