The Leader News
BREAKING
Top Ad
Biz

Majestic Pride Casino කොළඹ නෙළුම් කුලුනට එයි

T

The Leader Desk

August 9, 2024 • 5:03 AM

Majestic Pride Casino කොළඹ නෙළුම් කුලුනට එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව තුළ Majestic Pride Casino ස්ථාපිත කිරීම වෙනුවෙන් Golden Island Hospitality (පුද්) සමාගම සහ ඉන්දියාවේ ප්‍රමුඛතම සූදු ක්‍රීඩා සමාගම් සමූහයක් වන Majestic Group Hotels & Casinos සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
  • මෙම ව්‍යාපාර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 17(2) වගන්තිය යටතේ 2024 අගෝස්තු 01 වැනි දින Golden Island Hospitality Private Limited හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් ද අත්සන් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අනුව ලොව ඉහළ මට්ටමේ සූදු ක්‍රීඩා අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Majestic Pride Casino මධ්‍යස්ථානය කොළඹ අගනගරයේ නෙළුම් කුලුන පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ M/S Golden Island Hospitality පුද්ගලික සමාගමට කැසිනෝ ව්‍යාපාර බලපත්‍රයක් ලබා දී ඇත. 

මීට අදාළ සියලු ගිවිසුම් කටයුතු පසුගිය ජූලි 04 දින අවසන් කිරීමත් සමඟම මෙරට සූදු ක්‍රීඩා ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක් ආරම්භ කිරීමට Majestic Pride Casino සැදී පැහැදී සිටී.

මෙම ව්‍යාපාර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 17(2) වගන්තිය යටතේ 2024 අගෝස්තු 01 වැනි දින Golden Island Hospitality Private Limited හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් ද අත්සන් කරන ලදී.

(adaderana.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...