The Leader News
BREAKING
Top Ad
Biz

Onmax DT: තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ගැන අධිකරණ තීන්දුවක් !

T

The Leader Desk

May 2, 2024 • 11:59 AM

Onmax DT: තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ගැන අධිකරණ තීන්දුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ආයතනය තැන්පත්කරුවන්ගෙන් ලබා ගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 100 කට අධිකය
  •   ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මුදල් ආයෝජන ක්‍රමය පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ   පැමිණිලි 345 ක්..
  • මේ ගැන විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි 345 පමණ ලැබී තිබෙන බව සඳහන් කළහ.
  • ඊට අමතරව සිද්ධියට පුද්ගලයින් ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ගෙන් හය දෙනෙකු විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (මැයි 02 වැනිදා) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදා හැර සිටින ඔන් මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරු හතර දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදා හැර සිටින ඔන් මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරු හතර දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 

central bank

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මුදල් ආයෝජන ක්‍රමය පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ

 

පැමිණිලි 345 ක්..

මේ ගැන විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි 345 පමණ ලැබී තිබෙන බව සඳහන් කළහ.

ඊට අමතරව සිද්ධියට පුද්ගලයින් ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ගෙන් හය දෙනෙකු විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ පුද්ගලයින් හය දෙනා විදේශගතවීම වළක්වාලමින් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර අධ්‍යක්ෂවරයකුගේ භාරයේ තිබී ඕන් මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළ ලේඛන සොයාගෙන තිබෙන බවත් ඒවා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමද පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන රජයේ සැක කටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරු අමතා අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාවක් තිබේදැයි විමසුවේය.

vbdf
මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකි ද?

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරු අමතා අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාවක් තිබේදැයි විමසුවේය.

ඊට පිළිතුරු දුන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ යන සඳහන් කර සිටියේ තම සේවා දායකයින්ට අයත් බැංකු ගිණුම්, නිශ්චල හා චංචල දේපළ සියල්ල අධිකරණය විසින් තහනමට ලක් කොට ඇති නිසා එම මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ය.

අදාළ තහනම ඉවත් කරන්නේ නම් මාස හයක් තුළ සියලු තැන්පතු මුදල් ආපසු ගෙවීමට හැකියාව තිබෙන බවත් විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්නහ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයට දැනුම් දුන්නේ අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ විදිමත් සැලැස්මක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

එම මුදල් ආපසු ගෙවීමේ සැලැස්ම අධ්‍යයනය කොට එය ක්‍රියාත්මක කළ හැකි මට්ටමක පවතින්නේ නම් මහ බකුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දැනට පනවා තිබෙන බැංකු ගිණුම් හා දේපළ සම්බන්ධ තහනම ඉවත් කිරීමට තිබෙන හැකියාව සොයා බලන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

(BBC සිංහල සේවය)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...