The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ 'මූල්‍ය වංචාව' පිළිබඳ කරුණු විමසයි

T

The Leader Desk

April 9, 2026 • 3:54 PM

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ 'මූල්‍ය වංචාව' පිළිබඳ කරුණු විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2026 අප්‍රේල් 07 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතීත්වයෙන් රැස්විය.
  • NDB බැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය.
  • මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් දැනට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.
  • අවශ්‍ය තොරතුරු රැස් කළ පසු හැකි ඉක්මනින් මහ බැංකුව, කාරක සභාවට මේ සම්බන්ධව වාර්තා කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):



ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික අවශ්‍යතා අනුව මාස හතරකට වරක් පාර්ලිමේන්තුවේ පෙනි සිටිය යුතු අතර ඒ අනුව  ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ නිශාන්ත ජයවීර ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  ද මෙම රැස්වීමට සහභාගී වූහ.

NDB බැංකුවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ මෙහිදී කාරක සභාවේ අවධානය යොමුවිය. මෙම  ගැටලුවේ බරපතලකම සහ මේ සඳහා කඩිනමින් කාරක සභාවේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් දැනට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා කාරක සභාවට දැනුම් දුන්නේය. අවශ්‍ය තොරතුරු රැස් කළ පසු හැකි ඉක්මනින් මහ බැංකුව, කාරක සභාවට මේ සම්බන්ධව වාර්තා කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

මෙම සිදුවීමට සම්බන්ධ  බැංකුවේ ආයතනික පාලනයේ සැලකිය යුතු අඩුපාඩු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තු මගින් සිදුකළ යුතු අධීක්ෂණයේ අඩුපාඩු සහ  තොරතුරු වාර්තා කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව කාරක සභාවට නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳව කාරක සභාවේ දැඩි අවධානය යොමු විය.

එවැනි අඩුපාඩු පිළිගත නොහැකි බව කාරක සභාව අවධාරණය කළ අතර එම තත්ත්වයන් වහාම නිවැරදි කිරීමට පියවර ගත යුතු බවට උපදෙස් ලබාදීම සිදුවිය.

මෙම කාරණය සමීපව නිරීක්ෂණය කිරීම අඛණ්ඩව සිදුකරන බවත්, පූර්ණ වගවීම, විනිවිදභාවය සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සහ සහතික කිරීම සඳහා අධීක්ෂණ කටයුතු සිදුකරන බවත් කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
000HDB 1

000HDB 2000HDB 3000HDB

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...