The Leader News
BREAKING
Top Ad
පුවත්

NSBM සරසවිය අසල රිය අනතුරක් - තොරතුරු වසන් කිරීමට බලපෑම්?

T

The Leader Desk

December 7, 2024 • 3:39 AM

  NSBM සරසවිය අසල රිය අනතුරක් - තොරතුරු වසන් කිරීමට බලපෑම්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය බ්‍රහස්පතින්දා (05) දින NSBM සරසවිය අසලදී අනාරක්ෂිතව, අධික වේගයෙන් ධාවනය කෙරූ සුඛෝපබෝගී රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
  • මෙම අවස්ථාවෙදී සුඛෝපබෝගී රථය ධාවනය කෙරූ එම සරසවියේම සිසුවා සහ ඔහුගේ සගයා අනතුර සිදුවූ විගස එම සුඛෝපබෝගී රථයේ ලියාපදිංචි තහඩු ඉවත් කරගැනීමටද ඔවුන් කටයුතු කර තිබුණා.
  • ප්‍රදේශවාසීන්ගේ මෙම චෝදනා පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ, මෙම සරසවිය අසල නිතරන්තරයෙන් අනතුරු සිදුවන අතර, ඒවා පිළිබඳව නිසි ආකාරයෙන් මාධ්‍යයවල වාර්තා වී නැති බවයි.
  • සරසවියේ කීර්තිනාමය රැකගැනීමට අනීතික බලපෑම් කිරීම විනා මෙම සිදුවීම් වැලකීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අවධාරණය කරන අතර, මේ පිළිබඳව නිසි ආකාරයෙන් නීතිමය කටයුතු සිදුවේදැයි අවධානයෙන් පසුවීමත් ඉතා වැදගත් බව සටහන් කල යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි එම සරසවියේම සිසුවියන් දෙදෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා.

අනතුර අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ බැටරිය හානියට ලක්වීමෙන් කාන්දු වූ අම්ල විසිවීමෙන්, ත්‍රීරෝද රථයේ රියදුරුගේ ඇස් වලට බරපතල හානිද, සිසුවියන් දෙදෙනාට පිලිස්සුම් තුවාලද සිදු වී තිබුණා.

මෙම අවස්ථාවෙදී සුඛෝපබෝගී රථය ධාවනය කෙරූ එම සරසවියේම සිසුවා සහ ඔහුගේ සගයා අනතුර සිදුවූ විගස එම සුඛෝපබෝගී රථයේ ලියාපදිංචි තහඩු ඉවත් කරගැනීමටද ඔවුන් කටයුතු කර තිබුණා.

මෙම සරසවිය අසල මෙවැනි අනතුරු හා කෝලහාල සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බවත්, එම අවස්ථාවලදී සරසවියේ ඍජු මැදිහත් වීමෙන් මෙම සිදුවීම් වලට අදාල තොරතුරු වසන් කිරීමටත්, ඇසින් දුටු පුද්ගයන්ට බලපෑම් කිරීමත් සිදුවන බව, ප්‍රදේශවාසීන් මහත් කනස්සල්ලෙන් ප්‍රකාශ කර සිටියා.

ප්‍රදේශවාසීන්ගේ මෙම චෝදනා පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ, මෙම සරසවිය අසල නිතරන්තරයෙන් අනතුරු සිදුවන අතර, ඒවා පිළිබඳව නිසි ආකාරයෙන් මාධ්‍යයවල වාර්තා වී නැති බවයි.

සරසවියේ කීර්තිනාමය රැකගැනීමට අනීතික බලපෑම් කිරීම විනා මෙම සිදුවීම් වැලකීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අවධාරණය කරන අතර, මේ පිළිබඳව නිසි ආකාරයෙන් නීතිමය කටයුතු සිදුවේදැයි අවධානයෙන් පසුවීමත් ඉතා වැදගත් බව සටහන් කල යුතුය.
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

NSBM සරසවිය අසල රිය අනතුරක් - තොරතුරු වසන් කිරීමට බලපෑම්? | The Leader