The Leader News
BREAKING
Top Ad
Biz

ලංකාවේ ආර්ථිකය හතිලද්දී, ඉෂාර ලෝකයම අල්ලයි: LOLC මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 71 පනී!

T

The Leader Desk

June 2, 2026 • 4:57 AM

ලංකාවේ ආර්ථිකය හතිලද්දී, ඉෂාර ලෝකයම අල්ලයි: LOLC මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 71 පනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටවල් 27ක සල්ලි මැෂිම කැරකෙයි: ‘මයික්‍රෝ ෆයිනෑන්ස්’ වැඩ්ඩන් අප්‍රිකාවත්, මධ්‍යම ආසියාවත් යටත් කරගත් හැටි.
  • 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා LOLC හෝල්ඩින්ග්ස් නිකුත් කර ඇති නවතම වාර්තා දෙස බලන විට පෙනී යන්නේ, ඔවුන් ලංකාවේ සමාගමකට වඩා ලෝකය පුරා විසිරුණු දැවැන්ත ‘මූල්‍ය මකුළු දැලක්’ බවට පත්ව ඇති බවයි.
  • ලීටරයකින් සත ගණන් හදමින් ආණ්ඩුව දඟලද්දී, LOLC සමූහය මෙවර සිය මෙහෙයුම් කටයුතුවලින් ලැබූ ලාභය 49% කින් ඉහළ නංවා ගනිමින් රුපියල් බිලියන 71.5 ක් (රු.
  • 71,500,000,000) දක්වා වැඩිකරගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


තේ වගාවෙන් ලෝකයේම ලොක්කෙක් වෙද්දී, මාලදිවයිනේ හොටෙල් විකුණා ඩොලර් මිලියන 57ක සුපිරි කැෂ්‍ ෆ්ලෝ එකක්!


දේශීය ආර්ථිකය එකතැන පල්වෙද්දී, බදු බර සහ පොලී අනුපාත හමුවේ ලංකාවේ ව්‍යාපාරිකයන් වැලපෙද්දී, සීමා මායිම්වලින් එහාට ගොස් ලෝකයම තමන්ගේ ව්‍යාපාරික පාරාදීසයක් කරගත් "කපිතාන්වරයෙකු" සිටී. ඒ LOLC සමූහයේ නියමුවා වන ඉෂාර නානායක්කාරය.

2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා LOLC හෝල්ඩින්ග්ස් නිකුත් කර ඇති නවතම වාර්තා දෙස බලන විට පෙනී යන්නේ, ඔවුන් ලංකාවේ සමාගමකට වඩා ලෝකය පුරා විසිරුණු දැවැන්ත ‘මූල්‍ය මකුළු දැලක්’ බවට පත්ව ඇති බවයි.

ලීටරයකින් සත ගණන් හදමින් ආණ්ඩුව දඟලද්දී, LOLC සමූහය මෙවර සිය මෙහෙයුම් කටයුතුවලින් ලැබූ ලාභය 49% කින් ඉහළ නංවා ගනිමින් රුපියල් බිලියන 71.5 ක් (රු. 71,500,000,000) දක්වා වැඩිකරගෙන තිබේ.

රටවල් 21ක කැරකෙන මූල්‍ය සෙල්ලම

LOLC ව්‍යාපාරික අධිරාජ්‍යයේ ප්‍රධානතම එන්ජිම වන්නේ මූල්‍ය සේවා (Financial Services) අංශයයි. ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය (Microfinance) ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ඔවුන්, දැන් ආසියාවේ රටවල් 7ක්, මධ්‍යම ආසියාවේ රටවල් 3ක් සහ අප්‍රිකාවේ රටවල් 11ක් ඇතුළුව රටවල් 21ක මූල්‍ය වෙළඳපොළ පාලනය කරයි. මෙම ගෝලීය ව්‍යාප්තිය නිසා ලංකාවේ පවතින ආර්ථික අවදානම (Concentration Risk) මඟහරවා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

මේ හරහා මූල්‍ය සේවා අංශයෙන් පමණක් රුපියල් බිලියන 51.7 ක මෙහෙයුම් ලාභයක් උපයා ඇති අතර, ඔවුන්ගේ මූල්‍ය වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 1.36 ක් දක්වා දැවැන්ත ලෙස පුළුල් වී ඇත. මීළඟ ඉලක්කය ලතින් ඇමරිකාව බව සමාගම් ආරංචි මාර්ග පවසයි.

තේ වතු විප්ලවය සහ මාලදිවයින් ඩොලර් ගේම

ලංකාවේ වතු ක්ෂේත්‍රය පාඩු ලබන බව කියමින් වැලපෙන සාම්ප්‍රදායික මුදලාලිලාට LOLC ලබා දී ඇත්තේ සුපිරි පාඩමකි. පසුගිය වසරේ රුපියල් බිලියන 5.1 ක පාඩුවක් ලැබූ වතු සහ කෘෂිකාර්මික අංශය, මෙවර රුපියල් බිලියන 1.7 ක ලාභයක් ලබන තත්ත්වයට කරකැවීමට ඔවුන් සමත්ව ඇත. ලංකාව, කෙන්යාව, ටැන්සානියාව, රුවන්ඩාව සහ චීනය පුරා හෙක්ටයාර ලක්ෂයක වතු යායන් පාලනය කරන LOLC, වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 100ක් නිෂ්පාදනය කරමින් ලෝකයේ විශාලතම තේ නිෂ්පාදන ජාලයක හිමිකරුවා වී තිබේ.

එපමණක් නොව, මාලදිවයිනේ පිහිටි ‘Barceló Whale Lagoon’ රිසෝට් එක ඩොලර් මිලියන 57.5 කට විකුණා දැමීමට ඔවුන් ගත් තීරණය හරහා සමාගමට දැවැන්ත මුදල් ප්‍රවාහයක් (Cash Flow) ගලාගෙන විත් ඇත. ඒ සල්ලිවලින් ඔවුන් කොළඹ පෝට් සිටි (Marina Port City) ව්‍යාපෘතියට සහ ඇල්ල ප්‍රදේශයේ අලුත් සංචාරක ව්‍යාපෘතිවලට අත ගසා තිබේ.

 

LOLC හි සමස්ත වත්කම් ප්‍රමාණය දැන් රුපියල් ට්‍රිලියන 2.32 කි. කොටස්කරුවෙකුගේ ශුද්ධ වත්කම් අගය රුපියල් 822.46 දක්වා ඉහළ ගොස් ඇත. ලංකාවේ දේශපාලකයන් IMF ලණුවල හිරවෙමින්, බදු ගසමින්, රට කරවන්නේ කෙසේදැයි සිතාගත නොහැකිව ණය ඉල්ලමින් ලෝකය වටා යද්දී, ලංකාවේ පුද්ගලික අංශයේ ව්‍යවසායකයෙකු දේශීය සීමාවන්ගෙන් මිදී ලෝකය පුරා ඩොලර් උල්පත් මතුකරගන්නා ආකාරය LOLC මූල්‍ය වාර්තාවෙන් පෙන්වා දෙයි. බදු බරින් මිරිකෙන රටකට, ලෝකය දිනන ව්‍යාපාරික මොළවල වටිනාකම මෙයින් වඩාත් පැහැදිලි වේ.


( සටහන | බී.එස්. මුණසිංහ)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවේ ආර්ථිකය හතිලද්දී, ඉෂාර ලෝකයම අල්ලයි: LOLC මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 71 පනී! | The Leader