The Leader News
BREAKING
Top Ad
Biz

NSBM හරිත සරසවියේ 2026 මැයි උපාධි කණ්ඩායම සඳහා නව සිසුන් ලියාපදිංචිය ඇරඹුණා !

T

The Leader Desk

April 28, 2026 • 7:43 AM

NSBM හරිත සරසවියේ 2026 මැයි උපාධි කණ්ඩායම සඳහා නව සිසුන් ලියාපදිංචිය ඇරඹුණා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත්දා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිපල ලද සිසුන්ට වඩාත් ඉක්මනින් උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට අවකාශය ලබාදෙමින් NSBM හරිත සරසවියේ 2026 මැයි කණ්ඩායම සඳහා ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර ඇත.
  •   මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි.
  •   ලියාපදිංචි වීමට අපේක්ෂිත සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමටත්, පාඨමාලා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් කදිම අවස්ථාවක් සලසමින් මැයි මස 08, 09 සහ 10 යන දිනයන්හි "NSBM Open Day" පැවැත්වීමට නියමිතය.
  • එම දිනයන්ට සහභාගී වන සිසුන්ට සරසවියේ ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය හමුවී වෘත්තීය උපදේශනය ලබාගැනීමටත්, තමන්ට ගැලපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමටත් පහසුකම් සලසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ හරහා සිසුන්ට තවදුරටත් ප්‍රමාද නොවී ඔවුන්ගේ උසස් අධ්‍යාපන අරමුණු කරා ලඟා වීමට අවස්ථාව හිමි වේ.
 
මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂදවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරාගත හැක.
එම උපාධි අතුරින් සිසුන්ට NSBM හරිත සරසවිය මඟින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ University of Plymouth, ඕස්ට්‍රේලියාවේ Victoria University, ඕස්ට්‍රේලියාවේ Southern Cross University සහ ඇමරිකා එක්සත් American University අනුබද්ධව පිරිනමන උපාධි සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ.
 
ලියාපදිංචි වීමට අපේක්ෂිත සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සරසවි පරිශ්‍රය දැකබලා ගැනීමටත්, පාඨමාලා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් කදිම අවස්ථාවක් සලසමින් මැයි මස 08, 09 සහ 10 යන දිනයන්හි "NSBM Open Day" පැවැත්වීමට නියමිතය. එම දිනයන්ට සහභාගී වන සිසුන්ට සරසවියේ ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය හමුවී වෘත්තීය උපදේශනය ලබාගැනීමටත්, තමන්ට ගැලපෙන උපාධිය තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමටත් පහසුකම් සලසා ඇත. මීට අමතරව, NSBM සිසුන්ගේ නිර්මාණශීලී ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් ඉදිරිපත් කරන විවිධ අංගයන්ගෙන් ද මෙම දින කිහිපය වර්ණවත් වනු ඇත.
 
වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) හරහා ලබා ගත හැකිය.
nsbm 1
 NSBM 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...