The Leader News
BREAKING
Top Ad
Biz

LOLC මාලදිවයිනෙන් ලාභ ලබද්දී හේලීස් අමාරුවේ වැටෙයි: ‘අමායා කුඩාරා’ හෝටලය කුණු කොල්ලයට විකුණා රුපියල් බිලියන 7ක අලාභයක්!

T

The Leader Desk

June 2, 2026 • 8:31 AM

LOLC මාලදිවයිනෙන් ලාභ ලබද්දී හේලීස් අමාරුවේ වැටෙයි: ‘අමායා කුඩාරා’ හෝටලය කුණු කොල්ලයට විකුණා රුපියල් බිලියන 7ක අලාභයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2016 දී මිලියන 23කට ගත් සුපිරි රිසෝට් එක 2026 දී මිලියන 17කට බෝහිමියාවට දෙයි
  • ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත.
  • පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
  • හේලීස් සමූහයේ සංචාරක සන්නාමය වන ‘හේලීස් ලෙෂර්’ (හිටපු අමායා ලෙෂර්) සමාගමට අයත් මාලදිවයිනේ ‘Amaya Kudarah’ (Luxury Resort Pvt Ltd) හෝටලය ඩොලර් මිලියන 17.25ක් වැනි අඩු මිලකට විකුණා දැමීමට ඔවුන්ට සිදුව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලදිවයින හැමෝටම වාසනාව ගේන්නේ නෑ: හේලීස් ලෙෂර් ව්‍යාපාරයේ පසුබෑම පිටුපස ඇති ‘ඇතුළු පැත්ත’ මෙන්න!


ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.

හේලීස් සමූහයේ සංචාරක සන්නාමය වන ‘හේලීස් ලෙෂර්’ (හිටපු අමායා ලෙෂර්) සමාගමට අයත් මාලදිවයිනේ ‘Amaya Kudarah’ (Luxury Resort Pvt Ltd) හෝටලය ඩොලර් මිලියන 17.25ක් වැනි අඩු මිලකට විකුණා දැමීමට ඔවුන්ට සිදුව තිබේ.

වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, මීට වසර දහයකට පෙර, එනම් 2016 දී හේලීස් සමාගම මෙම ‘කුඩා රා අයිලන්ඩ් රිසෝට්’ හෝටලය මිලදී ගත්තේ ඩොලර් මිලියන 23ක් වැනි දැවැන්ත මුදලකට වීමයි. මිලදී ගත් මිලට වඩා ඩොලර් මිලියන 6කටත් වඩා අඩු මිලකට මෙය ‘Bohemia Luxury Resort’ සමාගමට විකිණීමට මැයි 16 වැනිදා ඔවුන් ගිවිසුම් ගසා ඇත.

රුපියල් බිලියන 7ක ‘පොල්ලක්’ සහ මූල්‍ය කඩාවැටීම

මෙම කුණු කොල්ලයට හෝටලය විකුණා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස හේලීස් සමූහ ව්‍යාපාරයට සිය මූල්‍ය වාර්තා තුළ රුපියල් බිලියන 6.9ක (රු. 6,900,000,000) දැවැන්ත වත්කම් හා ආයෝජන අලාභයක් (Impairment Loss) සටහන් කිරීමට සිදුව තිබේ. ඉන් රුපියල් බිලියන 2.9ක්ම හෝටලයේ කළ ආයෝජන අවප්‍රමාණය වීම් වන අතර, ඉතිරි බිලියන 2.5ක් එම අනුබද්ධ සමාගමෙන් හේලීස් මව් සමාගමට ලැබීමට තිබූ ණය මුදල්ය.

මේ නිසාම, පසුගිය මාර්තු 31 වැනිදායින් අවසන් වූ මාස 12 සඳහා හේලීස් සමූහය සිය වසා දැමූ මෙහෙයුම් (Discontinued Operations) වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 1.23ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත.

හේලීස් ගේම අකුලා ගත්තේ ඇයි?

ලංකාව ඇතුළේ හෝටල් 11ක් සාර්ථකව පාලනය කරන හේලීස් සමාගම මාලදිවයිනේදී මෙලෙස අසාර්ථක වූයේ ඇයිද යන්න ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ දැඩි තරඟකාරිත්වය, මාලදිවයිනේ ඉහළ නඩත්තු පිරිවැය සහ පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික කම්පන හමුවේ හේලීස් කළමනාකාරිත්වයට මාලදිවයින ‘සුදු අලියෙක්’ වී තිබූ බව පැහැදිලිය.

තවදුරටත් පාඩු ලබන වත්කම් කරපින්නාගෙන යනවාට වඩා, පාඩුව පිටින් හෝ ඒවා විකුණා දමා ලංකාව තුළ ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කිරීමට හේලීස් ගත් තීරණය උපායමාර්ගිකව නිවැරදි විය හැක. නමුත්, මේ හරහා පෙනී යන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීම 'බෝඩ් රූම්' වල කරන සැලසුම් තරම් ලෙහෙසි පහසු නැති බවයි.

( සටහන | බී.එස්. මුණසිංහ)

මුලාශ්‍රය :
Sri Lanka’s Hayleys to sell Maldivian subsidiary for $17.25mn

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...