The Leader News
BREAKING
Top Ad
Biz

“Made in Sri Lanka” සහ “Brain into Business”: දේශීය ව්‍යවසායකයින් බලගැන්වීමේ ජාතික වැඩසටහන ඇරඹේ

T

The Leader Desk

December 19, 2025 • 3:38 PM

“Made in Sri Lanka” සහ “Brain into Business”: දේශීය ව්‍යවසායකයින් බලගැන්වීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ “Made in Sri Lanka” ලාංඡන ප්‍රදානය සහ
  • ඉදිරිපත් වූ ව්‍යාපාරික යෝජනා 128ක් අතුරින් වඩාත් සාර්ථක යෝජනා 47ක් මේ සඳහා තෝරාගෙන තිබේ.
  • ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන සඳහා පිරිනමනු ලබන “Made in Sri Lanka” ලාංඡනය මෙවර ව්‍යවසායකයින් 37 දෙනෙකු වෙත පිරිනැමිණි.
  • මෙම ලාංඡනය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) ලියාපදිංචි කර ඇති අතර, එය දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳ සහතිකයක් ලෙස ක්‍රියා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමේ “Brain into Business” මූල්‍ය ප්‍රදානෝත්සවය අද (19) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි.

තරුණ නවෝත්පාදකයින්ට ව්‍යාපාරික අත්වැලක්

රාජ්‍ය විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වන “Brain into Business” වැඩසටහන හරහා මෙවර විශ්වවිද්‍යාල සිසුන් 37 දෙනෙකුට සහ වෘත්තීය පුහුණු අභ්‍යාසලාභීන් 10 දෙනෙකුට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍යධාර පිරිනමන ලදී.

ඉදිරිපත් වූ ව්‍යාපාරික යෝජනා 128ක් අතුරින් වඩාත් සාර්ථක යෝජනා 47ක් මේ සඳහා තෝරාගෙන තිබේ. ප්‍රමිතිගත දේශීය නිෂ්පාදන සඳහා පිරිනමනු ලබන “Made in Sri Lanka” ලාංඡනය මෙවර ව්‍යවසායකයින් 37 දෙනෙකු වෙත පිරිනැමිණි.

මෙම ලාංඡනය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) ලියාපදිංචි කර ඇති අතර, එය දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳ සහතිකයක් ලෙස ක්‍රියා කරයි. මෙය දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට ව්‍යවසායකයින්ට මනා පිටුවහලක් වනු ඇත.

ආර්ථික ඉලක්කයට කඩිනමින් ජයග්‍රහණය 

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  ප්‍රකාශ කළේ, ලාංකික තරුණ ව්‍යාපාරික පරම්පරාව මෙරට ආර්ථික ඉලක්ක කඩිනමින් ජයග්‍රහණය කරනු ඇති බවයි. වත්මන් රජය විසින් රට තුළ මුදල් සංසරණය වැඩි කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය දිරිමත් වී සමස්ත ආර්ථික වර්ධනය ඉහළ ගොස් ඇති බවත්, රට වෙනුවෙන් නිපදවීම සෑම සැබෑ ව්‍යවසායකයෙකුගේම අරමුණ විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහෙලගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.


002025 Brain into Business 10

002025 Brain into Business 9

002025 Brain into Business 8

002025 Brain into Business 7

002025 Brain into Business 1

002025 Brain into Business 6

002025 Brain into Business 5

002025 Brain into Business 4

002025 Brain into Business 3

002025 Brain into Business 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...