The Leader News
BREAKING
Top Ad
Biz

Make in SL තවත් ව්‍යාපෘතියක් | ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

T

The Leader Desk

November 11, 2025 • 3:22 PM

Make in SL තවත් ව්‍යාපෘතියක් | ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති ගේ
  • 2011 වසරේදී රජයේ පාලනය යටතට පත්වූ ලංකා සීනි සමාගම වසර 11 කට පසුව මෙලෙස තම අළෙවි ජාලය ආරම්භ කිරීම විශේෂත්වයයි.
  • මෙලෙස ස්ථාවර ගමන් මඟකට අවතීර්ණ වී සිටින ලංකා සීනි සමාගම, ජනවාරි 1 දා සිට ව්‍යවස්ථාපිත ගෙවීම්වලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද හදුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
  • අද දින මෙලෙස ආරම්භකරණ ලද ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් උසස් දේශීයව නිෂ්පාදිත දුඹුරු සිනි අඩුමිලට ලබාදීමට හැකියාව ලැබෙන අතර උක් ගොවි පවුල් දෙලක්ෂ පනස්දහසක්  ශක්තිමත් කිරීමද අවස්ථාව උදාවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධානත්වයෙන් අද (11)  නුගේගොඩදී ආරම්භ කළේය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්ත්වයෙන් ඉහළ  දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව ඉතිහාසයේ පළමුවරට තම අලෙවි ජාලය මෙලෙස  ආරම්භ කර තිබේ.

2011 වසරේදී රජයේ පාලනය යටතට පත්වූ ලංකා සීනි සමාගම වසර 11 කට පසුව මෙලෙස තම අළෙවි ජාලය ආරම්භ කිරීම විශේෂත්වයයි.


ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ උපදෙස් හා  අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ සංකල්පයක් මත ක්‍රියාත්මක Make in Sri Lanka ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ද ආරම්භ කර ඇත. 


මෙහිදී අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති පසුගිය කාලයේ පැල්වත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා අයත් ලංකා සීනි සමාගම වසා දමා පෞද්ගලික අංශය වෙත විකිණීමේ සැලසුමක් පවතින බවට අසත්‍ය ප්‍රචාර රැසක් ක්‍රියාත්මක වූ බවත් එම අසත්‍ය ප්‍රකාශ සඳහා නිවැරදිම පිළිතුර නිවැරදි වේලාවේදී ලබාදෙමින් ලංකා සීනි සමාගම වසර 14 කට පසුව තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව ලංකා සීනි සමාගමේ කාර්ය මණ්ඩලයට හා සියළු උක් ගොවියන්ට තම කෘතඥතාවය පළ කරන බවත් පැවසීය.

මෙලෙස ස්ථාවර ගමන් මඟකට අවතීර්ණ වී සිටින ලංකා සීනි සමාගම, ජනවාරි 1 දා සිට ව්‍යවස්ථාපිත ගෙවීම්වලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද හදුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

අද දින මෙලෙස ආරම්භකරණ ලද ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් පාරිභෝගිකයන්ට තත්ත්වයෙන් උසස් දේශීයව නිෂ්පාදිත දුඹුරු සිනි අඩුමිලට ලබාදීමට හැකියාව ලැබෙන අතර උක් ගොවි පවුල් දෙලක්ෂ පනස්දහසක්  ශක්තිමත් කිරීමද අවස්ථාව උදාවෙයි.

 නුගේගොඩ නාවල පාරේ පිහිටි දුඹුරු සීනි තොග හා සිල්ලර අලෙවි සැල මගින් උක් බීම, හකුරු, උක්පැණි ආදී ලෙස විවිධාංගිකරණය කරන ලද නිෂ්පාදන පෙළක්ද පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සීනි සමාගම සැලසුම් කර තිබේ.

මෙම අළෙවි ජාලය ආරම්භකිරීමේ අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය R.M. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය දේශපාලන අධිකාරීයේ නියෝජිතයින්, කර්මාන්ත  සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා සීනි සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රෙස්කර ඇතුළු ලංකා සීනි සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(සටහන | ජේ. මුණසිංහ)

xfgte4543

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...